ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත්, ඇමෙරිකාවේ සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්අයි හය ඔත්තු සේවා තමා පසුගිය ජනපතිවරණයේ දී පරාජය කිරීමට කුමන්ත්‍රණය කර ඇතැයි ද, එහෙත් නරේන්ද්‍ර මෝදි අගමැති හෝ ඔහුගේ රජයට ඊට සම්බන්ධයැයි තමා නොසිතන්නේයැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හින්දු පත්‍රය සමඟ සාකච්ඡාවකදී පැවසීය.
‘ශ්‍රී ලංකාවේ රෝ නියෝජිතයා ඉවත් කළ යුතු යැයි මා එදා කිව්වා. ඔවුන් එකඟ වුණා. නමුත් ඉවත් කළේ අන්තිම මොහොතේ. එතකොට ප්‍රමාධ වැඩියි.‘
රාජපක්ෂට එරෙහිව විපක්ෂ කණ්ඩායම් එකමුතු කිරීමට යතියි කියන චෝදනාවක් මත පසුගිය ජනවාරියේ දී කොළඹ ඉන්දියා තානාපති කාර්යාලයයේ නිලධරයකු මාරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළැයි හින්දු පත්‍රය කියයි.
එහෙත් ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ එය සාමාන්‍ය මාරුවක් පමණක් බවයි.
යළි දේශපාලනයට එන බවත් හින්දු පත්‍රය සමඟ තහවුරු නොකළ රාජපක්ෂ කියා සිටියේ සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ තම පවුලේ සහෝදරයන්ට හා සගයනට එරෙහිව නඩු පවරන බවයි.
‘ඔවුන් මෙහෙම නොකළා නම් මම ඔවුන්ට සහාය දෙන්නට තිබුණා. නමුත් දැන් ඔවුන්ට ඕනෑ අපට විරුද්ධව පරීක්ෂණ පවත්වන්නැයි. අප හිරේ දාන්නයි. සාක්කි නැතිව අපගේ ගමන් බලපත්‍ර තහනම් කරන්නයි. තත්ත්වේ එහෙම නම් මම කොහොමද විශ්‍රාම යන්නේ? විශ්‍රාම ගන්නා බවක් මම කවදාවත් කිව්වේ නෑ. දැන් මම විවේක ගන්නවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන 'රෝ'ද මහත්තයෝ? අපේ ඡන්දෙන්නේ ඔබව පැරදුවේ.අපේ වටිනා ඡන්දයට අපහාස කරන්න එපා (නි)
සත්‍ය ජය ගන්නවා . ඔය වැඳපු තරමට පරදින්න බැහැනේ. පව් කලාම පඩිසන් දෙනවා. රජ උනත් කළකම් පලදේ (නදී)
ඩුබායි තිලක්ලා වගේ කුහකයින් ගුණමකුවන් එදත් අදත් හෙටත් අපි අතර හිටියා වගේම ඉදිරියටත් ඉඳීවී. ඒ හින්දා කට්ටියගේ ප්‍රතිචාර ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.මේ රටේ මිනිසුන්ට දේශපාලනය කරන්න නිදහසේ හුස්මක් ගන්න අපේ දරුවන්ට යුධ බිය නැති මරබිය නැති හෙටක් හදාදුන් ඒ උතුම් නායකයාට මේ රටේ ලක්ෂ 57ක් කෘතගුණ දක්වා කැමැත්ත දුන් බව බව අමතක කරන්න එපා.ඒවා පිරිසිදු තනි පුද්ගලයෙක් සඳහා ලැබුණු කැමැත්ත. මනස විකෘති කරගත් ඩුබායි තිලක්ලා ඔලුවෙන් හිටගෙන මඩ වැපුරුවත් මහින්ද මහත්තයා හැමදාමත් මිනිසුන්ගේ හදවත් වල ජීවමානයි. (නි)
තමන්ට සහ පවුලේ අයට හිරිහැර නොකළ නම් සහය දෙන්න තිබුනා කියන්නේ ප්‍රතිපත්ති මත වැඩ නොකරණ බවයි (නදී)
