‘මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ භාරව සිටි නිලධාරීන් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අද අරලිය ගහ මන්ධිරය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. ‘ යැයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවසීය.
‘උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ජගමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු.‘ මැයෙන් පුරවැසි බලය සංවිධායන මෙම රැලිය සංවිධානය කර තිබිණි.
වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වූහ.
මාදුළුවාවේ සෝභිත හිමි -
‘ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු, දළදා මාලිගාවට බෝම්බ ගහමු, හාමුදුරුවරු මරා දැමූ පිරිස් අද ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. යුද්ධය ඉවර කළ හමුදාපති හිරේ දැම්මා. මිනීමරුවන් නිදහස් වෙනවා, වීරයන් හිරේ යනවා.
අධිවේගී පාරවල් එකකටත් ටෙන්ඩර් කැඳෙව්වේ නෑ. මේවාට ගිය වියදම් ගණන් හදලා බැලුවොත් පාරේ රත්තරන් අතුරන් පුළුවන්.
අද මේ රැස්වීම තියන්නේ විධායක ජනාධිපතිවරණයට එරෙහිව පළමු වෙඩි මුරය තබපු තැනයි. එදත් මෙතනට මේ විදියටම විශාල පිරිසක් රැස් වුණා. විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ලොකු හඩන් නැගුවා. වාසුදේව නානායක්කාර අත්අඩංගුවට ගත්තා. වික්‍රමභාහු කරුණාරත්නගේ රැකියාව නැති කළා.
එදා මහින්ද රාජපක්ෂ මහත්මයා කොළඹ සිට කතරගමට පයින් ගියේ මේ විධාය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලයි. ‘
නීතීඥ ජේසී වැලිඅමුණ -
‘2012 අද වගේ දවසක තමයි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ සමඟම නීතීඥ ප්‍රජාව එළියට බැස්සා. නීතියේ සාධාරණත්වය අගවිනිසුරුවරියටත් ඉල්ලුවා. මෙවර ඡන්දයට නාම යෝජනා දෙන්න තියෙන්නේ දෙසැම්බර අට වැනි දා. 2012 දෙසැම්බර 08 වැනි දා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයෙන් ඇය වැරදි කාරිය කළේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනවාරි අට වැනි දා. 2013 ජනවාරි අට වැනි දා අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් දවසක්. මේ හැම දවසක්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්න මොනයම් හෝ දෙයක් වුණු දවසක්. ජනාධිපතිගේ කේන්දරේ අනුව නැකත් හදලා තියෙන්නේ මේවා නැවත මතක් වෙන්න.
සමහරුන් කියනවා දින 100න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ කියා. මෙය කරනවා නම් දිස 100ක් හොදටම ඇති. ‘
ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර -
‘මම සඳුදා විශ්ව විද්‍යාලයයේ පුස්තකාලයට යනකොට එය වහලා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වසා තබන බව සඳහන් වුණා. මොකක් ද මේ නොවැලැක්විය හැකි හේතුව? ජනාධිපතිතුමා අරලියගහ මන්ධිරයට විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය කැඳවලා. හදිසියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්. ජනාධිපතිවරණයක් ළං වෙනකොට තමයි ප්‍රගති සමාලෝචනය මතක් වෙන්නේ. 2012 අපි පාරේ ඇවිදිනකොට එතුමාට ප්‍රගති සමාලෝචනය මතක් වුණේ නෑ.
දැන් අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉන්නේ. එහි ප්‍රථිපලය ජනවාරි අට වැනි දාට ලබා දෙනවා. දැන් ජනාධිපතිතුමා මහන්සි වුණා හොඳටම ඇති. ලබන ජනවාරි අට වැනි දා ඔහු විශ්‍රාම ගැන්විය යුතුයි.
