අරනායක ප්‍රදේශයේ අද උදෑසන 8.45 වන විට සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පැවැතිණි.
සාමසර කන්දේ වෙනත් බෑවුමක කොටසක් පෙරදින රාත්‍රී නාය ගියද එම ප්‍රදේශවල සිටි පිරිස් අනතුර හඳුනාගෙන ඉවත් කර තිබූ නිසා හානියක් නොවූ බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.
පෙරදින මහා වාර්ෂාවත් සමග සාමසර කන්දේ කලින් නාය ගිය ප්‍රදේශයේ යළිත් පස් කඩා වැටී තවත් පස් තට්ටුවක් පිරී තිබිණි.
විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන සලසන බව ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.
නාය ගිය ස්ථානයේ යළිත් නාය යෑම් ඇති විය හැකි බැවින් එම ස්ථාන දැක බලා ගැනීමට පැමිණීමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. වැල නොකැඩී එන පිරිස නිසා සහන කටයුතුවලට ද බාධා සිදු වන බව සහන සේවකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය හදනතුරු මේ රට ගොඩගන්න බැහැ (නි)
දැන් අරනායක කියල බෙදලා හිත හිත ඉන්නේ නැතිව එකතුවෙලා කාටත් කඩිනමින් සහන සපයමු. (ර)