IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අරලිය මැදුරේ වස්තුවට වූ දේ අහයි

පසුගිය ජනවාරි 8 පසු අරලියගහ මන්දිරයෙන් සොයාගනු ලැබුවැයි පැවසූ රුපියල් මිලියන 500ක මුදල් සහ රත්තරන් තොගයට මේ වන විට සිදුව තිබෙන දෙය ගැන වහා පරීක්ෂණයක් සිදුකොට ඒවා මාධ්‍යයට හෙළි කරන්න යැයි ඉල්ලමින් ‘යුක්තිය උදෙසා කාන්තාවෝ‘ සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවෝ පිරිසක් එයට එක්ව සිටියහ.

web-11



අදහස් (0)

අරලිය මැදුරේ වස්තුවට වූ දේ අහයි

අශෝක Thursday, 09 July 2015 02:27 PM

තව ටික දවසක් යනකොට මොන මොන නම්වලින් සංවිධාන එයිද දන්නේ නැහැ . මේ දේවල් ගැන සොයන එකනම් හොදයි. හැබැයි බළල්ලු ලව්වා කොස්අැට බාවන එකනම් අනුමත කරන්න බැහැ නේද . මේ නෝනා කාගේ අතක්ද දන්නේ නැහ (වැරදි කරලනම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕන ) එහෙත් මේ ලංකාවේ එහෙම පුලුවන්ද කියා සැකයි (බ)

:       0       0

දීපිකා Thursday, 09 July 2015 03:02 PM

කෝ මුදල් සහ රත්තරන් දෙන්න උත්තර ..මේවට තමයි අායෙමත් අගමැති වෙන්න දගලන්නේ ජනතාවට ආදරේට නෙවෙයි (බ)

:       0       0

හේමන්ත Thursday, 09 July 2015 03:33 PM

අශෝක, බළලා මැටියෙන් වුණත් මොකද මීයෝ අල්ලනවා නම්. මට නම් මෙහි හොඳක් මිස නරකක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සෝමා යටියන Thursday, 09 July 2015 03:37 PM

බොරුනම් ගොඩාක් තියෙන්න පුලුවන්. ඒත් ඇත්ත නම් ගොඩක් තියෙන්න බැහැ (නි)

:       0       0

‍පෙරේරා Thursday, 09 July 2015 03:59 PM

අපි බලමු මොනවද දෙන උත්තර කියලා (නි)

:       0       0

ඩෝසන් Friday, 10 July 2015 05:23 AM

අනේ බොරුවට අපේ රාජපක්ෂ පරපුරට ඔය මඩ වලින් නම් ගහන්න එපා. එයාල හරිම නිර්දෝෂයි. (ස)

:       0       0

පිටිගල Thursday, 09 July 2015 04:13 PM

ඒවා ලැබුනේ මහින්ද ගියාට පස්සේ නේද? එතකොට ඒවාට උත්තර දෙන්න ඕනෑ යහපාලන ආණ්ඩුව නේද? (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 10 July 2015 12:31 PM

ඔය රත්තරන් කොහෙන්ද හොයන්න වෙන්නේ. (නි)

:       0       0

සුදේෂ් Thursday, 09 July 2015 04:48 PM

ඡන්දෙට මොනවාහරි තියෙන්නත් එපායැ. (නි)

:       0       0

කෝලිත Thursday, 09 July 2015 05:27 PM

අනේ දීපිකා,ඔයා වගේ උතුර දකුණ මාරුවුණ අය ගොඩක් තවම ඉන්නවා (නි)

:       0       0

සෙලිනා Thursday, 09 July 2015 05:43 PM

දීපිකා,ප්‍රතිචාර දමන්න කලින් විස්තරය සිහිබුද්ධියෙන් කියවන එක හොඳයි නේද..? (නි)

:       0       0

කැටවල Thursday, 09 July 2015 06:18 PM

ආයෙත් අපිව රවටන්නද හදන්නේ? දැනටත් අපිව රැවටිලා ඉවරයි (නි)

:       0       0

ගජමන් Thursday, 09 July 2015 06:20 PM

කට්ටියම බලා ඉන්නකෝ කියනතුරු (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 July 2015 07:18 PM

මිනිසුනේ, ඔබ ටිකක් හිතා බලන්න මොවුන් කොහොමද රට පාලනය කර තිබෙන්නේ කියලා.රත්රන් කොහොමද අරලිය ගහ මන්දිරයේ තිබෙන්නේ?මේවා දැක දැකත් සමහරු කොහොමද ඔහු අපේ දෙයියෝ කියලා ඔහුට දෙකට නැමෙන්නේ? ඔබ කරන්න යන්නේ යහපත් ක්‍රියාවක්ද කියා ඔබගේම හහෘද සාක්කියෙන් විමසා බලන්න (නි)

:       0       0

චාමිනී Thursday, 09 July 2015 07:29 PM

ඇත්තටම කියන්නකෝ බලන්න දැන්... (නි)

:       0       0

සලාම් Thursday, 09 July 2015 07:39 PM

අරලියගහ මන්දිරයේ තව මොනවා තිබෙනවද දන්නේ නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 09 July 2015 07:58 PM

ඔහොම කියන්නේ බලාගෙන හො‍ඳේ! (නි)

