
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අර්චුනා පාර්ලිමේන්තුවේ සිටියදී අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ කෙසේදැයි මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අර්චුනා මන්ත්‍රීවරයාට මේ සභාවට සහභාගි වීම ඔහුගේ වරප්‍රසාදයක්. ඔහු මහජනතාවගේ ඡන්දයෙන් බිහිවුණු මහජන මන්ත්‍රීවරයෙක්.
ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට කිසිම ආයතනයකට බාධා කරන්න බැහැ.
මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩවෙලා ඔබතුමා තීන්දුවක් දෙන්න. කතානායකගෙන් අහන්න ඕනේ නැහැ. එතුමාට අයිතිය තියෙන්නේ උසාවියේ ඉන්න නොවෙයි මේ සභාවෙන්.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා
මට මේ වෙලාවේ නියෝගයක් නිකුත් කරන්න බැහැ.
නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා
ඕනෑම සිවිල් අපරාධ නඩුවක විත්තිකාරයා යන්න ඕනෑ. නීතිඥ මහත්තයා විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. මන්ත්‍රී යන්නේ නැත්නම් ඇපකාරයා යන්න ඕන. ගිහිල්ලා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා කියන්න ඕනෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd