නාය යෑමට ලක් වූ අරණායක සමසර කන්දේ අතුරුදන් වුවන් සොයා සිදුකරන හමුදා මෙහෙයුම් අද උදෑසන 8 ට පමණ යළි ආරම්භ කැරිණි.
කිලෝමීටර කිහිපයක් පමණ කන්ද දෙසට ගොස් හමුදා මෙහෙයුම් සිදු කළ අතර පෙ.ව. 10 පමණ ආරම්භ වූ වර්ෂාව නිසා හමුදා මෙහෙයුම් වලට බාධා ඇති විය. වර්ෂාව ඇතිවීමත් සමඟ හමුදා භටයෝ ආරක්‍ෂිත ස්ථාන වලට ගියහ.
වර්ෂාව ආරම්භවන තුරු සිදුකැරුණු මෙහෙයුම්වල දී තවත් මළ සිරුරු දෙකක් හමු විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදා සොයුරන් මේ වෙලාවේ මේ කරන කාර්යය අගයන්න මට වචන මදි (නි)
හරිම අසරණයි රණවිරුවෝ. පළමුව රට බේරගත්තා. නමුත් රට බේරාගත් එකට වැඳුම් පිඳුම් ලබන්නේ වෙන කෙනෙක්. දැන් රණවිරුවෝ අසරණ මිනිසුන් සොයමින් ගොඩගන්නවා. (නි)
උදාර, මානසිකව පරාජිතයෙක් වෙන්න එපා (නි)
අරණායක ගැන ලිපියක තිබුණා ආර්ය, නාග, යක්ෂ ගෝත්‍ර තිබු ප්‍රදේශයක් කියා. ආර්ය ගෝත්‍රිකයකු වන රාම සහ යක්ෂ ගෝත්‍රිකයකු වන රාවණා අතර යුද්ධයෙන් පසු රාමගේ හීසරයක් මෙම කන්දට වැදුණු බවත්, විපත් වල ආරම්භය එය බවත් අසා ඇත. කලකට පෙර රාවණා අවදි කිරීමට බලෙන් පිරිසක් ගොස් කළේ කාගේ උවමනාවක් ඉෂ්ට කිරීමක්දැයි සොයා බලන්න. මේ රටට මෙවැනි විපතක් සුනාමියෙන් පසු ඇතිවුණාමයි. (නි)
රට බේරාගත් ත්‍රිවිධ හමුදා සහෝදරයන් අදත් අප සමඟය. (නි)
තමන්ගේ ජීවිතද පරදුවට තබා ඔවුන් මේ වෙහෙසෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් නේද? (නි)
පව් හමුදා නිලධාරීන්. මොන දුකක්ද මේ විඳින්නේ? (නි)
ශාන එක්ක මමත් එකඟයි. අපේ හමුදාව ඕවා කරන්නේ රෙගුලාසි වලට නෙමෙයි. උතුරේ යුද්ධය වෙලාවේ තමන්ගේ බත් එක දෙමළ සිවිල් ජනතාවට දුන්නේ මානුෂික හැඟීමෙන්. එහෙම මිනිසුන්ව අවමානයට ලක්කරන්න එපා. (නි)
උදාර සහ චතුරිගේ මානසිකත්වය ගැන අප්‍රසන්නතාවය පළකරනවා ඇරෙන්න මට නම් වෙන වචන නැහැ. ඔය පණ්ඩිතකම් කියවන්නේ අසරණ මිනිසුන් වෙනුවෙන් මොනයම් හෝ යුතුකමක් කරලද (නි)
තමන්ගේ ජීවිතය ගැන නොසළකා හැම දුකකදීම පිහිටට එන මුර දේවතාවෝ ඔබයි විරුවනේ. ඔබට සදාකාලිකවම අපි ණයගැති වෙමු (නි)
නාය යාම හිතුවට වඩා ලොකුයි. කන්ද උඩ ඉදන් කිලෝ මීටර් 1 විතර අඩි 3 - 4 විතර. අමාරු වැඩක්. (අ)
කව්ද මේ උදාර කියන්නේ? එක දවසක් මේ කරන සේවාවට මේ පුද්ගලයාවත් සම්බන්ධ කර ගත්තා නම් මේ ක්‍රියාවේ අපහසුතාවය තේරුම් ගන්න තිබුණා. (ර)
ආමි එකට බදවාගන්න කොට හෙලිකොප්ටර් ගන්න කොට යුද්දෙත් නැතිනම් මේව මොකටද කියල කිව්වා. දැන් පේනවා නේද රටකට යුද්ධ නැතත් මේවා අවශ්‍ය බව. (ර)
මීරිය බැද්දේ නෑයෝ බලන්න වෙල් විදානේ මාමා බොහොම කඩිමුඩියේම ආවා මේ පැත්තේ පේන්න නැත්තේ උන්නැහේට වාහනයක් නැති නිසා වෙන්න ඇති. (බ)
මෙවන් විපත් යළි සිදු නොවේවා.(හේ)
මියගිය සැම දෙනාම සසර වසනතුරු මෙවන් දුකකට යළි පත් නොවේවා! සසර කෙළවර අමාමහ නිවන් සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා! (නි)
ආරක්ෂක හමුදාව යනු මේ රටේ ආරක්ෂාව සඳහා සිටින හොඳින් පුහුණුව ලද කණ්ඩායමකි. මේ හැමෝම අවදානම දරා ගැනීම සහ කළමණාකරනය ගැන පුහුණුව සහ අවබෝධය ලැබූ අයයි. ඒ නිසා ආරක්ෂක අංශ නියෝජනය කරන හැමෝම කැමති වුණත් නැතත් මේ දේවල් කරන්න ඕනෑ. මන්ද ඔවුන් ජාතියේ ආරක්ෂකයන්ය (නි)
මොනා කරන්නද විපත්වල හැටි ඔහොම තමයි. කළහැකි දෙයක් කරන එක තමයි තියෙන්නේ. (ර)
උදාර මේ මහා පිංකම හමුදාව කරන්නේ ඔයා ඔය කියන රෙගුලාසි හන්ද නෙවේ ඒ මිනිස්සුන්ගේ තියන මානුෂික ගුණය නිසා කරුණාකර ඒ අයට ගරහන්න එපා කොහේ හරි කාමරේක ඉදගන අනුන්ගේ වැඩගැන ලන්සු තියන්න එපා මේ කටයුතු වලට අනෙක් අය මීට වඩා වෙහෙසෙන්න ඕනේ එක නොකලට. (ර)
උදේ ඉඳන් වැස්සේ තෙමි තෙමි මුළු ඇඟම වතුරේ බැහැලා තමාගේ ජීවිතය ගැනවත් නොහිත කරන මේ සේවය අගයන්නේ නෑ. (හේ)
මෙම අනතුරින් පිඩාවට පත් ජනතවට සියලුම දෙනා පිහිට වෙමු. (ර)
මියගිය සියලු දෙනාට නිවන්සුව පතමි. (ර)