ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දා රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික විධායක සභාවේදී සියලු දෙනාගේ අනුමැතිය හිමිවූ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පරීක්ෂණය කඩිනම් කිරීමට පියවර ගන්නා බව පැවසූ බවත් අනුර කුමාර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා (දිල්)
වෛරී දේශපාලනය නැවැත්විය යුතුයි .මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් පිටත් වුණේ ප්‍රතිපල නිකුත් වෙන්නත් කලින්.ඉතින් කොහොමද කුමන්ත්‍රණයක් කලා වෙන්නේ ?(දිල්)
හරියට හරි. ඔහොම යමු (නි)
පරීක්ෂණ කරන්න නම් තව ඕනෑතරම් හේතු තියෙනවා මහත්තයෝ (නි)
මේක විහිළුවක් වගෙයි අපිට දැන්නම් (නි)
යහපාලනයට මහත්තයට ටිකක් වැරදුනා නේද? මහින්ද මහත්තයට ලැබුනේ බහුතරයේ බහුතර ඡන්ද සහ සුලුතරයේ සුලුතර ඡන්ද විතරයි.
අනුර කුමාරල සමාජවාදේ අතහැරලා දැන් පොලිස් රාජකාරියට ඇත ගහල වගේ.කොහොමත් තමුන්ලා මිනිස්සුන්ගෙන් පලිගන්න හරි දක්ෂයිනේ.අපිට මතකයි 88 89 කාලෙ මරපු මිනිහටත් කරපු අවමාන. (බ)
ඉස්සරහට වෙන්න පුළුවන් කුමන්ත්‍රණ ගැන කල්පනාවෙන් සිටීම වඩා හොඳයි (නදී)
අනුර කුමාර ජනතාවගේ බුද්ධියට කතා කරන දුර දර්ශි නායකයෙක්. ඔහු ගැන අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. (දිල්)
බොහොම හොඳයි මහත්තයෝ. අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)
මට පුදුම අනුර මහත්තයා වගකීමක් බාර ගෙන කමිටු සාමාජිකයෙක් වීම. මම හිතාගෙන හිටියේ ඒ ගොල්ලෝ දන්නේ විවේචනය විතරයි කියලා. (නදී)
අනේ මන්දා! මේක කුමන්ත්‍රණයක්ද? බූමරංගයක්ද? (නි)
සියලු පරීක්ෂණ විධිමත්ව සිදු කළා නම් හොදයි(දිල්)
ඔය යන ගමන ගොඩක් කෙටියි මහත්තයෝ. සමහරවිට දින සියයක් පමණක් වේවි. අටලෝ දහම කැරකෙන බව මතක තියාගන්න. සුළුතරයේ බහුතරය ලබා බහුතරයේ බහුතරය දිනු මහින්ද මහත්තයාව බොරු චෝදනාවන්ට ලක්කර දේශපාලනයෙන් ඉවත් කරන්න ඔය ලංකාවෙන්ම ලක්ෂ දෙකතුනක් ඡන්ද අමාරුවෙන් එකතුකරන අයට ටිකක් අමාරු වේවි (නි)
බොහොම හොද දෙයක් රටේ දුෂණ භීෂණ හොයන එක බලන එක පිළියම් හොයන එක ඒවා හොයනවනම් 88/ 89 කාලයේ ඇති කළ භීෂණ .ගැනත් හොයන මේ උත්තමයෝ කටයුතු කලොත් හොදයි' (දිල්)
සද්දේ තරමටම වැඩත් තිබුණොත් හොඳයි (නි)
ඔබලාගේ සගයන් කල ඝාතන ගැනත් හොයන්න මහත්තයෝ (නදී)
ඉක්මනට පිරික්සුවොත් හොඳයි (නි)
පසුගිය මැතිවරණ ගැනත් පරීක්ෂා කරන්න (නි)
"ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියන වචනය අනිසි ලෙස භාවිතා කරමින් ජනතාව නොමග යැවූ පාලකයින්ට අද "කුමන්ත්‍රණ" කියන වචනයම පාරා වළල්ලක් වෙලා. සැබෑ කුමන්ත්‍රණ කරුවෝ කවුද කියන්න දැන් ජනතාව හොඳට දන්නවා. රටේ නීතියට පිටුපාන්න කාටවත් බැහැ. (ර)
පරිගණක ජිල්මාට් ගැනත් සොයන්න (නි)
ඇත්තටම වෙන වැඩක් නැද්ද කරන්න? අපිට නම් දැන් මේවා ඇතිවෙලා (නි)
පහු පහුවෙනකොට කොහු කොහුවෙයිද දන්නෙ නැහැ (නි)
මගේ අම්මේ! අනුර කුමාර මහත්තයෝ, බලාගෙන ... අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ. අද මේ පැත්තේ. හෙට අනෙක් පැත්තේ. ටිකක් ප්‍රවේශමෙන්! (නි)
