(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම නගරයේ කළ මෙහෙයුමකදි සැක කටයුතු සංයුක්ත තැටි, ලැප් ටෝප් වර්ගයේ පරිගණක, අරාබි භාෂාවෙන් මුද්‍රණය කළ පොත්පත්, වායු රයිෆලයක් සමඟ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු මහනුවර මුරුතලාව අරාබි විද්‍යාලයක සේවයේ නියුතු ගුරුවරුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා නොච්චියාගම එකම පවුලකින් විවාහ වි නොච්චියාගම පදිංචිව සිටිති.
අත්අඩංගුවට ගනු ලැබු අනෙක් පුද්ගලයාද නොච්චියාගම නගරයේ පදිංචි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගෙන ඇති පරිගණක, සංයුක්ත තැටි සහ පොත්පත් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් මේ වන විටත් අරඹා ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අද (02) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd