මාවනැල්ල - අරණායක, හත්ගම්පළ එළඟපිටිය කන්ද අද (17) පස්වරුවේ නාය යාමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එම ප්‍රදේශයේ නිවාස 120ක් පමණ ඇතැයි වාර්තාවේ.
පොලිසිය, හමුදාව හා ආපදා කළමනාකරණ නිලධාරීන් එම ප්‍රදේශයේ ආපදාවට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව එහි ගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතා පවසයි.
අද සවස් කාලයේ කන්දේ ගල් පෙරළීම් හා නාය යෑම් සිදු වෙන බැවින් එළඟපිටිය ජනපදයේ ඇතැම් පිරිස් සහන සේවා සොයා පැමිණ ඇතැයි අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මෙ වන විටත් වර්ෂාව පතිත වන අතර ගල් පෙරළීම් හා නාය යෑම් දිගටම සිදුවිය හැකි බවට ආපදා කළමනාකරණ නිලධාරීහු අනතුරු අඟවා ඇත.
නිවාස රැසක්ද මේ නිසා කැඩී බිඳී ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු කියති.
එළඟපිටිය කඳු මුදුනේ පිහිටි සාමසර විහාරස්ථානය පළමුව නාය යෑමට ලක් වු බවද කියති. මේ වන විට පවුල් 200ක් පමණ දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලය, හත්ගම්පොළ පන්සල සහ අවට පාසලක අනාථ කඳවුරුවල රඳවා සිටින බවද ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවො වස්සතු කාලෙන... රාජා භවතු ධම්මිකො... (නි)
දේවො වස්සතු කාලෙන... රාජා භවතු ධම්මිකො... (නි)
ස්වභාව ධර්මයේ අසීමිත මහා බලය ඉදිරියේ අපි නිකම්ම නිකන් මීයෝ වැනිය. ඒක දැනගෙන ස්වභාව ධර්මයට අනුගතව පරිසරය, ගහකොළ රැකගෙන නොහිටියොත් ස්වභාව ධර්මය මීට වඩා දරුණු දඬුවම් අපට දෙයි. (නි)
මේ මිනිසුන්ට රජය මොකුත්ම උපකාරයක් කරන්නේ නැත්ද? මේකද කියපු යහපාලනය? (නි)
සෑම දෙනාම සිතන්න තමන්ට මෙවැනි දෙයකට මුහුණ දෙන්න වුනානම් කියලා. ඉක්මනටම මෙයාල ගැන සොයා බලන්න රජය කටයුතු කලයුතුවේ. (ර)
මේ අසරණ මිනිසුන්ට ඉක්මන් සහන ලැබේවා! (නි)
මේ මිනිසුන්ගේ ජීවිත බේරුන එක නම් ලොකු දෙයක් (නි)
අසරණබාවයට පත් සියලු දෙනාටම ඉක්මන් සහනයක් ලැබේවා! (නි)
මට දැනෙන දුක කියන්න වචන නැහැ (නි)
මුලින්ම සන්නිවේදන කුළුණු සදහා කඳුමුදුන් එළිකිරීම නැවැත්විය යුතුයි (නි)
ධම්ම, එවෙලේම විපාක දෙන්න නම් ඉතා ප්‍රභල කර්මයක් වෙන්න ඕනෑ. පසුගිය කාලේ "රාජා භවතු ධම්මිකෝ" වෙච්ච ඒවායේ රඟ තමයි දැන් විඳින්නේ! (නි)
හැම දෙයක්ම හදාගන්න පුළුවන්. එ්ත් නැතිවුණ ජීවිත. අනේ මොනතරම් දුකක් දැනෙනවා ඇද්ද. (නි)
දන්සල් දෙන්න ඕනෑ මේ වගේ තැන්වලට නේද? සියළු දෙනා එකතුවෙමු (නි)
සිදුවුණු විපත ගැන ඉතා කණගාටුයි.දැන්වත් පටු දේශපාලන වාද භේද දුරලා දේශපාලන වාසි නොතකා නිකරුනේ කරන අනවශ්‍ය වියදම් අතහැර රජයක් ලෙස ඍජුව මැදිහත්ව විපතට පත්වූවන්ට පිහිට වෙන්න. (නි)
අනේ දෙවියනේ මේ මොන විනාශයක්ද? (නි)
දේශ දේශපාලකයන් රටේ වනාන්න්තර විනාශ කිරීමට මුලිකයෝ වෙනවා. (ර)
විපුල මෝඩ කතා කියන්න එපා. වැට් බදු කපන්නේ ගන් වතුරක් ආවාම ගෙවල් හදල දෙන්න නෙමේ. පහුගිය අවුරුදු 20 ක ඉතිහාසය අරන් බැලුවාම මේ වගේ අනතුරු , ආපදා වෙලා තියෙනවා හැම අවුරුද්දකම මැයි , ජුනි මාස වල. (ර)
මේ වගේ දුෂ්කර පැති වල කැලය කපන එක ගැන කුමන කතා ද? (ර)
රාජා ධම්මිකෝ වුවාට ප්‍රමාණවත් නැත .ජනතාවත් ධාර්මික විය යුතුය.(බ)
අපේ සාක්කුවෙන් කපන වැට් බදු මුදලින්වත් ගෙවල් හදලා දෙන්න (නි)
පින්වතුනි ගුණ දහම් දියුණු කරගන්න, මහන්සි ගන්න , දුක් කරදර අඩු තැන ජිවත් වෙන්න පින පෑදෙනවා . (ම)
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. මේවා සිද්ධවෙන්නේ කැලේ විනාශකිරීම නිසා බවත් අපි තේරුම්ගත යුතුයි (නි)
අනේ දෙවියනේ, මේ මොන විනාශයක්ද රටට වෙන්නේ? (නි)