(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරගලකරුවන් මුවාවෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ කියයි.
වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම වන ලද බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවෙස තුළ තිබී සොයාගෙන ඇත
සැකකාර පුද්ගලයා තවත් පිරිසක් සමග අරලියගහ මන්දිරය වෙත ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබූ තුළ බිත්ති සැරසිලි සොරාගෙන තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි
තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට මුවාවී වාසි ලබාගත් සොරුන් අල්ලනවා මිස සැබෑ අරගල කරුවන් සිරගත කිරීම නොකළ යුතුයි. අරගලයට හේතුව ඇති කළේ අරගල කරුවන් නොවේ...!
අරගලකාරයෝ පෙරලගෙන පන එපා කියලා මේවට කඩාගෙන පැන්නෙ මංකොල්ලකාරයෝ.
රටම හොරා කාපු අයව තවම හොයා ගන්න බැහැ.
කටුගෙයි වටිනා පුරාවස්තු හොරා ගත්තු අයව තවම හොයාගන්න බැරි උනා. හිටපු අගමැතිලත් අරලියගහ මන්දිරයෙන් යනකොට වටින කියන දේවලුත් පැන්නුවා.
සාමකාමී අරගලයක ප්‍රතිපල