(යොහාන් භාසුර)

රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ ඇතුළත් තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත් එම තේරීම් කාරක සභාව දින පහක් තුළ පිළිගත හැකි ව්‍යවස්ථාමය විසඳුමකට එළඹීමට කටයුතු කළ යුතු බවත් දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කතානායකවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම තේරීම් කාරක සභාවේ සභාපති ධූරයට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පත්කිරීම වඩාත් යෝග්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගන්නේ නම් ඊට පෙර ස්ථාවර ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.