වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා අද (28) කොළඹ දී ප‍්‍රකාශ කළේය. 

එහෙයින් ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ හිතවතුන්ට වී ගබඩාවලින් වී තොග නිකුත් කර ඇතැයි අරලිය සහල් සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා කළ චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කරන තෙක් එය සත්‍යයක් යැයි පිළිගත නොහැකි යැයි ද ඔහු පැවසීය.

එම්.බී.දිසානායක මහතා මෙසේ පැවසුවේ වී අලෙවි මණ්ඩලය සහ ගොවි සංවිධාන/කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ දී පැවති අවස්ථාවේදී ය. 

”අපි වී වලට සහතික මිලක් නියම කරන්නේ ගොවියා සාධාරණයක් ඇති කිරිමටයි. ඒත් එයින් පාරිභෝගිකයන්ට ගැටලූ ඇති වෙනවා. අපි පාරිභෝගිකයන්ටත් සාධාරණ මිලකට හාල් සැපයිය යුතුයි. අපි ඉතාමත් විනිවිදභාවයකින් ගැනුම්කරුවන්ට වී ලබාදීම කළා. අපි එය සඳහා කමිටුවක් පත් කරලා, හරියට වී මිල ගණන් පරීක්ෂා කරලා, වී තොගවලට ඉහළම මිල ගණන් ඉදිරිපත් කරපු ගැනුම්කරුවන්ට වී ලබාදෙන්න කටයුතු කළා. අවසානයේදී වී තොගවල පළමු ගැනුම්කරුවා වුණත් වී මෝල් හිමියකු විය යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. වී මෝල් හිමියකු නොවී වී තොග මිල දී ගත් දිස්ත‍්‍රික්ක අටක පළමු ගැණුම්කරුවන්ගේ වී මිල දී ගැනීම් නවත්වන්න හැරිසන් ඇමති  කටයුතු කළා. අපි දැනුවත් වෙලා ඉන්න විදියට වී මෝල් හිමියෙකු නොවන කෙනෙකුට වී තොග ලබාදීලා නැහැ‘ යැයි ද ඔහු කීය. 

DSC_0962 DSC_0966 DSC_0991 DSC_1007