කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු කලාකරුවන් ප්‍රසංග කිහිපයක් සදහා ප්‍රංශය හා ඉතාලිය බලා පිටත්වීමට නියමිතය.
මීට ප්‍රථමයෙන් ඉතාලියට ගොස් ඇති බවත් අරලියගහ මන්දිරයට යනවට වඩා යුරෝපයේ ජීවත්වෙන අපේ මිනිස්සු සමග කලා රසය බෙදා හදා ගන්න එක අපිට නම්බු බවත් ඔවුහු පැවසුහ.
නාට්‍ය කරුවන් රඟහලවල් අසලට නොයෑමට හේතුවත් සංගීත කරුවන් ශබ්ධාගාර අසලට නොයෑමට හේතුව සහ ඔවුන් අරලියගහ මැදුර අසලට යාමට හේතුව යුරෝපයේ ඉන්න අයට කියා දෙන බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉතියෝපියාවට, සුඩානයට, සෝමාලියාවට එහෙම ගිහිල්ලා කලා රසය බෙදල දෙන්න කැමති නැතිද ? හැබැයි කියන්න එපා එහෙ ඉන්න අයට සිංහල තෙරන්නේ නැහැ නැතිනම් යනවා කියලා. (බ)
යුරෝපයට යන්න නව ක්‍රමයක් ? මහන්දියෙන් හම්බ කළොත් නේද හොඳ ............. (ම)
රෝහිත නම්බුවක් නැත්නම් නම්බුවක් හදාගන්න එහෙම බැරි නම් වෙනත් රටකට ගිහින් නම්බුකාර විදියට ඉන්න.(දිල්)
මේගොල්ලන්ගේ වරිගේ අය ඉන්නේ යුරෝපෙනේ. (ස)
යුරෝපයේ ජීවත් වෙන අපිනේ දන්නේ අපිට මෙහෙ තියනා නම්බුව. (ර)
මිල්ලේ, රුපියලට වඩා බරද.? (ර)
මේ වගේ රට පාවා දෙන අය අතීතයේත් හිටියා. පුදුම වෙන්න එපා.(ම)
යුරෝපෙට යන්න අලුත් ක්‍රමයක්. (ර)
ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩන්න නරකයි (නි)
අනේ දෙවියනේ! මෙහෙම කියන්න පුලුවන්ද? (නි)
දුමින්ද, නොදන්නාකම ලෝකයට ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්න. අර කතාවක් තියනවනේ, "මෝඩයත් කට වහගෙන ඉන්නකම් ඥානවන්තයෙක් කියලා" (නි)
තමා උපන් රට බාල්දු කිරීමේ විපාකය බරපතළය. (නි)
ඊට හොඳයි ලෝකයේ කොහේහරි ගිහින් ඇඟේ පතේ මහන්සියෙන් කීයක්හරි හම්බකරගෙන කනවා. (නි)
මෙයාලා ඇමෙරිකාවටත් ආවා නේද? (නි)
දුමින්ද, දැන් යුරෝපයේ භාවිතා කරන්නේ යුරෝ. ඔයා මොන ලෝකෙද ඉන්නේ? පොඩ්ඩක් පරණ පත්තරවත් කියවලා දැනුම පොඩ්ඩක් ලබාගන්න (නි)
රෝහිත, මමත් ජීවත්වන්නේ දශක 3කට වැඩි කාලයක් යුරෝපයේ. මම සහ මම දන්නා යුරෝපයේ ජීවත්වන ලක්වැසියන් ජීවත්වන්නේ නිදහසේ නම්බුකාර විදියට, ලංකාවේ සිටිනා අයට වඩා.ඔබ ගැන දුකක් සිතෙනවා. (නි)
ඉතින් දැන් එහෙටම වෙලා ඉන්නද හදන්නේ? (නි)
මම මේ කලාකරුවන් ගැන ඇහුවෙත් අදයි. (නි)
දුමින්ද, මිල්ලේ කියල මුදල් වර්ගයක් නැහැ.මිල්ලේ කියන්නේ ඉතාලි භාෂාවෙන් දාහට. ඉතාලියේ තිබුනේ ලීරා.ලීරා නැතිවෙලත් දැන් අවුරුදු 15 ක් විතර ඇති (නි)
යුරෝපයේ නීත්‍යානුකූලව ඉන්න අයට නම් යුරෝපීයන් බොහොම නම්බු පිටින් සළකනවා. ආසියාතිකයො කියලා අවනම්බු කරන්නෙ නැහැ. (නි)
පසුගිය කාලයේ විතරද අරලියගහ මන්දිරයට යන්න හොඳ එතකොට? (නි)
ලංකාවට යනවට වඩා යුරෝපයේ ඉන්න එක නම්බුයි කියලත් කියයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට? (නි)
බොහොමයක් කලාකරුවො පහුගිය කාලේ අරලියගහ මන්දිරයට ගොඩවෙලා තිබුණා. හැබැයි හැම කලාකරුවාම එහෙම කළේ නැහැ. (නි)
අරලියගහ මන්දිරයට වඩා යුරෝපය හොඳයි තමා. අනික අරලියගහ මන්දිරයට නිතර ආවේ ගියේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්. (නි)
රටේ දේට ගරුනොකර විදේශ රටවලට ගැතිකම් කරන අයට අපි නම් විරුද්ධයි (නි)
මේ කතා වලට මට නම් හිනායනවා (නි)
අරලිය ගහ මැදුරෙන් ලැබෙන දෙයකුත් නැහැනේ ඉතින්. අනික පිටරටවල ජීවත්වෙන අපි දන්නවා අපි ජීවත්වෙන හැටි (නි)
මහන්සිවෙලා වැඩක් කරලා කීයක්හරි හොයාගන්න එක තමයි සුදුසුම දේ (නි)
රෝහිත, අපි දන්නවා අපිට මෙහෙ තිබෙන නම්බුව ගැන. කොහෙත් සල්ලි තමයි නම්බුව. (නි)
දුමින්ද, දැන් යෙන් එකත් බරයි රුපියලට වඩා (නි)
දැන් රුපියල සෑහෙන බර අඩුයි. නමුත් සමගිය නම් හොඳයි. (නි)