එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කාලාන්තරයක් තිස්සේ බාධාවක්ව සිරිකොත මන්දිරයේ තිබු ලොකුම කොඩිවිනය වූ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂය හැර යමින් ආණ්ඩුවට එක්වීම එජාපයට කළ ලොකුම උපකාරය බව ලන්ඩනයේ එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතා පවසයි. මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජික හමුවකදී ඔහු එසේ කීවේය.
ජනවාරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයින්ගේ කාර්ය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි. තිස්ස අත්තනායක පක්ෂයේ උන්නතියට හා ජයග්‍රහණය ට කටයුතු කරනවාට වඩා පක්ෂයේ හානියට හා විනාශයට හේතුවන ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහුගේ නික්ම යෑම " කියලවත් කර ගන්න බැරි වැඩක්" බවත් ඔහු කීවේය. මුදලට නොගිය බව ඔහු කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නිකරුණේ සල්ලි කන්දරාවක් යට කැර ඇතැයිද ඔහු කීය.
කිසිම ඡන්ද පදනමක් නැති අත්තනායක මහතා අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක් වත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් ගිරවෙකු වගේ ඔහේ කියව කියවා සිටියා පමණක් බවත් කපුකොටුව මහතා පැවසිය.
ඔහු ආණ්ඩුවට එක් වනවිට බස්නාහිර පළාත් සභාවේ වැඩිම මනාපයෙන් පිදුම් ලබපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු විපක්ෂයට එක්වූ බව පැවසු කපුකොටුව මහතා එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයිට තිස්ස අත්තනායක මහතා ඔහුගේ පුද්ගලික හිත මිතුරු කම් උඩ හා පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අටියෙන් එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාව දෙකඩ කිරීමට කටයුතු කළ බවත් කීවේය.
(ඡායාරුපය: පසුගියදා එංගලන්තයට පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය පවුම් 5000ක (රුපියල්- 1045000) චෙක් පතක් පිරිනැමේ. වමේ සිට: සාගල රත්නායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව, පක්ෂ ආරම්භක සාමාජික හා ලේකම් අසාහිම් මොහොමඩ් )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කතාව (නි)
අද දේශපාලන හතුරන් හෙට යලි මිතුරු වේවි. (ර)
බලමුකෝ කවුද කොඩිවිනේ කියලා ඡන්දෙට පස්සේ දවසේ.(හේ)
ඇත්ත ,ඇත්ත. කොඩිවිනකාරයෝ කොහොමත් චුතවෙන එක හොඳයි. (නි)
මසුරන් කතාව. යුඑන්පි මන්ත්‍රීවරුන් කී දෙනෙක් ආණ්ඩුවට ගියා ද.වැඩි දෙනෙක් ගියේ තිස්ස අත්තනයක නිසා,ඔහු තව හිටිආ නම් මෙසැරෙත් මෛත්‍රී මහත්තය පරදිනව.(අ)
ඇත්තම කතාව පළකිරීම ගැන සතුටුයි. (නි)
ශ්රී ලංකා එකටත් ඒකම වෙන්න ඇති වුණේ. කොඩිවින ඔක්කොම කැපිලා තියෙන්නේ (නි)
කපුකොටුව මහතා කියන සත්‍ය ශ්‍රී ලංකාවේ සිටින සෑම පාක්ෂිකයෙක්ම දන්නවා (නි)
තිස්ස ගියා. ඒ වෙනුවට ලබාගත්තේ කුමක්ද? ඔන්න බලන්නකෝ තව ටික දවසකින් ආණ්ඩුවට එකතුවෙන්නේ කවුද කියලා. (නි)
කොහොමත් කොඩිවින තියා ගන්න හොද නැහැ. (අ)
ලොකුම කොඩි විනේ කවුද කියලා මුළු රටම දන්නවා.(හේ)
එහෙම කියන්නත් එපා.(හේ)
අනේ මන්දා කොදිවිනයක් නම් අැයි එතුමාව අවුරුදු නවයක්ම මහලේකම් තනතුරේ තියන් හිටියේ .(හේ)
ඒ කියන්නේ මේ තරම් කාලයක් මහා ලේකම් වෙලා හිටියේ ඡන්දයක් ගන්න බැරි කෙනෙක්ද?(හේ)
එහෙනම් මෙච්චර කාලයක් මහ ලේකම් කරලා තියා ගත්තෙ මොකටද? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනනේ (දිල්)
අපි ඇත්ත කතා කරමු. (නි)
හැමෝම ඔය කතාවමයි කියන්නේ. (ර)
එහෙම කියන්න එපා (දී)
අද දේශපාලන හතුරන් හෙට යලි මිතුරු වේවි. කවුරු දිනුවත් ජනතාව පරාද බව සියලු දෙනාම මතක තබාගන්න.(හේ)
කොඩිවිනය කැපුවට වැඩක් නැහැ. භූමිපාලු ගොඩක් තියෙනවා (නි)
මමත් නුවර තිස්සට ඡන්ද පදනමක් නම් නැහැ තමයි..එ්ක පිළිගන්න වෙනවා (බ)
සම්පූර්ණ ඇත්ත.දැන් යුඑම්පී එක ගොඩ.(හේ)
තව මොනවා බලන්නද ?(හේ)
මේ වගේමයි ගිය පාර ෆොන්සේකා ඉල්ලන කොටත් කට්ටිය කෑ ගැහුවේ (බ)
සහතික ඇත්ත. (නි)
විශිෂ්ටයි! (නි)
ආණ්ඩු බලය නැතිවත් ලන්ඩන් වල එජාප සාමාජිකයෝ විශාල වැඩ කොටසක් කරනවා. උගත්, බුද්ධිමත්, දක්ෂ විශාල සාමාජික පිරිසකුත් ඉන්නවා. ඒකට ශ්‍රීලනිපය. බොරු කියනවා ලැජ්ජයි. (බ)
අපේ සුභපැතුම්. (ර)
සම්පුරණ ඇත්ත, පක්ෂයට කරපු ලොකුම උපකාරය. (ර)
මසුරන් කතාව (බ)
කිතුල් ගහේ ගිය මිනිහගේ කතාව මතක් වෙනවා. (නදී)
කපුකොටුව ගැන උඩරට අපි දන්නවා. (නදී)
එකද මහලේකම් තනතුර දුන්නේ?(හේ)
ඔව් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු (නදී)
මෙයින් අනාත වෙන්නේ අහිසක ඡන්දදායකයායි (නදී)
තිස්ස, ගියාට සතුටුයි. ඒ වගේ තව දෙතුන් දෙනෙක් ඉන්නවා යන්න. ඒ අයත් ගිය දවසට පක්ෂයට හොඳ කලක් යාවි. (ර)
දිනේෂ් කපුකොටුව මහතාගේ කතාව සහතික ඇත්ත. ජය වේවා! (නි)
රනිල් මහත්තයෝ, දැන් හරි වෙලාව. තව අය ඉන්නවා යවන්න. (නි)
මේ ගොල්ලන්ට මතක නැතුව ඇති යු.එන් පී. යෙ නායකයෝ හැමෝම ආසන පරාද බව. (නි)
පෙරලුන පිට හොඳයි කියමු (නි)