:       0       0

විජයබාහු Thursday, 09 July 2015 12:09 PM

එහෙමත් එකක් කිව්වා තමයි නේද? දැන් කියන්න වෙයි කොහෙද තිබ්බේ කියලා. (නි)

:       0       0

සේන Thursday, 09 July 2015 12:11 PM

ඇයි ඒ කාලේ කොටින්ගෙන් අල්ලාගත් රත්තරන්? ඒ ගැනත් හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 09 July 2015 08:39 PM

ඒකනම් හොඳ වැඩක්. (නි)

:       0       0

ඒකනායක Thursday, 09 July 2015 08:41 PM

උතුරේදි සොයාගත් රත්තරන් වල නියම හිමිකරුවන් සොයා තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් සිදුවුණා. එසේ තහවුරු කරගත් භාණ්ඩ ඒ අයට නැවත ලබාදෙන අවස්ථාත් ජන මාධ්‍යවල පළවුණා. අරලිය ගහ මන්දිරය තුළ වස්තුව සොයා යහපාලන රජය විශාල මෙහෙයුමක් දියත් කළේ රටටම ප්‍රදර්ශනය කරමින්. ප්‍රකාශ තිකුත් කළා. ඉතිං ඒ වස්තුව කෝ කියලා අහන එක ගැන තරහ ගන්න එපා (නි)

:       0       0

ලලිත් Thursday, 09 July 2015 08:46 PM

ඔය ගැන අහන්න අවශ්‍ය කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

සෝමවතී Friday, 10 July 2015 08:01 AM

අරලියගහ මැදුරේ තිබුන මල් පැල වලට වුනු දේනම් දැක්ක. අර අශ්වයෙක් ගැන කිවුවේ ඡන්ද කාලේවත් මහජනයාට පෙන්නනවද දන්නේ නැහැ. (ස)

:       0       0

දේශප්‍රිය Thursday, 09 July 2015 12:21 PM

එතකොට කොටින් යටත් වූවාට පසු ඔව්න්ගෙන් අත්පත්කරගත් බිලියන ගණනක මුදල් සහ රත්තරන් වලට මොකද වුනේ කියලත් හොයනවද ? (බ)

:       0       0

රූපසිංහ Thursday, 09 July 2015 08:52 PM

තව අයුක්තිසහගත දේවල් කොච්චර වුණාද? එතකොට මේ යුක්තිය උදෙසා කාන්තාවෝ කොහෙද හිටියේ? (නි)

:       0       0

අනුර Thursday, 09 July 2015 12:25 PM

ඇත්ත ඇත්ත. අපිටත් ඒ ගැන දැන් තමයි මතක්වුණේ (නි)

:       0       0

සිල්වියා Friday, 10 July 2015 02:11 PM

පිවිතුරු යහපාල නියම උත්තරය දීල තියනවා. මේ ලිපිය කියවන සමහර කට්ටිය දන්නෙ නැහැ තමන් මොනවා ගැනද කියවන්නේ කියලා. (නි)

:       0       0

රියාල් Thursday, 09 July 2015 12:51 PM

බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර! (නි)

:       0       0

සිල්වියා Thursday, 09 July 2015 01:05 PM

ඇත්ත නේන්නම්! ඒ හොයාගත් ඒවා කෝ? (නි)

:       0       0

උදයසිරි‍ Thursday, 09 July 2015 01:15 PM

ඇත්ත බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර (නි)

:       0       0

අයිවන් Friday, 10 July 2015 01:21 AM

ඇත්තටම මොකද වුණේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 01:18 PM

ඔන්න ප්‍රශ්න. දැන් උත්තර දෙන්නකො. ඇත්ත තමයි. කෝ ඒවා? (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 09 July 2015 01:25 PM

ඒවා දැනගන්න අයිතියක් අපිටත් තිබෙනවා (නි)

:       0       0

ඇසළ Thursday, 09 July 2015 01:28 PM

කියපු දේවල් වලට උත්තර බදින්න වෙයි දැන් ඉතින් (නි)

:       0       0

මාගලි ෆර්නැන්ඩෝ Thursday, 09 July 2015 01:38 PM

මේ සංවිධානය ගැන මම අදනේ දැනගත්තේ (නි)

:       0       0

රවී Friday, 10 July 2015 02:33 AM

ඇත්ත බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර (ස)

:       0       0

ධර්මතිලක Thursday, 09 July 2015 01:46 PM

වගකීමෙන් පැවසූ දේවල් ගැන දැන් සියල්ල හෙළිකරන්න (නි)

:       0       0

චන්දි Thursday, 09 July 2015 01:48 PM

ඔන්න නියම ප්‍රශ්න! (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 03:00 AM

චානක මහත්තයට වයර් මාරු වෙලා.මහින්ද මහත්තය අගමැති වෙනකම් ඉන්න ෂෝට් කරගන්නේ නැතුව..නැත්නම් අපිට ගතියක් නැහැ.ඔය අහන්නේ තිබුණයි කියපු ඒවාට 8 වෙනිදායින් පස්සේ මොකද උනේ කියල.එක්කෝ සිරි කොතේ තියෙන්න ඕන නැත්නම් රන්ජන් මහත්තයාගේ ගෙදර තියෙන්න ඕන නැත්නම් රනිල් මහත්තයාගේ ගෙදර තියෙන්න ඕන...කොයි ඉස්කෝලෙට ඔබ තුමා ගියේ..? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site