මෙතුමා පහුගිය කාලේ රට පාලනය කරන කොට බලයෙන් මත් වෙලා හිටියේ. අඩි දෙකක් එලියට බහින්නත් හෙලිකොප්ටර් කරකවන්න ඕනා. දැන් මේ කිසිම දෙයක් නැහැ. එයා හිතන් හිටියේ බලය සාදා කාලිකයි කියලා.(නදී)
ගමක "ග්‍රාමසේවක" තනතුරක්වත් දෙන්නනම් එපා. (නදී)
දහම්, හීන දකින්න තහනමක් නැහැනේ. ඒ නිසා තව හොදට හීන දකින්නකෝ.(නදී)
විශ්ව විද්‍යාලයේ ඉඳලම රටම හමුදාකරණය කරන්නයි ගියේ. එතකොට පුළුවන්නේ දේශපාලකයෙක් දකිනකොට කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන සමාජයක් හදන්න.(නදී)
දෙවියෝ බැලුව වගේ රට අවරුදු 2 කකට කලින් නිදහස් කරගන්න ලැබුනේ. තවත් අවරුදු දෙකක් ගියානම් ලංකාවක් කියල දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. ඉතිරි කරන්නෙත් නැහැ. (නදී)
බැරි වෙලාවත් මහින්ද දිනුවා නම් මේ වෙනකොට විපක්ෂ නායකයන් සියල්ලම "සමාදානයේ සැතපෙනවා". තවත් දහස් ගානක් හිරේ ලගිනවා. මෛත්‍රී හොඳ වැඩියි.(නදී)
ඔය තොත්ත බබාගේ ඇඩිල්ල නවත්වන්න කවුරුහරි කිරි ටිකක් පෙව්වොත් නරකද? (නදී)
තිලක්, ජනාධිපති නැත්නම් අපේ සිතියම උතුරින් පැත්තකුයි නැගෙනහිරින් පැත්තකුයි නැතුවයි අඳින්න වෙන්නේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
මොහුට අධක්ෂක මණ්ඩලම 4 ක විතර තනතුරු දුන්නා කියලා එයාම කියනවා නම් අනෙක් අයට සළකපු හැටි අපට හිතාගන්න පුළුවන්. (නි)
ඔව් ඉතින්, දැන් ඕනෑ දෙයක් කියන්න පුලුවන්නේ! (නි)
දැන්නේ මට වැඩේ තේරුනේ. (නි)
ඔය යහපාලන මාධ්‍ය නිදහස යොදාගෙන අපි අදහස් දක්වනවා. ඒවා කප්පාදු කරන්න එපා. දැන්නේ මට තේරුනේ. (ස)
එ් කියන්නේ මහින්ද මහත්තය ආයේ දේශපාලනේට එන්නේ පළිගැනිමේ චේතනාවෙන් එහෙම නැතුව රටට ජනතාවට සේවය කිරීමට නොවේ (බ)
ඩුබායි තිලක් කලින් දත්මිටි කකා සුභ අනාගතයක්න් දිහා බලන් හිටිය වගේ අපිත් දැන් යහපාලානේ පිවිතුරු හෙටක් බල බල දත් මිටි කනවා..වෙනසකට තියෙන්නේ ඩුබායි තිලක් අවුරුදු විස්සක් බලන් හිටියට අපිට බලන් ඉන්න වෙන්නේ මාස තුනක් පමණක් වීමයි.... (ස)
තිලක්-ඩුබායි ගේ කතාව හරියටම නමින් සුමනදාස වුවත් හිතින් දුම්මන වෙච්ච කවුදෝ වගේ නේ. (ස)
දැනගෙන කතා කරන්න විකුම්. ෆොන්සේකා මුලින් වීරයෙක් වුනාට ඇමෙරිකාවේදී අපේ රටට විරුද්ධව යුද්ධ අපරාධ ගැන පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වීමට එකඟවූ ද්‍රෝහියෙකි. සුදුකොඩි කතාව මතක ඇති නේද? ඕනෑම රටක් එවැනි අයට දඬුවම් කරනව. මහින්ද විරුද්ධවදින්ගෙන් පළි ගත්තේ නැහැ. එය ඔහුගේ දුර්වලකමක් විය හැකියි. ඔහු එහෙම කළා නම් අද රනිල්ලාට රවී කරුනනයකලට සහ චන්ද්‍රිකා ආදීන්ට ඔවුන් කළ දුෂණ භීෂණ වල හැටියට හොඳින් ඉන්න වත් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නවත් ලැබෙන්නේ නැහැ. (ඔයාලා නොදැන හිටියාට 1971 දී ජවිපෙ කැරැල්ල පිටුපසත් විදේශික බලවේග තිබුණා. )1971 දී ජවිපෙ කැරැල්ල මැඩීම මැතිනි විතරක් නෙවෙයි කවර රාජ්‍ය නායකයෙක් හිටියත් කළයුතුව තිබුණා. එහෙත් එවක මැතිනි ජිවිත හානි අවම වන පරිදි හැකිතාක් කැරලිකරුවන්ට ජිවිතදානයත් පුනරුත්ථාපනයත් ලබාදුන්නා. එහෙත් දැන් යහපාලනය ගැන කෑගහන අයගෙන් තරුණයන්ට ලැබුනේ පුනරුත්පත්තිය විතරයි. (ස)
විවේකයක් නොවේ , විරේකයක් (නදී)
සිරිසේන මහත්තයට ලැජ්ජා නැද්ද රට බේරා ගත් මහින්ද මැති තුමාට රිද්දවන්න. මට පරණ කතාවක් මතක් වෙනවා. (නදී)
කව්රුත් කාටහරි මුලින්ම එරෙහි වන්නේ පුද්ගලික පීඩනයක් මත බව ඇත්තක් (ම)
ලෙස්ලි, වෙන රටවල ආණ්ඩු වෙනස් කරන්න ජහමනයාගේ මනස වෙනස් කරන්න ඔත්තු සේවා කටයුතු කළ හැටි දින වකවානු සහිතව ඇමරිකානු සහ ඉන්දියානු වෙබ් අඩවිවල තියෙනවා. ටිකක් හොයලා බලන්න. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් පාලන යුග වලට වඩා සාමයක්, ආරක්ෂාවක්, අදහස් දැක්වීමේ නිදහසක් ඔයාලට මහින්දගේ පාලන කලේ ලැබුනා. රටේ ආර්ථික වර්ධනය අඛණ්ඩව වර්ධනය වුනා. කවුරු වුනත් සර්වසම්පූර්ණ නැහැ. සුළු අඩුපාඩු වල සිට ඔහු වග කිවයුතු සහ නොයුතු දේත් හුදෙකලා සිදුවිමුත් ඔහුට විරුද්ධව පාවිච්චි කෙරුනා. සියලුම පෞද්ගලික මාධ්‍ය පාහේ ඔහුට විරුද්ධව කලක් තිස්සේ වැඩ කළේ ඔහුට විරුද්ධව ඔයාලගේ මනස සකසන්නයි. අපට වුන දේ ඔයාලට තේරෙනකොට ප්‍රමාද වැඩියි. ඇත්තටම පැරදුනේ අපි මිසක් ඔහු නොවෙයි. අද යහපලකයෝ ලෝකයට විහිළු සපයමින් එදිරිවාදීන් දඩයමේ යනවා. යටත් විජිතවාදීන්ට දරදිය අදිනවා. රණවිරුවන් දන්ගෙඩියට යවන්න කටයුතු කරනවා. (ස)
පළිගැනීමේ චේතනාවෙන් නොවේ තමන්ට සහ තම සමීපතමයන්ට එරෙහිව එල්ලවන පදනම් විරහිත චෝදනා වලට නිසි පිළිතුරු දීමට. එය පලිගැනීමක් නොවේ .(හේ)
ඩුබායි තිලක් තමුසේ ඔහේ ඉඳන් කෑ ගහන්නේ මෙහෙ ඇවිත් ඕක කියනවකො. ප්‍රභාකරන් ගෙන් මැරුම් කෑ සිංහල රණ විරුවන්ගේ දරුවෝ තමුසෙව පට්ට ගහයි. කොහෙන් හරි මිශ්‍ර වුන ලේ ටිකක් තමුසෙගෙ ඇඟේ තියෙනවා.(නදී)
මේ ප්‍රකාශ බොහොම භයානකයි . වගකීමකින්ද මේවා කියන්නේ නැත්නම් පිස්සුවෙන්ද ?(හේ)
බුදු අම්මෝ, ආයේ නම් නැවතත් ඡන්දෙකට එන්න තියා හිතන්නවත් එපා.(නදී)
බල්ලන්ට බුරන්න රටක් තියෙන්නේ එතුමා හිටිය නිසා.(නදී)
පළිගැනීමේ චේතනාවෙන් නොවේ, තමන් සහ තම සමීපතයන් හොරකම් කල මහා ධනස්කන්දය යහපාලනයෙන් ආරක්ෂා කරගැනීමට දගලන දැගලිල්ල තමයි ඔය පෙන්නන්නේ. (ස)