දැන් නැවත වරක් යුද්ධය විකුණන්න පටන් අරගෙන. එතුමාට මතක නැහැ එතුමාම 2009 යුද්ධය සහ මුලින්ම ඉවර කළා කියලා. යුද්ධය අවසන් කළ හමුදාව අද කාණු සුද්ධ කරන්න දාලා. ඇමැතිවරුත් අපිත් එක්ක බස් වල ගිය රටක් මේක. ‘
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා -
‘පසුගිය වකවාණුව මාධ්‍යවේදීන්ට බිහිසුණු වුණා. මාධ්‍ය වේදීන් රැසක් මරා දැමුණා. ජනාධිපති වරණය පැවැත්වෙන ජනවාරි අට වැනි දා තමයි ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දැමුවේ. ඔහුගේ මිනීමරුවන් කවුරුන්දැයි කියා අපට දැන ගන්න අවශ්‍යයි. සිරස ගිනි තිබ්බේ කවුදැයි කියා දැන ගන්න අවශ්‍යයි. ‘
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, නීතීඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය චන්ද්‍රගුප්ත තේණුවර, මාධ්‍යවේදී සුනිල් ජයසේකර, ගාමිණී වියන්ගොඩ සහ මනෝ ගනේෂන් මහත්වරු ඇතුළු දේශකයෝ රැසක් අදහස් දැක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු රෙද්ද ගැන කිවුවහම මට අර ටෙන්ට් එකට වුණ දේ මතක්වුණා (නි)
අපිටත් ඔය ටිකම අර සමහර සේනා වල ඇත්තන් කතා කරන විලාශයෙන්ම හිතුනා පෙරේරා. (නි)
තම නායකත්වය, පක්ෂය පාවාදුන් පුද්ගලයන් ගැන මම පෞද්ගලිකව සිතන ආකාරය නම්, එවැන්නකු රටක නායකත්වයකට සුදුස්සකු නොවන බවත් ඔහු කෙදිනක හෝ රටත්, ජාතියත් පාවාදෙනු ඇති බවත්ය. (නි)
එතකොට පාර්ලිමේන්තුවේ? එහෙ ඔය දාලා නැහැ කියලා මෙතන කට්ටිය කියන සුදු රෙද්ද දානවද? (නි)
අපේ මිනිසුන්ට මුල මතක නැහැ .අනේ 9 වැනිදා බලාගන්න බැරියැ.අපිත් නෝර්වේ ඉඳලා සුබ පතනවා මහින්ද මහත්තයාට. ඔබට ජයවේවා! (නි)
මෙහෙමනේ දිලාන්, දැන් අනෙක් පාර්ශව වලත් ඉන්නවා නේද දේශපාලනය කරන පුජ්‍ය පක්ෂය. ඒ නිසා මේ පාර්ශවයට විතරක් දොස් කියන්න බැහැ නේද? (නි)
මේක නම් මෛත්‍රී මහත්තයාගේ පුදුම කාලයක්. ඔෆිස් එකට ගියත් ඔක්කොම මෛත්‍රී.බස් එකට නැග්ගත් ඔක්කොම කියන්නේ මෛත්‍රී.වැඩපළට ගියත් මෛත්‍රී.(නි)
අනේ අපොයි! හරිම දුකයි (නි)
අද අරලියගහ මන්දිරය දුක් අඳෝනා වලින් පිරුණු තැනක් බව කියන අයට රටක් බාරදෙන්න පුළුවන්ද මන්දා. (නි)
අපේ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට හොඳ කථිකයන් අවශ්‍යයයි. මඩ කතා අහන්න දැන් මිනිස්සු එන්නේ නැහැ (නි)
ස්වාමින් වහන්සේගේ පුටුවට සුදු රෙද්දක් දැම්මා නම් හොඳයි නේද? (නි)
ජනක ,ඒ විතරක් නෙමෙයි පාසලකට ගියත් ඡන්දෙ නැති පොඩි උන් පවා කියන්නෙත් මෛත්‍රී කියලා.හොඳ කාලය ආවිට බඹරය වැල්ලෙත් කැරකෙනවාලු. (නි)
සුදු රෙදි ගැන මොන කතාද? (නි)
සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
ඔක්කොටම කලින් අර සමහරු අධ්‍යාපනය සම්බන්ධව ප්‍රසිද්ධ වේදිකාවේ කියන කතා නවත්වා ගත්තේ නැත්නම් පාඩුවෙන වැඩක් සිද්ධවේවි. (නි)
යන්තරය කැඩුනට දිනන්නේ පරණ ජනාදිපතිමයි . (ස)
