IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


අරණායකින් තවත් මළ සිරුරු 2ක් හමුවේ : මෙහෙයුමට වර්ෂාවෙන් බාධා

නාය යෑමට ලක් වූ අරණායක සමසර කන්දේ  අතුරුදන් වුවන් සොයා සිදුකරන හමුදා මෙහෙයුම් අද උදෑසන 8 ට පමණ යළි ආරම්භ කැරිණි.

කිලෝමීටර කිහිපයක් පමණ කන්ද දෙසට ගොස් හමුදා මෙහෙයුම් සිදු කළ අතර පෙ.ව. 10 පමණ ආරම්භ වූ වර්ෂාව නිසා හමුදා මෙහෙයුම් වලට බාධා ඇති විය. වර්ෂාව ඇතිවීමත් සමඟ හමුදා භටයෝ ආරක්‍ෂිත ස්ථාන වලට ගියහ.

වර්ෂාව ආරම්භවන තුරු සිදුකැරුණු මෙහෙයුම්වල දී තවත් මළ සිරුරු දෙකක් හමු විය.

13282067_1291352334227022_652119507_n 13281859_1291351917560397_1573962895_n 13278199_1291348280894094_692247675_n 13249502_1291350944227161_1222807556_n 13249591_1291351604227095_2126921776_n 13277915_1291346884227567_922260307_n 13278089_1291347090894213_1311196367_n 13236302_1291350547560534_598508389_n 13236065_1291350580893864_812440331_n

 

         



අදහස් (0)

අරණායකින් තවත් මළ සිරුරු 2ක් හමුවේ : මෙහෙයුමට වර්ෂාවෙන් බාධා

නාලනී Monday, 23 May 2016 06:13 PM

අපේ හමුදා සොයුරන් මේ වෙලාවේ මේ කරන කාර්යය අගයන්න මට වචන මදි (නි)

:       0       0

චතුරි Sunday, 22 May 2016 01:38 PM

හරිම අසරණයි රණවිරුවෝ. පළමුව රට බේරගත්තා. නමුත් රට බේරාගත් එකට වැඳුම් පිඳුම් ලබන්නේ වෙන කෙනෙක්. දැන් රණවිරුවෝ අසරණ මිනිසුන් සොයමින් ගොඩගන්නවා. (නි)

:       0       0

සමන් Sunday, 22 May 2016 05:10 PM

උදාර, මානසිකව පරාජිතයෙක් වෙන්න එපා (නි)

:       0       0

නිමල් Sunday, 22 May 2016 06:01 PM

අරණායක ගැන ලිපියක තිබුණා ආර්ය, නාග, යක්ෂ ගෝත්‍ර තිබු ප්‍රදේශයක් කියා. ආර්ය ගෝත්‍රිකයකු වන රාම සහ යක්ෂ ගෝත්‍රිකයකු වන රාවණා අතර යුද්ධයෙන් පසු රාමගේ හීසරයක් මෙම කන්දට වැදුණු බවත්, විපත් වල ආරම්භය එය බවත් අසා ඇත. කලකට පෙර රාවණා අවදි කිරීමට බලෙන් පිරිසක් ගොස් කළේ කාගේ උවමනාවක් ඉෂ්ට කිරීමක්දැයි සොයා බලන්න. මේ රටට මෙවැනි විපතක් සුනාමියෙන් පසු ඇතිවුණාමයි. (නි)

:       0       0

හේවා Sunday, 22 May 2016 07:05 PM

රට බේරාගත් ත්‍රිවිධ හමුදා සහෝදරයන් අදත් අප සමඟය. (නි)

:       0       0

අකිල Saturday, 21 May 2016 05:27 AM

තමන්ගේ ජීවිතද පරදුවට තබා ඔවුන් මේ වෙහෙසෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් නේද? (නි)

:       0       0

වත්සලා Saturday, 21 May 2016 07:22 AM

පව් හමුදා නිලධාරීන්. මොන දුකක්ද මේ විඳින්නේ? (නි)

:       0       0

පුබුදු Monday, 23 May 2016 01:10 AM

ශාන එක්ක මමත් එකඟයි. අපේ හමුදාව ඕවා කරන්නේ රෙගුලාසි වලට නෙමෙයි. උතුරේ යුද්ධය වෙලාවේ තමන්ගේ බත් එක දෙමළ සිවිල් ජනතාවට දුන්නේ මානුෂික හැඟීමෙන්. එහෙම මිනිසුන්ව අවමානයට ලක්කරන්න එපා. (නි)

:       0       0

දිලුම් Monday, 23 May 2016 03:30 AM

උදාර සහ චතුරිගේ මානසිකත්වය ගැන අප්‍රසන්නතාවය පළකරනවා ඇරෙන්න මට නම් වෙන වචන නැහැ. ඔය පණ්ඩිතකම් කියවන්නේ අසරණ මිනිසුන් වෙනුවෙන් මොනයම් හෝ යුතුකමක් කරලද (නි)

