රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කියයි.
දැනට නොදැනුවත්ව හෝ ව්‍යාජ බලපත්‍ර හා කූඨ ලේඛන සාදා අලි ඇතුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ගෙන් එම අලි ඇතුන් වනජීවී භාරයට ගෙන ඇති අතර පෙරහර මංගල්‍ය සඳහා හෝ රජමහා විහාර වලට, පරම්පරාගත හීලෑ අලි හිමියන් හා නොයෙකුත් ධානපතියන් අලින් ඉල්ලා සිටියත් එම සතුන් හට අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සාදා ලබාදිම සඳහා ඒ සම්බන්ධව ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බවත් නොබෝ දිනකින්ම ඒ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් හිතන්නේ මේක එච්චර හොද දෙයක් නෙමෙයි,අලි ඈත්තු ඉන්න ඔනෙ කෑලෙ,අපි එක පෑත්තක අලින්ගෙ වාසස්තාන අහිමිකරල අනිත් පත්තෙන් අපි උන්ගෙ නිජබිම් අයිතිකරගෙන,මෙක සුද්දා අපේ රට අච්චාරුවක් කරපු තෑන ඉදන් ඈදිඈදී ආපු එකක් සුද්දා ලංකවෙන් ගියෙ අලි ජාවරම කලු සුද්දාට උගන්නල, අපි සුද්දගෙන් බේරෙන්න කදුකරයට අවා සුද්දා අපිව යටත්කලා,සුද්දට කදුකරය හිතට වෑදුනා සුද්දා අපිට තේ වවන්ඩ පුරුදුකල අපි කදුකරය හෙලිකලා කිතුල් තමයි අලියගෙ ප්‍රදාන ආහරය කිතුල වැවුනෙ කදුකර ආශ්‍රිත වනාන්තර වල ඒව එලිපෙහෙලි වෙනකොට අලි වියලිකලාපීය ගොවිබ්ම් වලට සංක්‍රමනය උනා සුද්දා අපේ රට අපිට දීල ගියා ඒත් අපි සුද්දා යටත් කරපු තෑනම නතර උනා අපි අලියගෙ නිජබිම උටදීල අපේ ගොවි බිම් වලට ආයෙ ගියෙ නෑ. ගොවිබිම් වනාන්තර උනා ශුද්ධ කදු ලෙස සලකු කදුකර වෑසිවනාන්තර තවදුරටත් එලිඋනා අලිජාවාරම දිගටම උනා අලිමිනිස් ගෑටුමක් ඈත්තෙ වාසභූමි අහිමි කිරිමක් හා ජාවාරමකි (ස)
අන්න හොඳ වැඩක්, එතකොට කැලේ ඉන්න සත්තු ටික බේරෙයි , සල්ලි සල්ලි කියල බලන්නේ නැහැ මාත් ගන්නවා එකෙක් (ම)
එතකොට බෝතලේ වලව්වේ ඉන්න අලියටත් හොඳයි නේද? (ස)
පුද්ගලික මිනිස්සුන්ට මොකටද අලි ඇත්තු ? දැන් බර වැඩ කරන්න බැකෝ යන්ත්‍ර ඕනේ තරම් තිබෙනවා , සත්තුන්ට නිදහසේ වනයේ ජිවත් වෙන්න ඉඩ දෙන්න , සල්ලි කාරයන්ගේ බලය පෙන්වන්න සහ මානසික රෝගවලට අලි ඇත්තු පලි නැත .(හේ)
මේක හරියට බලපත්‍ර නැති හොර වාහන වලට බලපත්‍ර දුන්නා වගේනේ! (නි)
හොර අලිනට බලපත්‍ර වක්‍රාකාරයෙන් දෙන්න හදන්නේ. පහුගිය දවස්වල පොලිසියෙන් දල ඇල්ලුවේ දේශපාලන සංදර්ශනයකට. (බ)