පසුගිය ජනවාරි 8 පසු අරලියගහ මන්දිරයෙන් සොයාගනු ලැබුවැයි පැවසූ රුපියල් මිලියන 500ක මුදල් සහ රත්තරන් තොගයට මේ වන විට සිදුව තිබෙන දෙය ගැන වහා පරීක්ෂණයක් සිදුකොට ඒවා මාධ්‍යයට හෙළි කරන්න යැයි ඉල්ලමින් ‘යුක්තිය උදෙසා කාන්තාවෝ‘ සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවෝ පිරිසක් එයට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් යනකොට මොන මොන නම්වලින් සංවිධාන එයිද දන්නේ නැහැ . මේ දේවල් ගැන සොයන එකනම් හොදයි. හැබැයි බළල්ලු ලව්වා කොස්අැට බාවන එකනම් අනුමත කරන්න බැහැ නේද . මේ නෝනා කාගේ අතක්ද දන්නේ නැහ (වැරදි කරලනම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕන ) එහෙත් මේ ලංකාවේ එහෙම පුලුවන්ද කියා සැකයි (බ)
කෝ මුදල් සහ රත්තරන් දෙන්න උත්තර ..මේවට තමයි අායෙමත් අගමැති වෙන්න දගලන්නේ ජනතාවට ආදරේට නෙවෙයි (බ)
අශෝක, බළලා මැටියෙන් වුණත් මොකද මීයෝ අල්ලනවා නම්. මට නම් මෙහි හොඳක් මිස නරකක් පෙනෙන්නේ නැහැ (නි)
බොරුනම් ගොඩාක් තියෙන්න පුලුවන්. ඒත් ඇත්ත නම් ගොඩක් තියෙන්න බැහැ (නි)
අපි බලමු මොනවද දෙන උත්තර කියලා (නි)
අනේ බොරුවට අපේ රාජපක්ෂ පරපුරට ඔය මඩ වලින් නම් ගහන්න එපා. එයාල හරිම නිර්දෝෂයි. (ස)
ඒවා ලැබුනේ මහින්ද ගියාට පස්සේ නේද? එතකොට ඒවාට උත්තර දෙන්න ඕනෑ යහපාලන ආණ්ඩුව නේද? (නි)
ඔය රත්තරන් කොහෙන්ද හොයන්න වෙන්නේ. (නි)
ඡන්දෙට මොනවාහරි තියෙන්නත් එපායැ. (නි)
අනේ දීපිකා,ඔයා වගේ උතුර දකුණ මාරුවුණ අය ගොඩක් තවම ඉන්නවා (නි)
දීපිකා,ප්‍රතිචාර දමන්න කලින් විස්තරය සිහිබුද්ධියෙන් කියවන එක හොඳයි නේද..? (නි)
ආයෙත් අපිව රවටන්නද හදන්නේ? දැනටත් අපිව රැවටිලා ඉවරයි (නි)
කට්ටියම බලා ඉන්නකෝ කියනතුරු (නි)
මිනිසුනේ, ඔබ ටිකක් හිතා බලන්න මොවුන් කොහොමද රට පාලනය කර තිබෙන්නේ කියලා.රත්රන් කොහොමද අරලිය ගහ මන්දිරයේ තිබෙන්නේ?මේවා දැක දැකත් සමහරු කොහොමද ඔහු අපේ දෙයියෝ කියලා ඔහුට දෙකට නැමෙන්නේ? ඔබ කරන්න යන්නේ යහපත් ක්‍රියාවක්ද කියා ඔබගේම හහෘද සාක්කියෙන් විමසා බලන්න (නි)
ඇත්තටම කියන්නකෝ බලන්න දැන්... (නි)
අරලියගහ මන්දිරයේ තව මොනවා තිබෙනවද දන්නේ නැහැ. (නි)
ඔහොම කියන්නේ බලාගෙන හොඳේ! (නි)
එහෙමත් එකක් කිව්වා තමයි නේද? දැන් කියන්න වෙයි කොහෙද තිබ්බේ කියලා. (නි)
