(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ආර්ථිකය ගොඩ නැගීමට ඉදිරිපත් කරන ලෙස රජයට අවධාරණය කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රජයට මේ ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා විපක්ෂය කරුණු 10 ක අවම පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
අරගලය බලාපොරොත්තු වුණේ ක්‍රමවේදයේ වෙනසක් වුවත් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් රජයේ වැඩ කටයුත්ත ඉදිරියට යන බවක් පෙනීමට තිබෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට ප්‍රථම වතාවට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම දීම පිළිබඳ තමන් සතුටු වන බවත් මේ හරහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
රට ගොඩ ගැනීම සඳහා ඇමතිවරයෙක් විය යුතුම නැතැයි යන්න මෙම තනතුර හරහා ඔප්පු කර පෙන්වීමට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා කීවේය.
වත්මන් පාර්ලිමේන්තුවෙන් සැබෑ ජනමතය නියෝජනය නොවන බවත් ජනමතය නියෝජනය වෙන අලුත් පාර්ලිමේන්තුවක් 2023 මාර්තු මාසෙන් පසු පත් කරන තෙක් මෙම දායකත්වය ලබා දෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ‘‘
fairoos Sunday, 14 August 2022 04:44 PM
ඒකට කමක් නැහැ... රාජපක්ෂලාට කිසිම කරදරයක් නැහැනේ...
කතා පෙට්ටි 225 Sunday, 14 August 2022 05:33 PM
ත්‍රිවිධ හමුදාවක සේවකයෙක් තරු පළඳින්නේ ඔහුගේ දක්‍ෂකම මත ලබාගත් හැකියාවටයි...! අපේ පාර්ලිමේන්තුවේ ඔය ඉන්න 225ටත් කළ සේවයට එවැන්නක් දී රටට පෙන්විය යුතුයි. අද පාර්ලිමේන්තුවේ කතා පෙට්ටි නම් බොහෝය... ඒත් ක්‍රියාවෙන් පෙන්වන්නෝ ගැන කුමන කතාද?
senaSunday, 14 August 2022 06:36 PM
එහෙම වුණොත් ඕකෙ ඉන්න 226ටම තියෙන තරු පටි ඔක්කොම ලැබෙයි. මොකද ඒවා දෙන්නෙත් ඕකෙ ඉන්න අයියලා සෙට් එකනේ...
thilak Sunday, 14 August 2022 05:45 PM
රට ගොඩ නොගියට, 225 ට ගොඩ යන්ට වැඩපිළිවෙළක් තිබුණොත් ඇතිනේ.
Anura Sunday, 14 August 2022 06:41 PM
මේ කයිවාරුව ඇතිවෙලා තියෙන්නේ....
amila Sunday, 14 August 2022 06:51 PM
ණයට කාල පුරුදු වුණා නම් ණය ගෙවනව ඇරෙන්න මේ ගොල්ලෝ වෙන දෙයක් දන්නේ නැහැ. දන්නේ නැහැ නෙමේ හිතාගන්නවත් බැහැ.
විපරමා Sunday, 14 August 2022 08:25 PM
කාට නැති වුණත් රනිල්ට චන්දේ දීපු දුෂිතයෝ සෙට් එකට් නම්, ඇමතිකම් රැකගෙන ගොඩයන්ඩ වැඩ පිළිවෙලක් ඇති.
Perera Monday, 15 August 2022 04:14 AM
රටේ අර්බුදයට වඩා ආණ්ඩුව ස්ථාවර කරගන්න අර්බුදය තමයි ලොක්කට වඩා වැදගත්.
ජගත් Monday, 15 August 2022 09:56 AM
ගොඩයන්න තිබුණා හොරු අල්ලලා ඔවුන්ගේ දේපළ රාජසන්තක කරලා පිටරට හංගපු සල්ලි ගෙන්න ගත්තානම්...!
ganegoda Monday, 15 August 2022 02:10 PM
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම තමයි අපේ රටේ අර්බුදය... ඉතින් ඕකෙන් ගොඩයන්න නම් ඉස්සෙල්ලාම ඔය කණ්ඩායම එළවලාදාන්න ඕනේ..!