අරලියගහ මන්දිරය සහ ඒ අවට ඡායරූප ගනිමින් සිටි 36 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔහුගෙන් කළ ප්රශ්න කිරීමකදී මෙම ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ නිදහස් දින උත්සවය වෙනුවෙන් කර තිබූ සැරසිළිවල අලංකාරය නිසා තමන් ඡායාරූප ගත් බවයි.
ඔහු වත්තල ප්රදේශයේ පදිංචිකරුවකු බවත් මෙම තැනැත්තාගෙන් තවදුරටත් ප්රශ්න කරගෙන යන බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද ප්රශ්නේ? ඕක අවට විතරක් නෙවෙයි ඇතුලේ කාමර, කක්කුස්සි, භූගත බංකර ඔක්කොමත් පෙන්නුවේ එළිපිටම ජනවාරි 9? ඉතින් දැන් එළියෙන් ඡායාරූපයක් ගත්තම මොකද කළබල? (අ)
මහින්ද අගමැති වුනාම ගේමක් දෙන්න හිතාගෙන රෝ එකෙන් කරන වැඩක් වෙන්න බැරුද ? (අ)
මොන විකාරයක්ද ? මේවගේ ෆොටෝ ගොඩනැගිලි සැලැස්මවල් , ආදී සියලු දෙයක්ම ඉන්දියානු රහස් ඔත්තු සේවා සතුව ඇත , මේ කොහේ හරි යන මිනිහෙක් ෆොටෝ එකක ගත්ත කියල අල්ලාගෙන. (අ)
ඉන්දියානු රෝ ඔත්තුකාරයෙක් නම් ඔහොම එළිපිට පින්තුර ගනීද? ඒ අවට පින්තූර ගැනීම තහනම් කියලා බෝඩ් ගහලා තියෙනවද? (නි)
දර්ශන, ගූගල් ස්ට්රීට් සහ ගූගල් මැප් වලින් වෙසක් දවසට තොරණ් සහ පාරේ සැරසිලි බලන්න පුලුවන්ද? මෙම ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ නිදහස් දින උත්සවය වෙනුවෙන් කර තිබූ සැරසිලි වල අලංකාරය නිසා තමන් ඡායාරූප ගත් බවයි. (නි)
නිකන් ප්රශ්න කරලා නිදහස් කරලා යවන්න එපා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩදෙන්න එපා (නි)
හරිම හාස්යජනකයිනේ. ඔත්තුකාරයෙක් නම් ඔහොම අහුවෙන්න ප්රසිද්ධියේ ෆොටෝ ගන්නේ නැහැනේ. දැන් රුපියල් දෙතුන් සීයටත් ස්පයි කැමරා තියෙනවා (නි)
එයා නොදන්නාකමට කරන්න ඇත්තේ (නි)
ඔහු හිතන්න ඇති, ඉන්දියාවේ වගේ ලංකාවෙත් ගූගල් ස්ට්රීට් වීව් වැඩ කරන්නෙ නැහැ කියලා. (නි)
ආසාවට ගන්න ඇති අනේ! (නි)
බලාගෙන ...ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වෙන්න පුළුවන් ... (ම)
ලංකාවේ ඉන්න අපි වුනත් දන්නේ නැහැ පොටෝ ගන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල. සමහර පන්සල්වල, කෝවිල්වල එහෙම නම් බෝඩ් ගහල තියෙනවා. ඉතින් අපිත් අමාරුවේ නේ කොළඹ ආපු වෙලාවක ආසාවටවත් මේ තැන්වල පොටෝ එකක් ගත්තොත්. ඔය මන්දිර ඉස්සරහ තාප්පවලවත් බෝඩ් එකක් ගහල තියන්න පුළුවන් නම් හොඳ නැද්ද? (ම)
මේවා දැකලා විදේශිකයන් හිනාවෙනවා ඇති (නි)
ඉස්සර වගේ දැන් හොර වැඩ වලට පාරවල් වල ෆොටෝ ගන්න ඕන නැ . ගුගල් ස්ට්රීට් සහ ගූගල් මැප් වලින් හැමදෙයම බලාගන්න පුළුවන්නේ. (අ)
ඉන්දියානුවෙක් වත්තල ප්රදේශයේ පදිංචි කාරයෙක්. අනේ මන්ද ? (අ)
ඉන්දියානු RAW ඔත්තුකාරයෙක් වෙන්න බැරිද, මෙයාත් ?නිකන් ප්රශ්න කරලා නිදහස් කරලා යවන්න එපා.ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩ දෙන්න එපා !!! (අ)