අලි කෙන්දක් ළඟ තබාගත් මස්කෙළිය බ්‍රවුන්ලෝ වත්තේ ආරුමුගම් පුෂ්පකුමාර් (23) ට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් විසි දහසක දඩ නියම කර අලි කෙන්ද රාජ සන්තක කළේය.
මස්කෙළියේ පුද්ගලයකුට විකිණීම සඳහා මෙම අලි කෙන්ද ගෙන යමින් සිටියදී පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි කෙන්දක් හොරකම් කරලා වැඩක් නැහැ අලියෙක් හොරකම් කරන්න එතකොට නඩුත් නැහැ දඩත් නැහැ .දන්නේ නැද්ද මේක සිරි ලංකාව (අ)
පුදුම රටක්නෙ අලි කෙන්දක්වත් ඇගේ තියෙන්න බැරි. (අ)
පුදුම වැඩක්නේ අලිකෙන්දටත් දඩ ගහනවා ද,මගේ මුද්දේ අලි කෙඳි දෙකක් තියනවා ,මොනවා වෙයි ද දන්නේ නැහැ.පසුගිය කාලේ අලි පැටව් තියා ගත්ත අයට කිසි ප්‍රශ්නයක් නැහැ.(අ)
ඕකට කියන්නේ කෙන්ද කන්ද කරනවා කියල(අ)
ඔය කෙන්ද රත්තරන් හංගන තැන හැංගුව නම් පොලිසියෙන් අල්ලනවා බොරු (අ)
තිලක්,මෙච්චර අලි ඉන්න රටේ අලි කෙඳි මොනවට තියන් ඉදලද?එ්කනේ දඩ ගහල තියෙන්නේ.අර ඉන්දික ගමගේ කීව වගේ හොරෙන් අලි පැටවෙක් තියාගත්තනම් දඩ ගහන්නේ නැහැ. (අ)
මේ අලියට කකුල් දෙකද? (අ)
අලි කෙඳි ලඟ තියාගන්නවා කියන්නේ කොච්චර බරපතල වැරද්දක්ද? ඔන්න නැති බැරි කමට කුඩු කන්ටේනර් එකක් දෙකක් ගේනවා වගේද? (ස)
අලි කෙඳි ලොකු මුදලකට විකිණිය හැක්කේ ඉල්ලීමක් තිබෙන නිසා , සමහරු පන පිටින් සිටිනා අලින්ගේ වලිගය පිටින් මේ පසුගිය දිනක ලංකාවේ කපනවා.(හේ)
මේකට මරණ දඬුවම ගෙන්න ඕනෑමයි. මේ භයානක අපරාධ වහාම ලක් පොළොවෙන් තුරන් නොකලොත් අපි විනාශයි. (ස)
අලි පිටින් හොරකන් කරන්න පුළුවන් රටේ අලි කෙන්දක් හොයාගෙන නඩු දාල දඩ ගහනවා. (ස)
ලංකාවේ පොලිසියේ වැඩ ඔහොම තමයි. පොඩි වරදකට දැඩි දඬුවම්.(හේ)
අම්මෝ! බලනකොට මේක කොච්චර ලොකු වරදක්ද? (නි)
ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා.(හේ)
අලි කෙන්දට මෙහෙම නම් කුඩු කන්දක් හමුවුණා නම් කොහොමට තියෙයිද? (නි)
අලි කෙන්දකට ඔච්චර දඩ ගහන්නේ කෙන්ද ගන්නේ අලියා ජීවිතක්ෂයට පත්කර නිසාද? (නි)
අලියෙකුගේ ඇඟේ කෙඳි කීයක් තියෙනවද කියලයි මම මේ කල්පනා කළේ. දාහක් විතර? කෙන්දට විසිදාහ ගණනේ බැලුවත් අලියෙක් කෝටි දෙකක් විතර වෙනවනේ! අලි මරන පවුකාරයින්ට මොකක්ද දෙන දඬුවම? (නි)
අලි කෙන්දට මෙහෙම නම් අලියෙක් මැරුවොත් මොනතරම් ලොකු අපරාධයක් වෙයිද? (නි)
අලි කෙන්දක් ළඟ තියාගත්තට රුපියල් 20,000.00 ක් නම් අලි පැටවු පිටින් හොරකම් කරලා ළඟ තබාගත් අයට?? (නි)
අර අලි හොරම් කරන මහරගම හාමුදුරුවන්ට මේ නඩුකාරයා මොනවා කරාවිද ? ඒ මනුස්සය අලි කෙන්ද අහුලන්න ඇති . මෙහෙම දේවල් වුනහම මිනිස්සු නීතිය ගැන කල කිරෙනවා .මොකද යුක්තිය පසින්දලනකොට එක කරනවා වගේම යුක්තිය පසිඳලීම ගැන මිනිසුන් අතරේ විස්වාසය ගොඩනැගෙන විදියට කරන්න වෙනවා.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හමුදුරුවන්ගේද මන්ද. (ස)
අලියව මරල කෙඳි ගත්තට වැඩක් නෑ. අලි කෙඳි වටින්නේ අලියා ජීවතුන් අතර ඉන්නකන් විතරයි කියල මම අහල තියනවා. ජීවතුන් අතර ඉන්න අලියාගේ වලිගෙන් ගලවගත්ත කෙඳි තමයි ගන්නේ. සල්ලිවලට ගන්න ගියාම අලියා ජීවතුන් අතරද කියල දන්නේ නැනේ.. කොහොම උනත් ඕව මිත්‍යා මත..(දිල්)
අලි කෙන්දකටද නැත්තම් අලි නැට්ටකටද දඩ ගහල තියෙන්නේ. (ස)
අලි කෙඳි තියන්නේ අලියාගේ නැට්ටේ විතරයි. (ස)
අලි කෙන්දක් මගේ ලඟත් තිබුණා. ඉස්සර අපේ වත්තට වන අලි එනවා කෙසෙල් පොල් කන්න. එතකොට උන්ගේ වලිගය කටුකම්බි වැටේ පැටලී අලි කෙඳි 2 ක් තිබුණා. හැබැයි අලියා මරල නෙවෙයි ඒවා ගත්තේ. අලියා අදවන තුරු දන්නෙත් නැහැ ඒ ගැන. මටත් 40,000 දඩ ගහයිද? (ස)
අලි කෙන්ද විකිණීමට අරන් ගිය වාහනේ රාජසන්තක කළාද? (දිල්)
අද සියලු දේ විහිළුවක් බවට පත්වී හමාරයි. මන්දයත් ලෞකික අධ්‍යාපනයේ තරම, සාමාන්‍ය දැනුම හා දේශපාලනිකරණය. කවදා සාධාරණයක් ඉෂ්ට වේවිද? විටෙක නැවත යටත් විජිතයට ගියා නම් හොඳයි වගේ. (ස)
දාන්න ඕන හිරේ ජීවිතාන්තය දක්වා ඕවා කරන අනිත් අයට උන ගැනෙන්න. (ස)