කකුළුවා නටන්නේ වතුර රත් වෙනකන්ලු.අපිත් බලන් ඉන්නේ 8 වෙනිදා වෙනකන්.හාමුදුරුවනේ ඔබ වහන්සේ රට බේරාගත් නායකයට ද්‍රෝහී උනා නේද?මට නම් හිතාගන්නවත් බෑ. (ස)
මේ ආණ්ඩුව කොච්චර මොනවා කළත් ඔය පාරවල් ටික හදපු පිනම ඇති අපේ ජනාධිපතිතුමා මතු බුදුවෙන්න.මට වහානයක් නැති වුණත් ඔය කාපට් පාරක පයින් ඇවිදගෙන යන එකත් සැපක්. (නි)
රනිල්, චන්ද්‍රිකාලා, හෙළ උරුමය දැන් මේ මොකක්ද කරන්නේ? ප්‍රභාකරන් සමඟ නැතිවුණ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතිය ගොඩගන්න හදනවා. ඒ වගේම ප්‍රභාකරන් නැතිකරගෙන ආ දූෂණය පගාව නැතිකරන්න හදනවා. ඔබ කැමති නැද්ද? 2009 ම ජීවත්වෙන්න එපා. ලෝකය සමඟ ඉදිරියට යන්න හැමතිස්සෙම දැනුවත් වෙන්න. (නි)
අනේ අපොයි අයෙත් නුවර නයිට් රේස් සහ රුසියානු නළගණන් බලන්න බැරිවෙයිද අපට? අනේ මෛත්‍රී මහත්තයෝ නයිට් රේස් වලට නම් කැපිල්ල දාන්න එපා. (ස)
ඔයාලා හැමෝටම වැරදි කියන්න මතක්වෙන්නේ දැන් නේද? ඔව් වැරදි කියලා කියන්න කෙනෙක් නොසිටි නිසා. ඉස්සර වැරදි වෙනවා කියලා කියන්න වුණේ වැරදි කරන අයටමයි (නි)
ජන හමුවකදී පුජනීය මහා සංඝයා වහන්සේලාට වෙනම අසුන් පනවන සම්ප්‍රදාය වත්මන් දේශපාලනය තුළින් සෝදාපාලුවට ලක්වීම කනගාටුදායකයි.(නදී)
දැන්නම් තීරණයක් ගන්න ඕනෑ (නි)
''ගෙදර යන ගමන් '' කියලාත් ලිව්වා නම් තමයි හරි යැයි කිව්වා කියන අදහස කියවලා හිනාවෙලා මගේ දවසම ලේ පිරිසිදු වුණා (නි)
පේනවා නේද දැනටම මෙයාලගේ වැඩ හාමුදුරුවෝ එක්ක එකට වාඩිවෙලා කදේ දාගෙන ඉන්න හැටි. පුටුවට සුදු රෙද්දක්වත් දාලා නැහැ ඔහොම වඩිමු අපේ හාමුදුරුවනේ. බල්ලොත් එක්ක සැතපුනාම මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ කියලා කියමනකුත් තියනවානේ. (නදී)
කස්තුරි, 1953 වසරේ හිටපු පක්ෂය කඩාගෙන නේද එළියට ගියේ. දියුණු රටවල සංවර්ධන තීරණ ගන්නේ දේශපාලකයන් නොව විවිධ ක්ෂේත්‍ර වල නිපුණ අයයි. කොළඹ නගරයත් ගියවසරේ අන්තිම චෝගම් වලට හදලා අවුරුද්දක් යන්නට පෙර නැවත හදනවානේ (නි)
හැමකෙනෙක්ම හැමදේම කරන්නේ තමාගේ වාසියට මිසක් රටට ආදරේට නොවෙයි. (නි)
දුප්පත් විශ්‍රාමිකයාගේ, වැටුප් විෂමතාවය ඉවත් කළ එක නම් නවත්වන්න හදන්න එපා (නි)
රත්නායක මහත්තයා, ඔයා ඔය කියන පාරවල් වල සතුටින් යනකොට ඔයාගේ දරුවන්ට යන්න වෙන්නේත් සතුටින්ම තමයි. ඕවට ගත් ණය ගෙවනකොට තේරෙයි. කමක් නැහැ ඔබතුමා හරි තාවකාලික සතුටක් ලබන්න. ඔහොම යමු (නි).
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජයගන්නා බව ස්ථිරයි (නි)
මහින්ද ලග අන්තීමට ඉතුරුවෙන්නේ එනතෝල්කාරයෝයි, කුඞු ගෙන්වන එවුන්ටිකයි, දූෂකයෝටිකයි විතරයි. ෆයිල් කේස්එ ක නිසා එවුන් පැනගන්න බයයි. බුද්ධිමත් රටට ආදරය කරන කට්ටිය මෛත්‍රී මැතිතුමා ළග. මෛත්‍රීපාල මැතිතුමාට ජයවේවා. (නදී)
කෝ චන්ද්‍රිකාගේ කට්ටිය ඇවිත් නැද්ද? (නදී)