:       0       0

එරන්ද Monday, 23 May 2016 03:34 AM

තමන්ගේ ජීවිතය ගැන නොසළකා හැම දුකකදීම පිහිටට එන මුර දේවතාවෝ ඔබයි විරුවනේ. ඔබට සදාකාලිකවම අපි ණයගැති වෙමු (නි)

:       0       0

පසන් Monday, 23 May 2016 04:30 AM

නාය යාම හිතුවට වඩා ලොකුයි. කන්ද උඩ ඉදන් කිලෝ මීටර් 1 විතර අඩි 3 - 4 විතර. අමාරු වැඩක්. (අ)

:       0       0

දර්ශන Monday, 23 May 2016 05:28 AM

කව්ද මේ උදාර කියන්න‍ේ? එක දවසක් මේ කරන සේවාවට මේ පුද්ගලයාවත් සම්බන්ධ කර ගත්තා නම් මේ ක්‍රියාවේ අපහසුතාවය තේරුම් ගන්න තිබුණා. (ර)

:       0       0

නුවන් Monday, 23 May 2016 05:42 AM

ආමි එකට බදවාගන්න කොට හෙලිකොප්ටර් ගන්න කොට යුද්දෙත් නැතිනම් මේව මොකටද කියල කිව්වා. දැන් පේනවා නේද රටකට යුද්ධ නැතත් මේවා අවශ්‍ය බව. (ර)

:       0       0

අනුර Monday, 23 May 2016 06:11 AM

මීරිය බැද්දේ නෑයෝ බලන්න වෙල් විදානේ මාමා බොහොම කඩිමුඩියේම ආවා මේ පැත්තේ පේන්න නැත්තේ උන්නැහේට වාහනයක් නැති නිසා වෙන්න ඇති. (බ)

:       0       0

සම්පත් Monday, 23 May 2016 06:22 AM

මෙවන් විපත් යළි සිදු නොවේවා.(හේ)

:       0       0

සත්‍යයා Saturday, 21 May 2016 11:03 PM

මියගිය සැම දෙනාම සසර වසනතුරු මෙවන් දුකකට යළි පත් නොවේවා! සසර කෙළවර අමාමහ නිවන් සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා! (නි)

:       0       0

උදාර Sunday, 22 May 2016 02:37 AM

ආරක්ෂක හමුදාව යනු මේ රටේ ආරක්ෂාව සඳහා සිටින හොඳින් පුහුණුව ලද කණ්ඩායමකි. මේ හැමෝම අවදානම දරා ගැනීම සහ කළමණාකරනය ගැන පුහුණුව සහ අවබෝධය ලැබූ අයයි. ඒ නිසා ආරක්ෂක අංශ නියෝජනය කරන හැමෝම කැමති වුණත් නැතත් මේ දේවල් කරන්න ඕනෑ. මන්ද ඔවුන් ජාතියේ ආරක්ෂකයන්ය (නි)

:       0       0

රෝහණ Sunday, 22 May 2016 04:25 AM

මොනා කරන්නද විපත්වල හැටි ඔහොම තමයි. කළහැකි දෙයක් කරන එක තමයි තියෙන්නේ. (ර)

:       0       0

ශාන සෞදි Sunday, 22 May 2016 05:06 AM

උදාර මේ මහා පිංකම හමුදාව කරන්නේ ඔයා ඔය කියන රෙගුලාසි හන්ද නෙවේ ඒ මිනිස්සුන්ගේ තියන මානුෂික ගුණය නිසා කරුණාකර ඒ අයට ගරහන්න එපා කොහේ හරි කාමරේක ඉදගන අනුන්ගේ වැඩගැන ලන්සු තියන්න එපා මේ කටයුතු වලට අනෙක් අය මීට වඩා වෙහෙසෙන්න ඕනේ එක නොකලට. (ර)

:       0       0

නලීන් Monday, 23 May 2016 08:25 AM

උදේ ඉඳන් වැස්සේ තෙමි තෙමි මුළු ඇඟම වතුරේ බැහැලා තමාගේ ජීවිතය ගැනවත් නොහිත කරන මේ සේවය අගයන්නේ නෑ. (හේ)

:       0       0

පතිරණ Sunday, 22 May 2016 08:10 AM

මෙම අනතුරින් පිඩාවට පත් ජනතවට සියලුම දෙනා පිහිට වෙමු. (ර)

:       0       0

රුවන් Sunday, 22 May 2016 08:39 AM

මියගිය සියලු දෙනාට නිවන්සුව පතමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 153 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site