(සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද ( දේශපාලන සහ ව්‍යවස්ථාදායක ) සහය සහ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙයට අමතරව මෙවැනි අර්බුදවලදී වෙනත් රටවල් විසඳුම් ලබාගත් ආකාරය සම්බන්ධයෙන්ද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන්වූ ග්‍රන්ථ කිහිපයක්ද මේ දිනවල පරිශීලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
එසේම විශ්වවිද්‍යාලවල දේශපාලන හා ආර්ථික විද්‍යා පිළිබඳ ආචාර්ය , මහාචාර්යවරුන් කිහිප දෙනකුගේද සහාය දැනටමත් ලබාගෙන ඇත.
පවතින අර්බුදය විසඳීම සඳහා විවිධ පක්ෂවලින් ඉදිරිපත්වී ඇති යෝජනා කිහිපයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්වී තිබූ අතර ඒ යෝජනා සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ කරුණු සහ යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසු පැහැදිලි විසඳුමකට පැමිණීමට හැකි වනු ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.
රටේ පවතින ආහාර අර්බුදය ඉදිරියේ දී තවදුරටත් උග්‍ර වනු ඇති බවත් එය උග්‍ර වන්නේ ද නැතහොත් පාලනය වන්නේද යන කාරණය තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ හැසිරීම මත බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරම් සහායක් මොකටද..? ජනතාව ඉල්ලන දේ දුන්නා නම් ඉවරයි...
අන්තිමට මේ ඉවක් බවක් නැති, දැක්මක් නැති පටු අරමුණු පිරුණු උද්ඝෝෂණ මාලාව නිසා වුණේ අපේ රටේ සියළුම දේට විදේශ අතපෙවීම්වලට ඉඩ සලසා දෙන එකයි, මහජනයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන ව්‍යවස්ථා, නීතිරීති හැදෙන එකයි විතරයි.
ඕකට දෙස් විදෙස්වලින් උපදෙස් ගන්න ඕනෙද? ඡන්දෙ දුන්නු 69 ලක්ෂයම කියනවානේ මොනවාද කරන්න ඕනේ කියා! ගෝඨාභය සහ ඔහුගේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ... !!
තාමත් අපේ රටේ බහුතර සාමාන්‍ය ජනයාට දියුණු රටවල නියෝජිතයින් පත්කරන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නෑ. කට වචනෙට මම අරවා දෙනවා. මේවා දෙනවා කියපුවාම ඉස්කොලේ හිටපු හොඳම මැට්ටන් ටික පත්කර ගන්නවා. ඇත්තම කිව්වොත් දියුණු රටවල නම් තම ක්ෂේත්‍රය පිළිබඳ මනා පලපුරුද්ද, විශේෂඥ දැනුම හා අතීතයේ විශ්වාසය ඔප්පු කළ අයවළුන් විතරයි මෙවැනි තනතුරුවලට එන්නේ... උපාධිය මෙහිදී ප්‍රමාණවත් නොවන අතර අතීතයේ තමා කරඇති රැකියාවල විශ්වාසනීය බව සහ පශ්චාත් උපාධි මට්ටමවත් අවශ්‍යයි. එම රටවල සෑමදෙනාටම පොදුවූ නීතිය ඇති නිසා ජනතාව මෙවන් වගකීම් රහිත හැසිරීම් වලින් ආරක්ෂා වෙනවා. අවුරුදු කිහිපයකට කලින් මේ ව්‍යවසනය කල්යල් බලා නුදුටුවේ මෝඩ ඡන්දකාරයින් හැර ඉලක්කයට වැඩ කරන වගකීමක් සහිත පාර්ලිමේන්තු සංස්කෘතියක් මේ රටේ නැති නිසයි. මේ සිස්ටම් එක කණපිට පෙරලා, ස්වේච්ඡාවෙන් වැඩ කරන අතීත කීර්තියක් දියුණු රටවල වැඩකර ඔප්පුකොට ඇති අයවළුන් පාවිච්චි කරන්න. කටවචන විශ්වාස කරගෙන මෝළ හතේ යැයි කියාගන්න මෝඩයන්ට ළඟාවීමට නොදෙන්න. අප රැකියාවක් කරනවිට අප ගැන ලිඛිතව ඔප්පු කරනවා නොවේද? එසේ නම් රට පාලනයටත් එසේ විය යුතුයි. ජන විඥාණය දියුණු කිරීම උගත් තරුණයින්ට කිරීමට අත දෙන්න.
වියත්මග විපත් මග වුණාමයි..., මෙරට සහ පිටරට විශේෂඥයෝ හොයන්නේ...!