ලැජ්ජාව වන්නේ 2010 දී රනිල්ගේ ඇම කාපු ෆොන්සේකා අද පොදු අපේක්ෂකත්වයෙන් ප්‍රතික්ෂේප වී එකට වේදිකා ගත වී මෛත්‍රීව එම තත්වයට ඇද දැමීමට සහය දීමය.(නදී)
උදාර, වෙනත් නම් වලින් පෙනී සිටින්න එපා (නි)
ඔයා තමයි මැතිවරණ යාන්ත්‍රනය දැනගෙන හිටියේ. නිකම් පච කෙලින්න එපා.(නදී)
මෙහෙයුම බිඳ වැටිලා නැහැ, අරලියග මන්දීරයේ සාමාන්‍ය ක්‍රමය ටිකක් නිශ්ශබ්දව ඉදලා විරුද්දවාදියාට හිතාගන්න බැරි පැත්තකින් පහර දීලා ප්‍රතිවාදියාව බිම හෙලීම. (නදී)
රට ආරක්ෂා කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති ගැනයි අපිට දැනගන්න ඕනෑ. පාලනයේ වැරදි අපි දන්නවා. වෙනස ජනාධිපති බලතල විතරද? (නි)
ඉතා හොඳ කතාවක් (නි)
ඔයාලා හැමෝටම වැරදි කියන්න මතක් වෙන්නේ දැන් නේද? (නි)
අරලියගහ මැඳුර ගැන අපි දන්නවා (නි)
කවුරු මොනවා කිවුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගන්නවා (නි)
තනිකරම වාසිය දැන් තියෙන්නේ පොදු අපෙක්ෂකතූමාට. හැමතැනම යන්නේ මේ රටේ ඉදිරි පෙරළිය ගැන කතා. (නි)
නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැප වූ ඔබ සැමට තුති (නදී)
දිනුවොත් ඉවරයි (නදී)
මොකද කරු අප්සෙට් එකේ වගේ අායෙමත් පනීවිද ..? කව්රු කෑ ගැහුවත් මහින්ද මහත්තය දිනනවා.(නදී)
කෝ සෙනඟ නැහැනේ (නදී)
ඔබතුමාට විස්නු දෙවි කතරගම දෙවි පරාක්‍රමබාහු දෙවි රැකවරණ ලැබේවා (නදී)
මේ අදහස් දිහා බලනවිට මට පෙනෙනවා පොදු අපේක්ෂකයාට කැමැත්තෙන් සිටින පිරිසක් ලියන බව. පොදු අපේක්ෂකයා වටා සිටින කණ්ඩායමට අකමැති පිරිසකුත් තව ඉන්නවා. (නි)
දිනුවොත් හොඳයි පුැරදුනොත් මොකද වෙන්නේ ? (නදී)
බම්බුව තමා.
රෝහිතගේ කතාව ඇත්ත. මඩ විතරයි දැන් ඇහෙන්නේ. (නි)
පුද්ගලික ස්ථාන වල අවසර නැතුව දේශපාලන ප්‍රචාරක පුවරු බැනර් දාන්න පුලුවන්ද? ගමේ තිබෙන අපේ ඉඩමක එහෙම කරලා කියලා ගමේ අසල්වැසියෙකුගෙන් ඊයේ දැනගන්න ලැබුනා. අපි කොළඹ කාර්යබහුලව ඉන්නේ. ගමේ ගිහින් ඕවාට රණ්ඩු කරන්න වෙලාවක් නැහැ. නමුත් වැඩේ හරිම කැතයි. (නි)
රට හදන්න නම් ජනතාව මුලික අවශ්‍යතාවන් බුද්දීමත්ව තේරුම් ගන්න ඕනි. තම තමන්ගේ පෞද්ගලික වාසි තකා කිසිම දෙයක් ගොඩ නගන්න බැහැ එකමුතු වී වෙහෙස වී වැඩකර ඉදිරිය දිනාගත හැකියි. පටු වාසි තකා මුදලට තනතුරට වහල් උවවොත් වෙන්නේ එකතැන පල්විමක් විතරයි.(නදී)
අනේ දිලාන්, ඔයා ලංකාවේද? අපි බස් එකේ යන්නේත් ස්වාමීන් වහන්සේලා සමඟ එකටනෙ. ගෞරවය තියෙන්නේ හිතේ. (නි)
ප්‍රභාකරන් මේ රටේ සිංහල, දෙමල මුස්ලිම් මිනිස්සු මරනකොට, මේ රටේ පොදු දේපළ විනාශ කරනකොට, මේ රටේ පොදු හතුරා වූ ප්‍රභාකරන් විනාශ කරලා දාන්න එකට එකතු නොවූ රනිල්, චන්ද්‍රිකාලා, හෙළ උරුමය දැන් මේ මොකක්ද කරන්නේ? (නි)
"අපේ සේනාධිපතිතුමාට හැර වෙන කිසිම කෙනෙකුට රට පාලනය කරන්න සිද්ධවෙන්න එපා කියලා" සමහරු කිවුවට ඔය අදහස රටේ බහුතර මිනිසුන්ගේ අදහස නොවෙයිනේ (නි)
හැමකෙනෙක්ම හැමදේම කරන්නේ තමාගේ වාසියට මිසක් රටට ආදරේට නොවෙයි. (නි)
අපි ඉන්නවා ලලිත් මහත්තයෝ. ඒ වුණාට 9 වෙනිදා වෙනතුරු මගේ නිදහස ඇහිරිලා (නි)
මහින්ද මහතාට මාගේ සුබ පැතුම්! (නි)
ඇත්ත. හාමුදුරු කෙනෙක් මෙහෙම සම ආසන වල සිටීම මමත් අනුමත කරන්නේ නැහැ (නි)
අරලියගහ මැදුරේ මෙහෙයුම් බිද වැටිලද නැද්ද කියල 8 වෙනිදට මිනිස්සු ඡන්දෙන් පෙන්නයි. මේකේ කතාකරන උන්දල දැක්කහම මිනිස්සු දන්නවා කවුද කට්ටිය කියල එතකොට අමුතු මෙහෙයුම් ඕනැ වෙන්නෙ නැ. (ස)
මේගොල්ලෝ පවුල් වාදය ගැන කතාකරනවා. ඒත් එයාලත් එක්ක ඉන්න සමහරු ගැනත් අපි දන්නවා (නි)
මම පසුගිය දවසක බසයක් එනතුරු බොරැල්ල හන්දියේ බස් නැවතුම් පොළට වී සිටින අතරතුර මා අසළ සිටි තවත් මඟියෙක් ඒ අසළ සවිකර තිබෙන යෝධ කටවුට් එකක් දිහා බලලා මදෙසට හැරී සිනාසී, මේකේ යටින් ''ගෙදර යන ගමන් '' කියලාත් ලිව්වා නම් තමයි හරි යැයි කිව්වා. (නි)
කුමාර, ඔයාලා මියගිය උදවිය මත්තෙන් අනාගතය දකින කොට්ඨාශයක්. එහෙත් අපිට අවශ්‍ය අනාගතයේදී අපේ ළමයින්ට ජීවත් වෙන්න ලැබෙන රට ගැන. අපි අතීතය මතක තියාගත්තත් ඒ මත්තේ හැපිලා අනාගතය අවුල් කරගන්න කැමති නැහැ. (නි)
මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගත්තු තීරණය බොහොම වැදගත් ලොකු ආදර්ශයක්. පොස්ටේර් සහ කටවුට් වලට රුපියල් ලක්ෂ ගානක් වියදම් කර නාස්තිකරනවට වඩා වැදගත් වන්නේ කාලින අවශ්‍යතාවයක් වන වකුගඩු රෝගීන් වෙනුවෙන් අවංකව පෙනී සිටීමයි. මෙය ලොකු පුන්‍ය කර්මයක් සේම හොඳ ආදර්ශයක් බාලයන්ට. (නදී)
අනේ අම්මපා! අපේ රටේ සිටි එක්තරා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට ගිය කලක්! (නි)
අරලියගහ මැදුර නොවේ ඒක අරලියගහ දන්සැල. මහජනයාගෙන් මුදලින් දන්සැල් දීමේ විපාක ළඟදීම බලාගන්න පුළුවන්. මැතිතුමනි ! ඔබට ජය. ! (නදී)
කිසිවක් නොකියමි. කොයිතරම් කෑගැහුවත්, කොතරම් වෙරදැරුවත් කියන්නට ඇත්තේ 9 වෙනිදා උදේ වනවිට සියලුදෙනා ඔබ හැරයනු ඇත. ළඟ නොබලන්න දුර බලන්න (නි)
සම ආසන වල ඉන්න අකැපයි. එහෙත් සමහරුන්ට ප්‍රසිද්ධ රැස්වීම් වල පුජ්‍ය පක්ෂයට නොහොබිනා වචන භාවිතා කරන්න කැපයි (නි)
කුමාර, ඔබ හරි. එදා ප්‍රභාකරන් ඉදිරියේවත් ජාතික ආණ්ඩු හදන්න එකතු නොවුණු කට්ටිය දැන් මොකද්ද කරන්න යන්නේ කියලා දන්නෝ දනිති. ඕවාට ඉතින් හැමෝම රවටන්න බැහැ. (නි)
දැන් බන්දුල පෙරේරා සත්‍යපාල එනතුරු බොරැල්ල හන්දියේ රැකගෙන ඉඳීවිද දන්නේ නැහැ. (නි)
රත්නායක මහතා මතුගම පැත්තේ එහෙම යන්න නැතුව ඇති මගේ හිතේ. (නි)
ජාතික ආණ්ඩු හදන්න මිනිස්සු එකතුවෙන්න එයිද දිනපු යුද්ධය මෙහෙය වූ සමහරුන්ට සිදුවූ දේ දැක්කට පස්සේ? (නි)
අපට මේවට හිනා යාලුවේ. ජනවාරි 9 වෙනකම් මටත් කට පියාගෙන ඉන්ට බැරි කමට කියවුනා අප්පා. (ස)
සත්‍යපාල මහත්තය ඇතුළු ගොඩක් අය එදා ඉදල හැම ඡන්දෙකදිම මහින්ද මහත්තයව ගෙදර යවන්න හදනවා. අනේ එ්ත් අන්තිමට මහින්ද මහත්තය ඉන්නවා අනෙක් කට්ටිය ගෙවල් වල යනවා. (නදී)
