සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අල් කොබාර් ඉස්ලාමීක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකීක ඉස්ලාමීය සංසදය වාර්ෂිකව සංවිධානය කරන මිතුරු හමුව ආධ්‍යාත්මික සංස්කෘතික විනෝදජනක වැඩසටහන සිකුරාදා (29) අල්කොබාර් අල් අසීසියා ප්‍රදේශයේදී පැවැත් විණි.
සිංහල දෙමළ භාෂාවලින් පමණක් සිදු කළ මෙම අධ්‍යාත්මික වැඩසටහන නැරැඹිම සදහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දැක් වු ජන ක්‍රීඩා වලින් සමන්විත වු අත් පන්දු ක්‍රීඩා මෙන්ම තරුණ කොටස් මහත් ආශ්වාදයක් ගෙන දුන් ගෝනියේ බැස දිවීම, කඹ ඇදිම , තනි කකුලෙන් දිවීම, ආදී තරඟ ද ඊට ඇතුලත් විය.
ඉස්ලාමීය දහම මගින් ජීවිතය සාර්ථක කර ගන්නේ කෙසේද යන මාතෘකාව ඔස්සේ ශ්‍රී ලාංකික මවුලවීවරයෙක් දේශනයක් පැවැත් වීය. නූතන තාක්ෂණය මගින් මිනිසාගේ සාරධර්ම පිරිහිම මගින් ලෝකය විනාශ කරා ලංවීමට නැවැත් විම සදහා ආගම දහම මනා පිටුවහලක් වන බව පෙන්වා දුන් මව්ලවීවරයා පැවසුවේ ලෝක ස්වාභාවය සංහිදියාව මෙන්ම ගුණ ගරුක සමාජයක් උදෙසා ඉස්ලාමීය දහම මැනවින් මඟ පෙන්වන බවයි.
සිංහල භාෂාවෙන් ද දේශන කිහිපයකට සවන් දීමට හැකි වු අතර විවිධ තරඟයන් හි ජයග්‍රහණ ලැබු සියලු දෙනා තිළිණ ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව ඔවු අනුර, හරිම ආඩම්බරයි. (නි)
සියළු සතුන්ට ජීවත් වීමේ නිදහස දෙන්න. විශේෂයෙන්ම හරකුන්ට (ස)
මෙන්න එකමුතු කමේ සංකේතය. බලසේනා මේවා ඉගෙන ගත යුතුයි. (ස)
ආගමික සහජිවනය සඳහා හොඳ වැඩ පිළිවෙලක් නමුත් ඇතැම් ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයන් සෞදියක ක්‍රියා කරන ආකාරය කැතයි (අ)
ආගමික සහජීවනය සඳහා හොඳ වැඩ පිළිවෙළක් (අ)
හරිම ආඩම්බරයි.(නදී)
මේක හොඳ වැඩක් (ස)
ජාතීන් අතර සමගිය ගොඩනගන මෙවන් වැඩසටහන් කාලීන අවශ්‍යතාවකි. අප අතර සිටින බලවත්ම සතුරා අනවබෝධයයි. එය තුරන් කිරීමට මෙවන් වැඩසටහන් රුකුලක් වනවාට කිසිදු සැකයන් නැත. (නි)