අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ අවසන් කටයුතු අද (20) සිදු විය.
ඒ අතර හමුදා නිලධරයකු ද වේ. හමුදා සාමාජිකයන් ඔහුට හමුදා ගෞරව ලබා දුන් පසු භූමදාන කටයුතු සිදු කැරිණි.
යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය අදත් තුන්වැනි දිනටත් සෝදිසි මෙහෙයුම් සිදු කරති.
සම්පත් නම් මෙම යුද හමුදා සෙබලා යාපන යුද හමුදා කඳවුරේ සේවය කරන බවත් නිවාඩුවට සිරිපුර ගමට පැමිණ ඇති බවත් ඔහුගේ ඥාතිහු කියති.
මීට මසකට පෙර විවාහ වී ඇති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගැන කිසිදු තොරතුරක් නැතැයි ද ඥාතිහු පවසති.
ඔහුගේ පියා පමණක් ජිවත්ව සිටින බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආයෙත් කිසියම්ම භවයක සිද්ධ නොවේවා! මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආය කිසියම්ම භවයක සිද්ධ නොවේවා......මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා.! (ර)
කවර අන්දමින් අදහස් පලකරන්නදැයි නොතේරේ.අප කර ඇති පාපකර්ම නිසා අපේ රටෙත් ලෝකයේත් මෙවැනි ඉතා සෝචනීය දේවල් දැන් නිතර නිතර අසන්නට ලැබේ. ඔවුන් වෙනුවෙන් අපට කලහැක්කේ මියගිය අය වෙනුවෙන් පින් පැමිණවීමත් අසරණ වූ අයට හැකි උපරිමයෙන් උදවු උපකාර කිරීමත්ය. (ර)
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආයෙත් කිසියම්ම භවයක සිද්ධ නොවේවා! මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා! (නි)
අනුරාධා කියන දේ හරි. බොදුනුවන් හැටියට අපි විශ්වාස කරන්නේ පෙර කර්මය අනුව බොහෝ දේ අපේ ජීවිතයේ සිදුවන බවයි. මියගිය අපේ සොහොයුරන්ට නිවන් සුව අත්වේවා! (නි)
ඉතාමත් ශෝකජනක පුවතක් (නි)