ඕව වැඩක් නැහැ. කෝ අර ගේනවා කියපු කට්ටිය..(නදී)
මහින්ද මැතිතුමාගේ ආණ්ඩුවක අගමැති කම හරි නම් මාසෙකට හරි ලැබෙන්න ඕන බන්දුල පෙරේරාට . මේ තරම් පක්ෂයට දත් කාගෙන දර දිය ඇද්ද කෙනෙක් මම කොහෙවත් දැකල නැහැ. (නදී)
අගමැති කම දුන්න නම් අද මේ මොකුත් නැහැ. අනේ ඉතින් අපිට ආදරේට නේ මේ සේරම (නදී)
දාපු තේමාව නම් පංකාදුයි. එ්ත් ඉන්න උදවිය දැක්කම තමා තරු පේන්නේ. (නදී)
එක එක්කෙනාගේ හිතේ අමාරු කෝන්තර පිරිමහගන්න ගියොත් අපේ රටට මොකද වෙන්නේ..(නදී)
මේවා කියවල අපිට කව්රු කවුරුත් ඉන්න තත්වය හොදටම පැහැදිලියි. (නදී)
මට නම් මෙයා කියන කතා එකිනෙකට පරස්පරයි කියලයි හිතෙන්නේ. වෙලාවකට කියනවා මීළඟ පාලකයා රජරටින් කියලා. එතකොට දින 100 කින් විධායක ජනාධිපති ධුරය නැතිකලාම රජරට පාලනය එතනින් ඉවරද? රනිල් අගමැති කරනවා කියන්නේ මුහුණට මුහුණ දීලා තරඟයක් කරන්න බැරි ජන ප්‍රසාදයක් නැති කෙනෙකුට පාලන බලය අරන් දෙනවා කියන එකද? එතකොට දින 100 කින් පස්සේ මෙයාට මොකද වෙන්නේ? නාමික ජනාධිපතිද, රනිල් යටතේ ඇමති කමක්ද, නැතිනම් දේශපාලනෙන් අයින්වෙනවද? එතකොට මීළඟ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ප්‍රමාණය කොච්චරක් වෙයිද? දැනට එජාපයේ ඉන්න අයයි, ශ්‍රීලනිපෙන් ආපු සහ එන අයයි, සුළු ජාතික පක්ෂයි ඔක්කොම සතුටු වෙන විදිහේ මෙගා ඇමති මණ්ඩලයක්ද? (නදී)
වෙනසක් ඇරඹුනා (නදී)
බන්දුල පෙරේරා ලග හිටියා නම් මීපැණි වක්කරනවා කටට. සහතික ඇත්ත කතාව කිව්වේ (නදී)
ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අති ගරු මාදුලුවාවේ සෝභිත හිමිපාණන්ගේ චීවරයට ගෞරව වනසේ සුදුසු අසුනක් පැනෙව්වනම් හොඳ නේද? (ස)
කෝ රැජින නෝනා පේන්න නෑනේ මේකේ (දිල්)
අනේ මහින්ද මහත්තයට මොන ඡන්ද මෙහෙයුම්ද..එතුමාට තියෙන්නේ 9 වෙනිදට දිවුරුම් දෙන්න විතරයි. ඔයාට තියෙන්නේ 9න් පස්සේ ඔය කට්ටියත් එක්ක දේශපාලන කටුගෙට යන්න විතරයි ...(ස)
අපි නම් මේ දවස් ටිකේම දැක්කා උදේ ඉදලා රෑ හත අට වෙන තුරුම එතන රැස්වීම් වලට දහස් ගනන් මින්ස්සු එනවා යනවා. කවුරුවත් බොරු කියලා මෛත්‍රීපාල මහත්තයා අන්දනවද මන්දා? එක්කො හීනෙන් කථා කරනවා වෙන්න ඕන. (ස)
අරලිය ගහ මැදුරේ වැඩ වැඩක් නැහැ. අනුන් විවේචනය නොකර තමන්ගේ කැම්පේන් එක කරා නම් තමා ආදර්ශවත් (ම)
මෛත්‍රී හිතන් ඉන්නේ ජනාධිපති වෙන එක නිකම් ග්‍රාමසේවක කෙනෙක් වෙනවා වගේ ලේසියි කියා (නදී)
මහා සක්කරයා ආවත් අපේ රටේ දේශපාලනය වෙනස් නොවේ. මෙය තේරුම් ගැනීමට අපහසු අය හැමදාම දෙපසට වී ඇන කොටා ගනිති. (හේ)
ජය වේවා ! (නදී)
පබසර, සමන්, බස් එකේ සුදුරෙදි එළලාද ඉඳගන්නේ? අසුනේ ගිහියෝ සමඟ වාඩිවෙන්නේ නැද්ද? (නි)
මහින්ද මහත්තය කලකිරිලා ඇති ඔයා ගියපු නිසා. සමහර විට ඡන්දෙ නැතුවම ගන්න කියාවි කට්ටිය නැති නිසා. අාසයි නේ. (නදී)
ගරුතර සංඝරත්නයට අසුන් පැනවීමවත් හරියට කරලා නැහැ (නි)
