IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘අරලිය මැදුරට යනවට වඩා යුරෝපයට යාම නම්බුයි‘

කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු කලාකරුවන් ප්‍රසංග කිහිපයක් සදහා ප්‍රංශය හා ඉතාලිය බලා පිටත්වීමට නියමිතය.

මීට ප්‍රථමයෙන් ඉතාලියට ගොස් ඇති බවත් අරලියගහ මන්දිරයට යනවට වඩා යුරෝපයේ ජීවත්වෙන අපේ මිනිස්සු සමග කලා රසය බෙදා හදා ගන්න එක අපිට නම්බු බවත් ඔවුහු පැවසුහ.

නාට්‍ය කරුවන් රඟහලවල් අසලට නොයෑමට හේතුවත්  සංගීත කරුවන් ශබ්ධාගාර  අසලට නොයෑමට හේතුව සහ ඔවුන් අරලියගහ මැදුර  අසලට යාමට හේතුව  යුරෝපයේ ඉන්න අයට කියා දෙන බවද  ඔවුහු කියති.

 



අදහස් (0)

‘අරලිය මැදුරට යනවට වඩා යුරෝපයට යාම නම්බුයි‘

අප්පුහාමි Friday, 13 March 2015 03:49 AM

එතකොට ඉතියෝපියාවට, සුඩානයට, සෝමාලියාවට එහෙම ගිහිල්ලා කලා රසය බෙදල දෙන්න කැමති නැතිද ? හැබැයි කියන්න එපා එහෙ ඉන්න අයට සිංහල තෙරන්නේ නැහැ නැතිනම් යනවා කියලා. (බ)

:       0       0

ප්‍රසාද් Friday, 13 March 2015 05:29 AM

යුරෝපයට යන්න නව ක්‍රමයක් ? මහන්දියෙන් හම්බ කළොත් නේද හොඳ ............. (ම)

:       0       0

චන්ද්‍රා Friday, 13 March 2015 05:33 AM

රෝහිත නම්බුවක් නැත්නම් නම්බුවක් හදාගන්න එහෙම බැරි නම් වෙනත් රටකට ගිහින් නම්බුකාර විදියට ඉන්න.(දිල්)

:       0       0

ප්‍රකාශ් Friday, 13 March 2015 10:31 AM

මේගොල්ලන්ගේ වරිගේ අය ඉන්නේ යුරෝපෙනේ. (ස)

:       0       0

රෝහිත Thursday, 12 March 2015 11:49 AM

යුරෝපයේ ජීවත් වෙන අපිනේ දන්නේ අපිට මෙහෙ තියනා නම්බුව. (ර)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 11:59 AM

මිල්ලේ, රුපියලට වඩා බරද.? (ර)

:       0       0

අජිත් චන්දන Saturday, 14 March 2015 04:34 AM

මේ වගේ රට පාවා දෙන අය අතීතයේත් හිටියා. පුදුම වෙන්න එපා.(ම)

:       0       0

ඉන්දික Thursday, 12 March 2015 12:20 PM

යුරෝපෙට යන්න අලුත් ක්‍රමයක්. (ර)

:       0       0

රොෂාන් Thursday, 12 March 2015 01:10 PM

ළිඳෙන් වතුර බීලා ගඟට ආවඩන්න නරකයි (නි)

:       0       0

නිමන්ත Thursday, 12 March 2015 01:38 PM

අනේ දෙවියනේ! මෙහෙම කියන්න පුලුවන්ද? (නි)

:       0       0

සංජය Thursday, 12 March 2015 01:55 PM

දුමින්ද, නොදන්නාකම ලෝකයට ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්න. අර කතාවක් තියනවනේ, "මෝඩයත් කට වහගෙන ඉන්නකම් ඥානවන්තයෙක් කියලා" (නි)

:       0       0

රන්ජිත් Thursday, 12 March 2015 01:58 PM

තමා උපන් රට බාල්දු කිරීමේ විපාකය බරපතළය. (නි)

:       0       0

කරුණාපාල Thursday, 12 March 2015 02:05 PM

ඊට හොඳයි ලෝකයේ කොහේහරි ගිහින් ඇඟේ පතේ මහන්සියෙන් කීයක්හරි හම්බකරගෙන කනවා. (නි)

:       0       0

චන්න Thursday, 12 March 2015 02:10 PM

මෙයාලා ඇමෙරිකාවටත් ආවා නේද? (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 12 March 2015 02:18 PM

දුමින්ද, දැන් යුරෝපයේ භාවිතා කරන්නේ යුරෝ. ඔයා මොන ලෝකෙද ඉන්නේ? පොඩ්ඩක් පරණ පත්තරවත් කියවලා දැනුම පොඩ්ඩක් ලබාගන්න (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 12 March 2015 02:39 PM

රෝහිත, මමත් ජීවත්වන්නේ දශක 3කට වැඩි කාලයක් යුරෝපයේ. මම සහ මම දන්නා යුරෝපයේ ජීවත්වන ලක්වැසියන් ජීවත්වන්නේ නිදහසේ නම්බුකාර විදියට, ලංකාවේ සිටිනා අයට වඩා.ඔබ ගැන දුකක් සිතෙනවා. (නි)

:       0       0

ලංකා Thursday, 12 March 2015 03:13 PM

ඉතින් දැන් එහෙටම වෙලා ඉන්නද හදන්නේ? (නි)

:       0       0

කුමාර Thursday, 12 March 2015 03:18 PM

මම මේ කලාකරුවන් ගැන ඇහුවෙත් අදයි. (නි)

:       0       0

මොහාන් Thursday, 12 March 2015 03:20 PM

දුමින්ද, මිල්ලේ කියල මුදල් වර්ගයක් නැහැ.මිල්ලේ කියන්නේ ඉතාලි භාෂාවෙන් දාහට. ඉතාලියේ තිබුනේ ලීරා.ලීරා නැතිවෙලත් දැන් අවුරුදු 15 ක් විතර ඇති (නි)

:       0       0

නාමල් Thursday, 12 March 2015 03:26 PM

යුරෝපයේ නීත්‍යානුකූලව ඉන්න අයට නම් යුරෝපීයන් බොහොම නම්බු පිටින් සළකනවා. ආසියාතිකයො කියලා අවනම්බු කරන්නෙ නැහැ. (නි)

:       0       0

රෝහණ‍ Thursday, 12 March 2015 04:27 PM

පසුගිය කාලයේ විතරද අරලියගහ මන්දිරයට යන්න හොඳ එතකොට? (නි)

:       0       0

අරවින්ද Thursday, 12 March 2015 04:40 PM

ලංකාවට යනවට වඩා යුරෝපයේ ඉන්න එක නම්බුයි කියලත් කියයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට? (නි)

:       0       0

සුසිර Thursday, 12 March 2015 05:25 PM

බොහොමයක් කලාකරුවො පහුගිය කාලේ අරලියගහ මන්දිරයට ගොඩවෙලා තිබුණා. හැබැයි හැම කලාකරුවාම එහෙම කළේ නැහැ. (නි)

:       0       0

ගජබා Thursday, 12 March 2015 05:55 PM

අරලියගහ මන්දිරයට වඩා යුරෝපය හොඳයි තමා. අනික අරලියගහ මන්දිරයට නිතර ආවේ ගියේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්. (නි)

:       0       0

දයාල් Thursday, 12 March 2015 06:15 PM

රටේ දේට ගරුනොකර විදේශ රටවලට ගැතිකම් කරන අයට අපි නම් විරුද්ධයි (නි)

:       0       0

ලක්ෂිත - පැරිසිය Thursday, 12 March 2015 06:41 PM

මේ කතා වලට මට නම් හිනායනවා (නි)

:       0       0

නිමල්ක Thursday, 12 March 2015 07:16 PM

අරලිය ගහ මැදුරෙන් ලැබෙන දෙයකුත් නැහැනේ ඉතින්. අනික පිටරටවල ජීවත්වෙන අපි දන්නවා අපි ජීවත්වෙන හැටි (නි)

:       0       0

අසෝක Thursday, 12 March 2015 09:23 PM

මහන්සිවෙලා වැඩක් කරලා කීයක්හරි හොයාගන්න එක තමයි සුදුසුම දේ (නි)

:       0       0

බමුණු Friday, 13 March 2015 12:06 AM

රෝහිත, අපි දන්නවා අපිට මෙහෙ තිබෙන නම්බුව ගැන. කොහෙත් සල්ලි තමයි නම්බුව. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 March 2015 12:08 AM

දුමින්ද, දැන් යෙන් එකත් බරයි රුපියලට වඩා (නි)

:       0       0

ගමගේ Friday, 13 March 2015 02:14 AM

දැන් රුපියල සෑහෙන බර අඩුයි. නමුත් සමගිය නම් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site