ටිකක් අමාරුවේවි මහත්තයෝ.ඔය වගේ කතා ඕනෑතරම් අපි ඡන්ද වලින් පස්සේ දැක තිබෙනවා. (නි)
දැන් ඉතිින් මේවා හොය හොයා ඉන්නේ නැතිව නරකද දින සීයයේ වැඩ පෙන්නුවොත්(දිල්)
හිටිය ආණ්ඩුව අවුරුදු 8ක් ඉදලත් අල්ලස් හා දුෂණ වලට කිසිම පියවරක් ගත්තේ නෑ. හැමදේම අඩපණ වෙලා තිබුණේ. දැන් බලාපොරොත්තුවක් තියනවා..(දිල්)
බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
කුමන්ත්‍රණ තිබුනා නම් කලින්ම මෙහෙම යන්න යයිද? මීට පළමුත් ජනාධිපතිලා අගමැතිලා ගියාම ඔහොම කතා කිවුවා. සමහර අය රජගෙදර තිබුන බඩුත් ගෙනගිය බව කිවුවා (නි)
යහපාල, යොහාන්, බලන්න දෙයක් නැහැ. මේ පාර නියම විදිහට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වේවි. මොකද අපේ අනුර කුමාර සහෝදරයත් ඉන්නවා මේ විධායක කමිටු සාමාජිකයෙක් විදිහට. අපිට ජේ.වී.පී එක ගැන විතරයි විශ්වාස කරන්න පුළුවන් මේ වෙලාවේ. (නි)
බන්දුල යහපාල ආයෙත් වැඩ පටන් අරගෙන. රට කන මිනිස්සු බලයේ ඉන්නවා නම් හරි කැමති ඇති. (නි)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ. (නි)
යහපාල ගින්නක් නැතුව මිදුම නගින්නේ කොහමද කට තිබුණට කෑ ගන්න එපා .දැන් ඉතිින් මේවා හොය හොයා ඉන්නේ නැතිව නරකද දින සීයයේ වැඩ පෙන්නුවොත් (දිල්)
ඔව් ඔව්.... හැකි ඉක්මණින් අවසන් කරන්න (නි)
මේකත් නරක නැහැ. මහජනයා අතරට යාමට මඟක් හදාගන්න පුළුවන් (නි)
ගොඩක් ඉස්සර කාලේ සිදුවූ දේවල් ගැනත් හොයන්න බැරිද ඔය විධායක සභාවට? (නි)
පෙරේරා මහත්තයා, හරියටම මොකුත් දන්නේ නැහැ වගේ.පොඩ්ඩක් හොයලා බලන්න. දුම නැතුව ගිනිතියන්නේ කොහොමද කියලා එතකොට වැටහේවි (නි)
කුමන්ත්‍රණ කළාට ක්‍රියාත්මක වුණේ නැහැනේ.... (නි)
කුමන්ත්‍රණ ගැන ලිව්වා විතරයි, යහපාල බන්දුල පෙරේරාගේ වලිගය ගිනිඅරන්. වැරැද්දක් නැත්නම් මොකද බයවෙන්නේ? (නි)
බන්දුල පෙරේරා නමින් දැන් එන්න ලැජ්ජා නිසා යහපාල නමින් එනවා (නි)
බන්දුල යහපාල පෙරේරා තවමත් පරණ ලොන්ඩරියේම වැඩකරන බව පෙනෙනවා. තවමත් අපුල්ල අපුල්ලා සුද්ධ කරනවා . ගලේ ගසමින් සෝදනවා. ලැජ්ජාවක් නැති හැටි! (නි)
ඇත්තටම දැන් මේවාට චෝදනා එල්ලවුණ අයට වැඩිය කකුල් දෙක ළඟ වාඩිවෙලා හිටපු සළුවඩන නිළමේ බන්දුල යහපාල මොකද මේ උඩ පැනගෙන කලබලවෙලා තියෙන්නේ? (නි)
සියල්ල ඉතාම පැහැදිලියි. අපිට අමුතුවෙන් තේරුම්ගන්න අවශ්‍ය නැත (නි)
කළ වැරදි ටික යටි මඩිගහලා හරි ගොඩින් බේරාගන්න පුළුවන් නම් සමහරු හරි කැමති වේවි. (නි)
බන්දුල යහපාල කලබලවෙලා තියෙන්නේ ඔය කියන දුම නැග්ගේ හරියට එයාගේ කුස්සියෙන් වගේනේ! (නි)
කලින් කළදේවල් ගැනත් සෙවුවා නම් තමයි හොඳ. හැමදේකම වැරදි දැක දැක දැන් කාලයක් තිස්සේ කියවමින් සිටිනවා. (නි)
සමහරු හිතාගෙන ඇති අහෝසි කර්ම වලට අයත්වෙන දේවලුත් ඇති කියලා (නි)
කරන දෙයක් දෙයක් ඉක්මනින් කරලා වැරදිකරුවන්ට දඬුවම් සහ නිවැරදි අය නිදොස් කොට නිදහස් කිරීමත් සිදුකරන්න. කල්ගතවීමෙන් සාක්ෂි යටපත් කිරීම හෝ විනාශ කිරීම වැනි දේවල් සිදුවිය හැකියි. (නි)
ඔය කමිටුව ශුද්ධ එකක්ද කියලා අපිට කියන්න (නි)