හාමුදුරුවන්ට සුදු රෙද්දක් දාලා නැති එක තමයි දැන් මෙතන සමහරුන්ට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ (නි)
බැලුවම අරලියගහ මන්දිරයේ මීට ඉස්සර හැමදෙයක්ම කරලා තියෙන්නේ මෙතුමා නම් ඔය කියන වැරදිත් ඔබතුමාම වෙන්න ඇතිනේ එහෙනම් කරලා තියෙන්නේ (නි)
හැබැයි දිනන්නේ අපි. ඒ කියන්නේ කළගුණදත් රටට ආදරය කරන බහුතර ජනතාව. කට්ටිය ඒ වෙනතුරු පාලු ගෙවල් වල වළං බිඳින්නකෝ (නි)
එහෙම තමයි පබසරෝ, සාධාරණ සමාජයේ උස් මිටිකම් නැහැනේ (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැන නම් විවාදයක් නැහැ.අනිත් අය ගැන නම් පැහැදීමක් නැහැ අපිට. (නි)
යුද්ධයෙන් අපිව බේරාදුන් මහින්ද මහතාට මාගේ සුබ පැතුම් නෙදර්ලන්තයේ සිට! (නි)
සුද්දා රේල් පාර හැදුවාට පස්සෙ රටට දැනෙන්න සංවර්ධනයක් කළ එකම නායකයා කවුද ? තරඟයක ජය පරාජය කියලා 02 ක් තිබෙනවා. සාර්ථක නායකත්වයක් පරාජය කරන්න හදන්නේ ඊර්ෂ්‍යාවෙන් බලන පුද්ගලයන්. (නි)
මේ කට්ටිය මාරුවුණාට ජනතාව මාරුවුණේ නැහැනේ (නි)
අනේ ඉතින් ඔය කරගන්න බලාපොරොත්තු වෙන වැඩ කන්දරාව දැක්කම දින සීය නෙමෙයි ජීවිත කාලයම ගියත් කරගන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය දින සීයම වැඩ කරන්න තියෙන්නේ සන්ධාන ආණ්ඩුවක් එක්ක නේද? (නි)
හංසයාට මනාපය දී මෛත්‍රී දේශයක් ගොඩනඟමු. (නි)
එහෙම ලේසියෙන් ඒවා බිඳවැටෙන්නේ නැහැ මහත්තයෝ (නි)
අනේ මන්දා මොනවද කියලා සමහරුන්ගේ මේ කතා? (නි)
මම නම් හිතන්නේ නැහැ එහෙම වෙලා ඇති කියලා (නි)
මම නම් කියන්නේ අපේ සේනාධිපතිතුමාට හැර වෙන කිසිම කෙනෙකුට රට පාලනය කරන්න සිද්ධවෙන්න එපා කියලා (නි)
මටත් පනින්න හිතයි මේවා දකිද්දී (නි)
අපිටත් පවු පිරෙනවා මේවා නිසා. හාමුදුරුවොත් සමඟ සම සමව ගිහියො වාඩිවෙනවද? (නි)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි ලෝදම් කැරකෙනවා.... (නි)
උගුලෙන් ගැළවෙමු. උගුලක අහුවෙමු. දෙකම එකයි. හැබැයි වෙනස්. (නි)
එන්න එන්න එන්න ... සතර දිගින් එන්න... (නි)
ඇයි ඔය බන්දුල පෙරේරලාට බැරිද අපේ මහිලා සමිති කට්ටිය එක්ක ගිහින් එතනට සපෝට් එකක් දෙන්න? ශ්‍යාමා, කුමාරිලා, සෙත්මිලා, සඳුනිලා, ඇසිලින් නෝනලා බලාගෙන ඉන්නේ අවස්ථාවක් එනතුරු. (නි)
මට නම් අන්තිම ඡායාරූපය දකිනකොට හිනාත් යනවා. දක්ෂ කැමරාකරුට නම් සම්මානයක් දෙන්න වටිනවා. හැබැයි ඉතින් කොහොම කැමරාවට පෙනුනත් රට වෙනුවෙන් කරන වැඩ කටයුතු තමයි අපිට වැදගත්. (නි)
මොකද අද බන්දුලාගමනය පරක්කු ?. එයා නැති සභාව නිකන් කොහොල්ල නැති කොස් ගෙඩිය වගේ නේ. ! (ස)
ඇයි ඉතින් පසුගිය දවස් වල හැටට හැටේ පැමිණි කට්ටිය කොහෙද එතකොට? (නි)
ඔය පවුල්වාදය නිසා තමයි බහුතරයක් ලාංකිකයන්ට දේශපාලකයන් එපා වුණේ. තනතුරට සුදුසුද නැද්ද කියලා සිතා බැලිල්ලක් නැහැ. ඕක බොහොමයක් දේශපාලකයන් සම්බන්ධයෙන් තිත්ත ඇත්තක්. මම මේ මධ්‍යස්ථ කෙනෙක් ලෙසයි මේක කියන්නේ. (නි)
