රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කියයි.
දැනට නොදැනුවත්ව හෝ ව්‍යාජ බලපත්‍ර හා කූඨ ලේඛන සාදා අලි ඇතුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ගෙන් එම අලි ඇතුන් වනජීවී භාරයට ගෙන ඇති අතර පෙරහර මංගල්‍ය සඳහා හෝ රජමහා විහාර වලට, පරම්පරාගත හීලෑ අලි හිමියන් හා නොයෙකුත් ධානපතියන් අලින් ඉල්ලා සිටියත් එම සතුන් හට අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සාදා ලබාදිම සඳහා ඒ සම්බන්ධව ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බවත් නොබෝ දිනකින්ම ඒ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලි ඇත්තු පවරන වැඩපිළිවෙළක් ළඟ ළඟම එයි
රොෂාන් චතුරංග Friday, 12 June 2015 05:23 PM
මමනම් හිතන්නේ මේක එච්චර හොද දෙයක් නෙමෙයි,අලි ඈත්තු ඉන්න ඔනෙ කෑලෙ,අපි එක පෑත්තක අලින්ගෙ වාසස්තාන අහිමිකරල අනිත් පත්තෙන් අපි උන්ගෙ නිජබිම් අයිතිකරගෙන,මෙක සුද්දා අපේ රට අච්චාරුවක් කරපු තෑන ඉදන් ඈදිඈදී ආපු එකක් සුද්දා ලංකවෙන් ගියෙ අලි ජාවරම කලු සුද්දාට උගන්නල, අපි සුද්දගෙන් බේරෙන්න කදුකරයට අවා සුද්දා අපිව යටත්කලා,සුද්දට කදුකරය හිතට වෑදුනා සුද්දා අපිට තේ වවන්ඩ පුරුදුකල අපි කදුකරය හෙලිකලා කිතුල් තමයි අලියගෙ ප්‍රදාන ආහරය කිතුල වැවුනෙ කදුකර ආශ්‍රිත වනාන්තර වල ඒව එලිපෙහෙලි වෙනකොට අලි වියලිකලාපීය ගොවිබ්ම් වලට සංක්‍රමනය උනා සුද්දා අපේ රට අපිට දීල ගියා ඒත් අපි සුද්දා යටත් කරපු තෑනම නතර උනා අපි අලියගෙ නිජබිම උටදීල අපේ ගොවි බිම් වලට ආයෙ ගියෙ නෑ. ගොවිබිම් වනාන්තර උනා ශුද්ධ කදු ලෙස සලකු කදුකර වෑසිවනාන්තර තවදුරටත් එලිඋනා අලිජාවාරම දිගටම උනා අලිමිනිස් ගෑටුමක් ඈත්තෙ වාසභූමි අහිමි කිරිමක් හා ජාවාරමකි (ස)
පිටබැද්දර ජයා Friday, 12 June 2015 10:03 AM
අන්න හොඳ වැඩක්, එතකොට කැලේ ඉන්න සත්තු ටික බේරෙයි , සල්ලි සල්ලි කියල බලන්නේ නැහැ මාත් ගන්නවා එකෙක් (ම)
කනිෂ්ක Friday, 12 June 2015 10:48 AM
එතකොට බෝතලේ වලව්වේ ඉන්න අලියටත් හොඳයි නේද? (ස)
ද සිල්වා බෙර්ලින් Friday, 12 June 2015 11:38 AM
පුද්ගලික මිනිස්සුන්ට මොකටද අලි ඇත්තු ? දැන් බර වැඩ කරන්න බැකෝ යන්ත්‍ර ඕනේ තරම් තිබෙනවා , සත්තුන්ට නිදහසේ වනයේ ජිවත් වෙන්න ඉඩ දෙන්න , සල්ලි කාරයන්ගේ බලය පෙන්වන්න සහ මානසික රෝගවලට අලි ඇත්තු පලි නැත .(හේ)
රසිකා Saturday, 13 June 2015 03:27 AM
මේක හරියට බලපත්‍ර නැති හොර වාහන වලට බලපත්‍ර දුන්නා වගේනේ! (නි)
රසික Saturday, 13 June 2015 03:29 AM
හොර අලිනට බලපත්‍ර වක්‍රාකාරයෙන් දෙන්න හදන්නේ. පහුගිය දවස්වල පොලිසියෙන් දල ඇල්ලුවේ දේශපාලන සංදර්ශනයකට. (බ)