අරණායක නාය යාමෙන් අවතැන් වූවන්ට ආධාර සපයන්නට කැමති අය මුලින්ම ඒ ගැන ප්‍රාදේශීය ලේකම්ගේ හෝ කෑගල්ල දිසාපතිගේ හෝ මග පෙන්වීම යටතේ එසේ කළයුතු බව අපදා නිලධරයෝ කියති.
අද ආධාරා රැගෙන ආ පිරිස් වලට අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු වලට පවා යාමට නොහැකි විය. එයට හේතුව දැඩි වාහන තදබදයයි.
බොහෝ දෙනෙක් කිසිදු විමසීමක් නොකර ආධාර ගෙන එන නිසා ඇතැම් අතිරික්ත වී ඇතැයි ද, අත්‍යවශ්‍ය ඇතැම් දෑ තවමත් හිඟ යැයි ද සහන සේවකයෝ කියති.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය කියනුයේ 035 2222237 අංකයට හෝ 071-4514680 අංකයට කතා කර ආධාර ලබා දිය යුතු ස්ථාන ගැන කල් තියා දැන ගන්නා ලෙසයි.
ආධාර වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා එසේ ක්‍රියා කරන ලෙස නිලධරයෝ ඉල්ලති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපේ රටේ උදව් කරන ජනතාවක් දැක්කහම අපිට හරි සතුටක්. මේ සියලු දෙනාට ජේසු පිහිටයි! (නි)
ඉදිරියට දෙන වියළි ආධාර මෙහෙයුම් මධ්‍යස්ථානය දැනුවත් කර ලබාදෙන්නේ නම් තමයි වටින්නේ. සෑම ප්‍රදේශයකම ප්‍රාදේශීය ලේකම් හා සම්බන්ධවන්න. ඔවුන් තමයි වැඩි වෙලාවට සම්බන්ධීකරන කමිටු මෙහෙයවන්නේ. නැත්නම් එකම තැනට ගොඩක් අය යන්න පුලුවන්. නොලැබෙන අයට නොලැබෙන්න ඉඩතියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. (නි)
හදිසි ආපදාවකදී සහන සැළසීම සඳහා තාමත් අපට ජාතික කළමනාකරණයක් නැතිකම මේවා තුළින් පෙන්නන අතරම ලැබෙන සහන අධික වීමෙන් අපතේයෑමක්ද සිදුවෙයි. රජය මේ සඳහා ජාතික ආපදා කළමනාකරන අමාත්‍යංශයක් පවා නිර්මාණය කළත් නිසි කළමනාකරන වැඩපිළිවෙලක් තවමත් අපට නොපෙනේ. හදිසි ආපදාවකදී පරිහරණය කළ හැකි ජංගම වැසිකිළි වැනි ඉතාම අත්‍යවශ්‍ය දේ සඳහා තවමත් අපේ අවදානය නොමැතිකමින් නොයෙකුත් වසංගත තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ ඇත. මේ සඳහා රජයේ අවදානය යොමු වේවා! (නි)
ව්‍යසනයකදී කවුරු හරි එක ආයතනයක එක බලධාරියෙක් දිනපතා උදේ සවස නිවේදන නිකුත් කල යුතුයි. වෙබ් අඩවියක් හරහා මෙය පහසුවෙන් කල හැකියි. එවිට සියලු ජනමාධය වලට එමගින් විස්තර ලබාගෙන අනෙක් මිනිස්සුන්ට ලබා දිය හැක. ඔහේ ගාල කඩා ගත්තා සේ හැමෝම දුවන්නට ගොස් ඇති වන්නේ තත්වය තවත් ව්‍යාකුල වීමයි. ආපදා කමිටු ව්‍යුහය සෑදීමට ආපදාවක් එන තෙක් සිටිය බලා සිටීම අතිශය අනුවණ කමකි. ආපදාවකදී ආයතන විශාල ප්‍රමාණයක් එකවර ක්‍රියාත්මක වීම සිදුවේ. නිසඟයෙන්ම මිනිසුන්, නිලධාරින් සහ දේශපාලකයින් සියලු දෙනා කලබල වෙයි. සමහර වෙලාවට කරන්නේ කුමක්ද යන්න සිතාගත නොහැක. එබැවින් තම තමන්ගේ කාර්යය කුමක්ද යන්න පැහැදිලිව සරලව දැක්වෙන සටහන් හැම ආයතනයකම තිබිය යුතු වෙයි. එක ආයතනයක එක නිලධාරියෙක් විසින් නිතර-නිතර, සරල භාෂාවෙන් සන්නිවේදනය නොනවත්වා කල යුතුයි. (ර)