ඔය හැමදේකම අවසන් ප්‍රතිඵලය තව ටික දවසකින් බලාගන්න පුළුවන් (නි)
සත්‍යපාල මහත්තයා ඇතුළු ගොඩක් අය එදා ඉදල හැම ඡන්දෙකදිම මහින්ද මහත්තයව ගෙදර යවන්න හදනවා. අනේ එ්ත් අන්තිමට මහින්ද මහත්තයා ඉන්නවා අනෙක් කට්ටිය ගෙවල් වල යනවා. මෙදා පාරත් ඒක එහෙමම තමයි (නදී)
මහත්තයට තේරෙයි මිනිස්සු කතිරය ගහලා තියෙන විදිය දැක්කහම (නි)
බලන්නකෝ මූහුණුවල තියන සිරියාව.කොච්චර කාලෙකටද? (නි)
අපිටත් ආරංචියි මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන හොඳ හොඳ ආරංචි (නි)
මොන සම්භාෂණ, උපක්‍රම තිබුණත් ඒවාට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. (නි)
ඇයි බැරි සිරිමෙවන්? අපි මේ බලාගෙන ඉන්නේ 8 වෙනිදා වෙනකම්. මොකද දැන් ඔය වේදිකාවල තිබෙන තත්වය එදාට වෙනස් වෙනවනේ. (නි)
මැතිවරණ ප්‍රචාරයට කියලා කට හොඳ නැති කථිකයන් යොදා ගැනීමෙන් කිසිම පාර්ශවයකට යහපතක් වෙන්නේ නැහැ. මට මේවට අදහස් කියන්න හිතෙන්නෙත් නැති තරම්. එහෙත් සමහර තනතුරු දරන දේශපාලකයන් කතා කරන්නේ හරියට මුඩුක්කු පරිසර වලින් ආ අයවත් කතා නොකර තරමේ පහත් පෙළේ නීරස , අප්‍රියජනක දේවල්. මෙවැනි කථිකයන්ට ප්‍රචාරක කටයුතු භාරදීමෙන් අනිත් අයට මඩ ගසා වැඩේ හරියාවි යයි සිතනවා ඇති. එ්ත් එයින් සිද්ධ වෙන්නේ ලැබෙන්න තිබෙන ඡන්දයත් නැතිවීමයි. (නි)
මෙතන ලියන තමන්ගේ අදහස් අවංක නම් මොන දේශපාලන මතයක් දැරුවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමහරු ඉපදුනේ හැදුනේ වැදුනේ කොටි ගහපු ගම්වලලු. ඒත් අදහස් ලියන්නේ කොළඹ වෙසෙන දේශපාලන විද්‍යාව හැදෑරූ උදවිය පරිගණකයෙන් ලියන විදියට. අපි ඔය දේවල් වලට රැවටෙන්නේ නැහැ. (නි)
හමුදුරුවොත් හිහියොත් දැන් එක සමානවෙලා වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අනේ දෙවියනේ! කෝ හාමුදුරුවන්ගේ පුටුවේ සුදු රෙද්ද? (නි)
බන්දුල පෙරේරා නැත්තේ කටවුට් ගහන්න ගිහිල්ලද? (නි)
ඔය මොනවා වුණත් අන්තිමේදී දිනන්නේත් එතුමාම තමයි (නි)
බන්දුල පෙරේරාට කවුරු නැතත් මේ දවස් වල කඩේ යන නෝනලා ටිකක් නම් එකතුවෙලා ඉන්න හැඩයි. (නි)
හාමුදුරුවොත් සමඟ ගිහියො සම සමව අසුන් ගන්නවද? (නි)
මම නම් මේ කතාව විශ්වාස කරන්නෙ නැහැ. අද අරලියගහ මන්දිරය දුක් අඳෝනා වලින් පිරුණු තැනක් බවට පත්වෙලා කියලා නම් මම කොහොමටවත් හිතන්නෙ නැහැ (නි)
මේ යන ගමනේදී මෛත්‍රී මහත්තයා අනිවාර්යයෙන් දිනයි. (නි)
කවුරු කවුරුත් තවමත් කතා කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල සහ ඉලක්ක මොනවාද ඒ සඳහා ගන්න යන ක්‍රියාමාර්ග මොනවද යන්න නෙමෙයි. අනෙක් පාර්ශවයේ එක්කෙනා රටේ නායකකමට නුසුදුසු ඇයි කියන එක විතරයි. ඇත්තට මේ අයට තේරෙන්නේ නැද්ද බහුතරයක් අපිට දැනගන්න අවශ්‍ය මේ අපේක්ෂකයන් රටේ අනාගතය වෙනුවෙන් ඉදිරියට කරන්න යන දේවල් මිසක් අනෙක් එක්කෙනා සමඟ තිබෙන පුද්ගලික කෝන්තරය මොකද්ද කියන එක නෙමෙයි කියලා. (නි)