තෝමස් .... පසුගිය ආණ්ඩුවෙන් පදනම් විරහිත චෝදනා එල්ල කරලා නැද්ද? තමන්ට විරුද්ද උන අයට හිරිහැර කලේ නැද්ද. ගරු සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු දා ඉඳල අද දක්වා බලයට ආපු හැම කෙනාම මේ සෙල්ලම නැටුවා. ....අපි නොදන්න මොනණරතැන්න.......(ස)
පිවිතුරු යමපාලට ඉතා ඉක්මනින්ම ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවනම් බලන්න පුළුවන් වේවි. (ම)
ලෝකයේ සිටින "දරුණුගනයේ හොරෙකුට" වුනත් ගෞරව සම්මානයෙන් පිදුම් දෙන/ලබන රටක් ලංකාව කියන්නේ. (ස)
පිවිතුරු යහපාලට ලංකාවේ දැන් කුඩු හිගය දරුනුවටම බල පාල වගෙයි. (ස)
රන්ජන් කියන එක හරි වගේ. හිටපු ජනාධිපති තුමාට පරාජය දරාගන්න බැරි වෙලා ඔබතුමාව ගෙදර යැව්වේ අමෙරිකාවවත් බ්‍රිතාන්‍යවත් ඉන්දියාවවත් නෙවෙයි. ඔබතුමායි පවුල් සමාගමත් එක්කහු වෙලා රටේ ධනය හොරාකාල, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට පයින් ගහල, නීතිය බල්ලට දාපු එක ගැන කලකිරුණු මේ රටට ආදරය කරන ලාංකික ජනතාවයි.(ම)
"මොළ හෝදපු මෝඩයන්ට" යුද්දයෙන් ගසා කාපු හැටි තේරුම් ගන්න තව ගොඩාක් කල් යනවා.එකනේ සත්‍ය කියපු/ලියපු ලසන්තට සමාදානයේ සැතපෙන්න සිද්ද වුනේ. (ස)
"සාමයක්, ආරක්ෂාවක්, අදහස් දැක්වීමේ නිදහසක් ඔයාලට මහින්දගේ පාලන කලේ ලැබුනා".හිනෙන්ද?සත්‍ය අදහස් දක්වපු අය දැන් ජිවතුන් අතර නැහැ. (ස)
පහුගිය කාලේ රටේ ධනය කාපු හොරු රකින්න තමයි ආයිත් එන්න හදන්නේ. (ස)
මෙයා දැන් තොත්ත බබා වගේ කතා කරන්නේ.කිසි වරදක් කරලා නැති ගානට . (ස)
විජය මහත්තයෝ, මෙතන අපිට ඔය මොනරාගේ තැන්න පෙන්වන්න එන්න එපා. පසුගිය සමයේ ෆොන්සේකා මහත්මයාගෙන් පටන් ගෙන සිරිසේන මහත්මයාගෙන් අවසන් කිරීමට නියමිතව තිබුණු " ඔවුන්ගේ වයිරය" සම්මානනීය සිනමා පටය අපි මේ මෑතකදිත් නැරඹුවා. අනේ! අපි නොදන්නා අරියාදු? (ස)
රුපියලක් වත් හොරකන් නොකළ හිටපු ජනාදිපති තුමා අපායට යන්න දඟලන බව පෙනෙනවා. පුදුම අහිංසක මිනිහෙක්නේ. රට ජාතියට තියෙන පුදුමකැක්කුම නිසා වෙන්න ඇති එන්න හදන්නේ .අමතක උනා විමල් විරවන්සගේ ටේප් එක මෙයත් දානවනේ. (ස)
ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ පවුලේ ආරක්ෂාව සඳහා නැවත දේශපාලනයට පැමිණෙන නායකයන්ද දකින්නට ඇත. තමන් විසින් වැරදියට භාවිතා කළ බලයේ විපාක තමන් වෙතද පැමිණෙන බව තේරුම් ගැනීමකි. ඉන් ගැළවීමට යම් ජනතාවක් උදව් කරන බවද පෙනෙන්නට ඇත. (නි)
මතක නැද්ද එතුමා කොටියාගෙන් රට බෙර ගත්තා එතකොට මේ අය හිටියේ වෙන රටකද? (අ)
මම නම් කාගෙන්වත් පළිගන්නේ නැහැ (නි)
