IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි ඇටකටු සොයා පුවක්පිටිය පන්සලේ කැනීම් දිගටම

මහරගම විපස්‍යාරාම භූමියේ පුවක්පිටිය පන්සලේ අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වල දැමූ බවට දැනට ඇප පිට සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් තොරතුරු අනුව හෙටත් එහි කැනීම් කරන බව වනජීවී නිලධරයෝ කියති.

කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් මත කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍ය පශ්චාත් උපාධි ආයතනය වනජීවී දෙපාර්තමේන්තුව සමග අද (13) උදේ 10 සිට සවස් වනතුරු කළ කැනීම් වලින් කිසිත් සොයාගත නොහැකි විය. කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත්‍රද යොදා ගෙන තිබුණි.

කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරී, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ඇතුළු කණ්ඩායමක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයෝ රැසක්ද මීට සහභාගී වූහ. මහරගම පොලිසිය ආරක්ෂාව සපයා තිබිණ.

1.1 1.2 2 3



අදහස් (0)

අලි ඇටකටු සොයා පුවක්පිටිය පන්සලේ කැනීම් දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site