IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අලි කොඩි විනේ කැපුණා‘

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කාලාන්තරයක් තිස්සේ බාධාවක්ව සිරිකොත මන්දිරයේ තිබු ලොකුම කොඩිවිනය වූ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂය හැර යමින් ආණ්ඩුවට එක්වීම එජාපයට කළ ලොකුම උපකාරය බව ලන්ඩනයේ  එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතා පවසයි. මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජික හමුවකදී ඔහු එසේ කීවේය.


ජනවාරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී  මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයින්ගේ කාර්ය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි. තිස්ස අත්තනායක පක්ෂයේ උන්නතියට හා ජයග්‍රහණය ට කටයුතු කරනවාට වඩා පක්ෂයේ හානියට හා විනාශයට හේතුවන ආකාරයෙන් කටයුතු කළ බවත් ඔහුගේ නික්ම යෑම  " කියලවත් කර ගන්න බැරි වැඩක්" බවත් ඔහු කීවේය. මුදලට නොගිය බව ඔහු කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නිකරුණේ සල්ලි කන්දරාවක් යට කැර ඇතැයිද ඔහු කීය.

කිසිම ඡන්ද පදනමක් නැති අත්තනායක මහතා අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක් වත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් ගිරවෙකු වගේ ඔහේ කියව කියවා සිටියා පමණක් බවත් කපුකොටුව මහතා පැවසිය. 

ඔහු ආණ්ඩුවට එක් වනවිට බස්නාහිර පළාත් සභාවේ වැඩිම මනාපයෙන් පිදුම් ලබපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු විපක්ෂයට එක්වූ බව පැවසු කපුකොටුව මහතා එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සාමාජිකයිට තිස්ස අත්තනායක මහතා ඔහුගේ පුද්ගලික හිත මිතුරු කම් උඩ හා පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අටියෙන් එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාව දෙකඩ කිරීමට කටයුතු කළ බවත් කීවේය.


(ඡායාරුපය: පසුගියදා එංගලන්තයට පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය පවුම් 5000ක (රුපියල්- 1045000) චෙක් පතක් පිරිනැමේ. වමේ සිට: සාගල රත්නායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ,  එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව, පක්ෂ ආරම්භක සාමාජික හා ලේකම් අසාහිම් මොහොමඩ් )

Dinesh-Kapukotuwa

 



අදහස් (0)

‘අලි කොඩි විනේ කැපුණා‘

යසපාල Thursday, 11 December 2014 07:53 AM

නියම කතාව (නි)

:       0       0

වික්‍රමසිංහ Thursday, 11 December 2014 12:14 PM

අද දේශපාලන හතුරන් හෙට යලි මිතුරු වේවි. (ර)

:       0       0

ලලිත් Thursday, 11 December 2014 06:13 AM

බලමුකෝ කවුද කොඩිවිනේ කියලා ඡන්දෙට පස්සේ දවසේ.(හේ)

:       0       0

ධනන්ජය Thursday, 11 December 2014 08:07 AM

ඇත්ත ,ඇත්ත. කොඩිවිනකාරයෝ කොහොමත් චුතවෙන එක හොඳයි. (නි)

:       0       0

ඒකනායක Thursday, 11 December 2014 07:01 PM

මසුරන් කතාව. යුඑන්පි මන්ත්‍රීවරුන් කී දෙනෙක් ආණ්ඩුවට ගියා ද.වැඩි දෙනෙක් ගියේ තිස්ස අත්තනයක නිසා,ඔහු තව හිටිආ නම් මෙසැරෙත් මෛත්‍රී මහත්තය පරදිනව.(අ)

:       0       0

දසුනි Thursday, 11 December 2014 08:12 AM

ඇත්තම කතාව පළකිරීම ගැන සතුටුයි. (නි)

:       0       0

සප්නා Thursday, 11 December 2014 08:12 AM

ශ්‍රී ලංකා එකටත් ඒකම වෙන්න ඇති වුණේ. කොඩිවින ඔක්කොම කැපිලා තියෙන්නේ (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 11 December 2014 08:14 AM

කපුකොටුව මහතා කියන සත්‍ය ශ්‍රී ලංකාවේ සිටින සෑම පාක්ෂිකයෙක්ම දන්නවා (නි)

:       0       0

හේමසිරි Thursday, 11 December 2014 08:16 AM

තිස්ස ගියා. ඒ වෙනුවට ලබාගත්තේ කුමක්ද? ඔන්න බලන්නකෝ තව ටික දවසකින් ආණ්ඩුවට එකතුවෙන්නේ කවුද කියලා. (නි)

:       0       0

සුගුනවති Thursday, 11 December 2014 08:11 PM

කොහොමත් කොඩිවින තියා ගන්න හොද නැහැ. (අ)

:       0       0

දීමාල් Thursday, 11 December 2014 06:52 AM

ලොකුම කොඩි විනේ කවුද කියලා මුළු රටම දන්නවා.(හේ)

:       0       0

විල්බට් Thursday, 11 December 2014 06:52 AM

එහෙම කියන්නත් එපා.(හේ)

:       0       0

සජීව Thursday, 11 December 2014 08:34 AM

අනේ මන්දා කොදිවිනයක් නම් අැයි එතුමාව අවුරුදු නවයක්ම මහලේකම් තනතුරේ තියන් හිටියේ .(හේ)