රෝ ඔත්තුකරු මාරුකරන්න නෙමෙයි, කියන්න තිබුනේ අපිට රෝ එපා කියලා නොවේද? වෙන රටවල ඔත්තු සේවා කොහොමද අපේ ජනතාවගේ ඡන්දය වෙනස් කරන්නේ? මේවා මොනවගේ කතාද? තවම තමුන්ගේ වරද පිළිගන්න අකමැතියි වගේ. (නි)
දිනේෂ්, පළිගන්නේ කව්ද කියලවත් නොතේරන බබෙක්ද ඔයා? (නි)
ඔබ එන්න තුරු අපි බලන් ඉන්නවා .(හේ)
අපේ හදවත වුනු වෙලා අපි සුනාමියෙන් අසරණ වුන මිනිසුන්ට බත් පැකට් බෙදනකොට. හදවතක් නැති මිනිසුන් අසරණ මිනිසුන්ගේ සුනාමි ආදාරත් කෑවා (නදී)
ජිවිත හානිය අවම කරගෙන ඒකාධිපතිවාදයෙන් නිදහස් කර ගත්තු රට, මේ ලබා ගත්තු නිදහස, ජයග්‍රහණය පාවල දෙන්න ඉඩ දෙන්න එපා. (නදී)
ජනාධිපතිතුමා අනිවාර්යෙන් ආපසු එනවා (නදී)
අපිට ඕන මහින්ද, ඔය කියන දේවල් කිසිම දෙයක් තාමත් ඔප්පු වුනාද? (හේ)
අනේ ඔබතුම අවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වන්න එපා (අ)
කවුරු මොනවා කීවත් නුබලා කකුල් දෙකින් හිටගෙන ඉන්නේ කට හැකර කතා කියන්නේ ඒ මනුස්සය නිසා (නදී)
මහින්දටත් රටටත් ජයවේව...යහ පාලනය රගෙට පේනවා;.... (අ)
තව ටිකක් ඉවසන්න. අපේ හිටපු ජනාදිපති තුමනි, කාලය මිනිසුන්ට ඔබගේ වටිනාකම කියා දේවි (නදී)
දිනේෂ් ශ්‍රීලනිප මහලේකම් තම සභාපතිවරයාට එරෙහිව ඡන්දෙ ඉල්ලුවෙත් පලිගැනීමේ චේතනාවෙන්. ඒ මේ කුහක දේශපාලනයේ හැටි. ජවිපෙ තම ඝාතකයින්ට සහාය දුන්නෙත් විමල් වීරවංශගෙන් පලිගන්න. එහෙම නැතිව ප්‍රතිපත්ති මත පිහිටා නොවෙයි. මේ සියළුම දෙයින් මුළාවෙන්නේ සාමාන්‍ය ජනතාවයි. (අ)
මහින්දව ඕනේ අය ගෙනල්ල (අ)
සන්වානි, එතකොට 2010 දී ජනාධිපති මැතිවරණයට තරඟ කල ෆොන්සේකා මහත්මයාව ඇදගෙන ඉහින් සිරගත කලේ කරුනාවටද? එතුමාගෙන් විතරක් නෙමේ එතුමාගේ දරු පරම්පරාවෙන්ම පළිගත්තේ ප්‍රේමෙටද? ඒතකොට විමල් විරවංශ 1971 තම සගයන්ව ඝාතනය කල ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එකතු වුණේ වයිරයටද? නැහැ. බඩ වඩා ගන්න හා ඔහුගේ මඩිය තර කර ගන්න. මේවා බොරුද? (අ)
රටක් ජාතියක් විනාශ කළ 30 වසරක යුද්දය අවසන් කල ඔබ වගේ අයෙකුට නිගා කරන නොමිනිසුන් ගැන සිත කම්පා නොවන්න. (නදී)
මඩ ගහල චෝදනා එල්ල කරලත් සිංහල බහුතරය ඡන්දෙ දුන්නේ මහින්දට. ඒ ජනතාව මහින්ද වෙනුවෙන් ජීවිතය දෙන්න වුණත් සූදානම්. මේ රට නිදහසේ හුස්ම ගන්නේ ඔහුට කොන්දක් තිබුන නිසා. ඡන්දෙකට අවොත් මේ සැරේ දිනන්නේ උඩින්. (අ)
දහම්.දත් මිටි කකා තව චිරත් කාලයක් බලන් ඉන්න වේවි . (අ)
නීතියක් කියල තිබෙන රටකනම් මේ වෙනකොටත් ජිවිත කාලෙටම හිරේ යවල ඉවරයි.(අ)
ලංකාවේ සතර දික්භාගයේ "ජනාධිපති මන්දිර" කීයක් ගහලා තිබෙනවද?හිතුවේ නැහැ මේ වගේ ගෙදර යන්න වේවි කියලා. (නි)
අනේ මන්දා මහත්තයෝ මේ කතා? (නි)