ඇයි ඒ කාලේ කොටින්ගෙන් අල්ලාගත් රත්තරන්? ඒ ගැනත් හොයලා බැලුවොත් නරකද? (නි)
ඒකනම් හොඳ වැඩක්. (නි)
උතුරේදි සොයාගත් රත්තරන් වල නියම හිමිකරුවන් සොයා තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් සිදුවුණා. එසේ තහවුරු කරගත් භාණ්ඩ ඒ අයට නැවත ලබාදෙන අවස්ථාත් ජන මාධ්‍යවල පළවුණා. අරලිය ගහ මන්දිරය තුළ වස්තුව සොයා යහපාලන රජය විශාල මෙහෙයුමක් දියත් කළේ රටටම ප්‍රදර්ශනය කරමින්. ප්‍රකාශ තිකුත් කළා. ඉතිං ඒ වස්තුව කෝ කියලා අහන එක ගැන තරහ ගන්න එපා (නි)
ඔය ගැන අහන්න අවශ්‍ය කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)
අරලියගහ මැදුරේ තිබුන මල් පැල වලට වුනු දේනම් දැක්ක. අර අශ්වයෙක් ගැන කිවුවේ ඡන්ද කාලේවත් මහජනයාට පෙන්නනවද දන්නේ නැහැ. (ස)
එතකොට කොටින් යටත් වූවාට පසු ඔව්න්ගෙන් අත්පත්කරගත් බිලියන ගණනක මුදල් සහ රත්තරන් වලට මොකද වුනේ කියලත් හොයනවද ? (බ)
තව අයුක්තිසහගත දේවල් කොච්චර වුණාද? එතකොට මේ යුක්තිය උදෙසා කාන්තාවෝ කොහෙද හිටියේ? (නි)
ඇත්ත ඇත්ත. අපිටත් ඒ ගැන දැන් තමයි මතක්වුණේ (නි)
පිවිතුරු යහපාල නියම උත්තරය දීල තියනවා. මේ ලිපිය කියවන සමහර කට්ටිය දන්නෙ නැහැ තමන් මොනවා ගැනද කියවන්නේ කියලා. (නි)
බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර! (නි)
ඇත්ත නේන්නම්! ඒ හොයාගත් ඒවා කෝ? (නි)
ඇත්ත බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර (නි)
ඇත්තටම මොකද වුණේ? (නි)
ඔන්න ප්‍රශ්න. දැන් උත්තර දෙන්නකො. ඇත්ත තමයි. කෝ ඒවා? (නි)
ඒවා දැනගන්න අයිතියක් අපිටත් තිබෙනවා (නි)
කියපු දේවල් වලට උත්තර බදින්න වෙයි දැන් ඉතින් (නි)
මේ සංවිධානය ගැන මම අදනේ දැනගත්තේ (නි)
ඇත්ත බොරුව ඇත්ත කුමක් හෝ වේවා දැන් දෙන්න වෙනවනේ උත්තර (ස)
වගකීමෙන් පැවසූ දේවල් ගැන දැන් සියල්ල හෙළිකරන්න (නි)
ඔන්න නියම ප්‍රශ්න! (නි)
චානක මහත්තයට වයර් මාරු වෙලා.මහින්ද මහත්තය අගමැති වෙනකම් ඉන්න ෂෝට් කරගන්නේ නැතුව..නැත්නම් අපිට ගතියක් නැහැ.ඔය අහන්නේ තිබුණයි කියපු ඒවාට 8 වෙනිදායින් පස්සේ මොකද උනේ කියල.එක්කෝ සිරි කොතේ තියෙන්න ඕන නැත්නම් රන්ජන් මහත්තයාගේ ගෙදර තියෙන්න ඕන නැත්නම් රනිල් මහත්තයාගේ ගෙදර තියෙන්න ඕන...කොයි ඉස්කෝලෙට ඔබ තුමා ගියේ..? (ස)