ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ පවතින අර්බුදකාරී තත්වය මුළුමනින්ම විසදා ගැනීම සදහා විශේෂිත වූ උත්තරීතර මණ්ඩල රැස්වීමක් සඳුදා (02) සවස එම පක්ෂයේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මුස්ලිම් කොංග්‍රසයේ මීළඟ පක්ෂ සම්මේලනය පවත්වන දිනය හා ස්ථානය ද මෙහිදී තීරණය වන අතර සංශෝධනය කරන ලද පක්ෂ ව්‍යවස්ථාව පෙර පැවති ආකාරයටම ප්‍රතිසංශෝධනය කිරීම, එම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පත්කරගත් ලේකම්ධූරය අහෝසි කිරීම, පක්ෂ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම හා දැනට පත්කර සිටින එම්.එච්.සල්මාන් මහතා ඉවත් කිරීම ආදී තීරණවලට එලඹීමට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා උත්තරීතර මණ්ඩලය මෙලෙස රැස්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තිබෙන ප්‍රශ්නය ආර්ථික අහේනියක් හා ඒ තුළින් මතුවූ ඊනියා ජනවාර්ගික අර්බුදයක්. රටේ ප්‍රශ්න විසඳන්න සිංහල බහුතරයට කිසිදාක ඉඩක් නොලැබෙන සේ කුඩා ජනවාර්ගික කොටස් හැමදාම අනවශ්‍ය ප්‍රශ්නවලට ගහගන්නවා. ව්‍යවස්ථා සංශෝධනයක් යහපාලනයට අවශ්‍යම යැයි සිතනවා නම්, මේ කුඩා කණ්ඩායම් තුළින් රටේ ප්‍රධාන ජන කොට්ඨාශයට සිදුවන අසාධාරණය වළක්වන්න ව්‍යවස්ථා සංශෝධනය මඟින් දැඩි පියවරක් ගන්න. (නි)
යන්න කොහෙද,මල්ලේ පොල් කිවුවලු! (නි)