:       0       0

රජීව් Thursday, 11 December 2014 08:35 AM

ඒ කියන්නේ මේ තරම් කාලයක් මහා ලේකම් වෙලා හිටියේ ඡන්දයක් ගන්න බැරි කෙනෙක්ද?(හේ)

:       0       0

මොහාන් Thursday, 11 December 2014 08:52 AM

එහෙනම් මෙච්චර කාලයක් මහ ලේකම් කරලා තියා ගත්තෙ මොකටද? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනනේ (දිල්)

:       0       0

ශ්‍රීමාන් Friday, 12 December 2014 12:19 AM

අපි ඇත්ත කතා කරමු. (නි)

:       0       0

ඩොන් Friday, 12 December 2014 12:34 AM

හැමෝම ඔය කතාවමයි කියන්නේ. (ර)

:       0       0

ටානියා Thursday, 11 December 2014 07:02 AM

එහෙම කියන්න එපා (දී)

:       0       0

ඩී.උපුල් Thursday, 11 December 2014 09:04 AM

අද දේශපාලන හතුරන් හෙට යලි මිතුරු වේවි. කවුරු දිනුවත් ජනතාව පරාද බව සියලු දෙනාම මතක තබාගන්න.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 12 December 2014 12:56 AM

කොඩිවිනය කැපුවට වැඩක් නැහැ. භූමිපාලු ගොඩක් තියෙනවා (නි)

:       0       0

ඌෂ Thursday, 11 December 2014 09:16 AM

මමත් නුවර තිස්සට ඡන්ද පදනමක් නම් නැහැ තමයි..එ්ක පිළිගන්න වෙනවා (බ)

:       0       0

යසලාල් ගුණතිලක Thursday, 11 December 2014 07:12 AM

සම්පූර්ණ ඇත්ත.දැන් යුඑම්පී එක ගොඩ.(හේ)

:       0       0

සිමොන් Thursday, 11 December 2014 07:12 AM

තව මොනවා බලන්නද ?(හේ)

:       0       0

ෆර්හාන් Thursday, 11 December 2014 10:05 AM

මේ වගේමයි ගිය පාර ෆොන්සේකා ඉල්ලන කොටත් කට්ටිය කෑ ගැහුවේ (බ)

:       0       0

හේමා Thursday, 11 December 2014 07:27 AM

සහතික ඇත්ත. (නි)

:       0       0

නිශාන්ත Thursday, 11 December 2014 07:28 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

සන්ධ්‍යා Thursday, 11 December 2014 07:33 AM

ආණ්ඩු බලය නැතිවත් ලන්ඩන් වල එජාප සාමාජිකයෝ විශාල වැඩ කොටසක් කරනවා. උගත්, බුද්ධිමත්, දක්ෂ විශාල සාමාජික පිරිසකුත් ඉන්නවා. ඒකට ශ්‍රීලනිපය. බොරු කියනවා ලැජ්ජයි. (බ)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 11 December 2014 10:34 AM

අපේ සුභපැතුම්. (ර)

:       0       0

හේරත් Thursday, 11 December 2014 10:40 AM

සම්පුරණ ඇත්ත, පක්ෂයට කරපු ලොකුම උපකාරය. (ර)

:       0       0

ප්‍රතාපසිංහ Thursday, 11 December 2014 07:34 AM

මසුරන් කතාව (බ)

:       0       0

අබේ Thursday, 11 December 2014 04:25 PM

කිතුල් ගහේ ගිය මිනිහගේ කතාව මතක් වෙනවා. (නදී)

:       0       0

අබේ Thursday, 11 December 2014 04:31 PM

කපුකොටුව ගැන උඩරට අපි දන්නවා. (නදී)

:       0       0

සිරිවර්ධන. Thursday, 11 December 2014 11:00 AM

එකද මහලේකම් තනතුර දුන්නේ?(හේ)

:       0       0

සුදත් Thursday, 11 December 2014 04:43 PM

ඔව් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු (නදී)

:       0       0

වීරක්කොඩි ද සිල්වා Thursday, 11 December 2014 04:47 PM

මෙයින් අනාත වෙන්නේ අහිසක ඡන්දදායකයායි (නදී)

:       0       0

හර්ෂ Thursday, 11 December 2014 11:24 AM

තිස්ස, ගියාට සතුටුයි. ඒ වගේ තව දෙතුන් දෙනෙක් ඉන්නවා යන්න. ඒ අයත් ගිය දවසට පක්ෂයට හොඳ කලක් යාවි. (ර)

:       0       0

නන්දසේන Thursday, 11 December 2014 07:48 AM

දිනේෂ් කපුකොටුව මහතාගේ කතාව සහතික ඇත්ත. ජය වේවා! (නි)

:       0       0

හෆීල් Thursday, 11 December 2014 11:47 AM

රනිල් මහත්තයෝ, දැන් හරි වෙලාව. තව අය ඉන්නවා යවන්න. (නි)

:       0       0

සදුනි Thursday, 11 December 2014 07:52 AM

මේ ගොල්ලන්ට මතක නැතුව ඇති යු.එන් පී. යෙ නායකයෝ හැමෝම ආසන පරාද බව. (නි)

:       0       0

තිලක් Thursday, 11 December 2014 11:52 AM

පෙරලුන පිට හොඳයි කියමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site