උග්තව ඇති ජාතික අර්බුදයට විසැඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතා ඇරයුම් කළේය.
සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බවත් ඒ සඳහා අමාත්‍යධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරන බව ජනපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වෙයි.
ආර්ථික හා ගෝලීය කාරනා කීහිපයක් හේතුවෙන් වත්මන් තත්ත්වය හටගෙන තිබේ. ආසියාවේ ප්රජාතන්ත්රවාදී රටවල් අතර ප්‍රධාන රටක් ලෙස ප්රජාතනත්ර්වාදී ව්‍යුහය තුළ ඊට විසඳම් සෙවිය යුතුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ ඇයි දැන්? ඔයාට නේද හොඳටම කරන්න පුලුවන් . පොඩ්ඩක් ඥාන අක්ක ගාවට gගිහිල්ල උපදෙසක් ගන්නකො. ඔයාගෙ හොඳම යාළුවා නේද ?
හොරුන්ගෙ ඔලුගෙඩි මාරුවක් විතරයි
රටේ මිනිස්සුන්ට තමුන් එපා කියන පණිවිඩය වත් තේරුම් ගන්න බැරි කෙනෙක් මේ...!
අර්බුදය ඔයා තමයි...
එහෙම කලාම ඒ ආණ්ඩුවට කෙලවුනාම ඊළඟ ජනාධිපති වෙන්න කරන උපක්‍රමයක් කියලා අපිට හිතන්නේ
දැන්ද නූපන් පරම්පරාව ගැන මතක් උනේ චන්දෙට පස්සෙ? තමන්ගෙ නෑ සනුහරේ අයයි ජාවාරම් කාරයො විතරයිනේ පහුගිය දවස්වල මතකෙ තිබුනෙ. එකින් එක වැටීගෙන එනකොට දෙවියො බුදුන් සිහිවෙනව වගේ දැන් විපක්ෂයේ ආධාර ඉල්ලනව. විස්ස සම්මත කරගෙන සියලුම බලතල අතට ගත්තෙ තමනට කරන්න හැකි නිසා නේද?
බොහොම පරක්කුයි.දැන් නම්බු නැතිව යන්න වෙන හැඩයි. ගොවි ජනයාගේ බඩට ගහපු එක නායකයෙක්වත් ලොවේ ඉතිරි වූයේ නෑ.ඉතිහාසය කියවන්න. උද්දච්ච කම නිවට කමට වඩා භයානක සතුරෙක්.
ජෙප්පෝ සජබයෝ බලාගෙන ඉන්නේ කල දුටුකල වල ඉහ ගන්න මිසක් රට ගොඩ ගන්න නොවෙයි ඝෝඨභය මහත්තයෝ.
ඇයි අගමැති පුටුව, ජනාධිපති පුටුව? ඒවා වෙන්දේසි කරන්නේ නැද්ද?
වංචාව, දූෂණය පිටු දැක්කොත් අනාගතයේදීවත් ප්රශ්නය අවම කරගත හැක.. නමුත් භාණ්ඩාගාරය ණය තුළින් කොල්ල කනු ලැබ ඇත. ජනතාවට එය පියවීමට නොහැක...
උද්දච්ච ආණ්ඩුව හොට බිම ඇණුනාම එනවා උදව් ඉල්ලගෙන...
ගැටලුව මෙයා ඉවත් වීම නෙවෙයි . එතැන දෙන්නේ කාටද කියන එක. සජිත් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ .
බමුණුආරච්චි දැන් මොකද කරන්නේ...! පව් ...?
දැන් ජෙප්පන්ට පුළුවන් වැඩ පෙන්නන්න.
"මේ අර්භුධය මා විසින් ඇතිකරන ලද්දක් නෙවේ." නේද මහත්තයෝ. අර දැන් හොඳටම වේයෝ කාල ගන්නම දෙයක් නැතුව පිටපලු වගේ වෙලා ඉන්න "ලී" ලියලදෙන තුන්ඩු කෑලි කියවන එක නවත්වන්නෙම නැද්ද අප්පා?
ශ්‍රීලංකා ඉතිහාසයේ සක්කිලිම ආණ්ඩුව
කවුරුත් එන්නේ නැහැ... ජනතාව ගෙදර යන්නයි කියලා උද්ඝෝෂණය කරන විට. වටේ ඉන්න වියත්මගේ ටික නම් ඒවි...
අනේ මහත්තයෝ, තවත් ඉඳලා රට විලක් කරන්නේ නැතිව අස්වෙලා යන්න...
තමන් සහ පවුලේ සැම සහ තමන්ගේ ගොට්ටන් හදපු අර්බුදේ විසඳන්න මහජනතාවට එන්න කියන්නේ සිහියෙන්ද දන්නේ නැහැ... !
අයියා, මලෝ කට්ටියම හොරකම් කරපුවා දෙන්න මුලින්ම..
එක්වෙන්න නෙවෙයි, පින් සිද්ද වෙයි... අනාගත පරපුර අඳුරේ නොතියා ඉවත්වෙලා යන්න...
උද්දච්ච කමෙත් සීමාවක් තියෙන්න ඕනා...හිතන්න අමාරුයි නන්දසේන උපන්ගෙයි පටන් අරගෙන එන මෝඩකම අතාරින්න දක්ෂ වෙයි කියා.නිකං මෝඩයෙක් නොවී දැන්වත් උද්දච්චකම අතහරින්න.
අර්බුදය විසඳන්න ඔයායි, ඔයාගෙ පවුලෙ කට්ටියයි උන්ට කඩේයන උනුයි හොරකම් කරපු සල්ලි ගෙනැල්ල දෙන්න. එතකොට අර්බුදය විසඳෙයි.
නන්දසේන ඔයා තමයි එකම අරුබුදය.කරුණාකර ජනාධිපති තනතුරෙන් අයින් වෙන්න.
දූෂිත පවුල් පාලනේ රටේ ඇතිකරපු විනාශය හොඳටම ඇති. සෞභාග්‍යයේ දැක්ම පෙන්වලා, ජනතාව ගොනාට අන්දලා බලයට ඇවිල්ලා... ලැජ්ජාවක් නැද්ද? උදව් ඉල්ලන්න...