අරණායක නාය යාමෙන් මියගිය 12 දෙනකුගේ සිරුරුද බුලත්කොහුපිටිය නාය යෑමෙන් මිය ගිය තිදෙනකුගේ සිරුරු ද අද (18) උදේ සොයාගත් බව සහන සේවකයෝ කියති.
පොලිසිය, යුද හමුදාව, ගම්වාසීන් හා ස්වේච්ඡා සේවකයෝ අතුරුදන් වූවන් සෙවීම අද යළි ඇරඹූහ.
අරනායක 50ක් අතුරුදන් පෙ.ව. 8:27
අරනායක නායයෑමෙන් අතුරු දන්වූ තුන් දෙනකුගේ සිරුරු සොයා ගත් බවත් තවත් 50 දෙනකුට වැඩි පිරිසක් සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති බවත් අපදා කළමනාකරණ නිලධාරීහු කියති.
ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියනුයේ සිරිපුර, එළඟිපිටිය ඇතුළු ගම්මාන තුනක පවුල් 220ක් පමණ අතුරුදන්ව ඇති බවයි.
වියන්වල පන්සලේ 80 දෙනකු පමණ සිටින බවත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බවත් රතුකුරුස සංවිධායන කියයි.
ජායාරූප - රතු කුරුස සංවිධානය අනුග්‍රහයෙනි.
ඡායාරූප - සමන් විජය බණ්ඩාර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර මහා දන් සැල් දෙනවට වඩා නරකද ඒ මුදල් වලින් මේ අසරණ අයට පිහිට වීම අපේ රටේ කිසිම කෙනෙක් කෑම බීම නැතිව නොමරන නිසා මේ විපතට පත් අයට පිහිට වෙන්න මේ මොහොතේ ඉතාම පින් (බ)
ඉසුරන්දි ඒවුනාට ගරහන්නේත් අපිට ම තමයි (බ)
අනේ මෙහෙමත් විපතක්! සියලු දෙනා සුවපත් වේවා! (නි)
අනේ දෙවියනේ! මෙවන් දුකක් ඉපදෙන අාත්මෙක සිදුනොවේවා! (නි)
වීරෝධාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)
මේ මොන විපතක්ද? හැම දෙයක්ම වෙන්නේ අහිංසක මිනිසුන්ට. පවුල් 220 කියන්නේ තව කීදෙනෙක් කරදරයට පත්වෙලාද? අතුරුදන්වෙලා කියන්නත් හිතට ශක්තියක් නැහැ. දෙවියන්, බුදුන් සිහිකරලා ඉල්ලන්නේ ලොකු විනාශයක් නොවේවා කියලයි....... (නි)
දේශපාලුවෝ ගස් කපනවා, එතකොට කඳු නාය යනවා. අහිංසක මිනිස්සු මැරෙනවා. (නි)
ඉතා කණගාටුදායකයි. හතුරෙකුටවත් මෙවන් විපත් නොවේවා! විපතට පත් අයට හැකි විලසින් අපි සැවොම එක්වී සහන සළසමු. මියගිය සියල්ලන්ට නිවන් සුව! (නි)
අනේ මොන අපරාධයක්ද සිද්ධවුණේ. ඔබලාට කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා! (නි)
මෙච්චර විනාශයක් රටේ සිදු වෙලා තියෙනකොටත් සමහර අය දේශපාලනය කතා කරනවා. (ර)
කවදත් අපිට පිහිටට හිටියේ ඉන්නේ අපේ රණවිරුවෝ පමණයි. (බ)
මියගිය සැමට නිවන්සුව පතමි.! (ර)
මෙවන් විපතක් යලි නොවේවා.! (ර)
වීරෝදාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය. (ර)
ඉක්මනින්ම වැස්ස නතර වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (ර)
වෙලා තියන දේ දැක්කාම දුක හිතෙනවා . මියගිය අයට නිවන් සුව. (ර)
හරිම දුකකි (බ)
මෙගා පොලිසිය මීට වඩා කාර්යක්ෂමව නගර නිර්මාණ කටයුතු කළ යුතුයි. අඩුම තරමින් එක ආදර්ශ නගරයක් ගොඩ නගමු. මේ මරණ වලට අපිම වග කිව යුතුයි මේ වැසි සමයේ එක ගසක්වත් සිටුවමු. (බ)
මොනතරම් ශෝකජනකද? අහිංසක ජනය පවුල් පිටින්ම අතුරුදහන් වෙනවා. දේව සාපයක් වගේ. බුදුබණ සිහිකරමින් ඔවුනට නිවන්සුව පතමු.එසේම තැන තැන මිනී මරණ නොයෙකුත් අපරාධ කරන අපරාධකරුවන්ට තමන් කළ සහ කිරීමට සැලසුම් කරන දේවල් සම්බන්ධව කලකිරීමක් සහ ඒවා නැවත කිසිදින නොකිරීමටත් මෙමගින් හොඳ පාඩමක් උගන්වා ඇත (බ)
පොලිසිය, යුද හමුදාව, ගම්වාසීන් හා ස්වේච්ඡා සේවකයෝ පිහිටට ඉන්නේ (බ)