අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය අය සෙවීම සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව හමුදාව හා ප්රාදේශීය ලේකම් කාර්යයාලය කියයි. විටින් විට නාය යාමත්, අයහපත් කාලගුණයත් නිසා අතුරුදන් වූ 100 කගේ පමණ සිරුරු සොයාගත නොහැකි වේ.
හත්ගම්පොළ පාසලේ දී ලබන දෙවැනි දා උදෑසන 8 ට යුද හමුදාව, පොලිසිය, ආපදා කළමණාතකරණ ඒකකය, ප්රාදේශීය ලේකම් කාර්යයාලය, ගැමියන් සහයෝගයෙන් මළවුන් සඳහා පාංශුකූලය දී මහා සංඝරත්නයේ 60 නමකට දානයක් පිරිනැමීමට සැරසෙන බව යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියයි.
මෙම සිද්ධියෙන් සිරුරු 35 ක් සොයා ගැනිණි. ඒ අතර පාසල් සිසුන් 11 දෙනෙකුගේ සිරුරු විය. අඩු ගණනේ සිසුන් 25 දෙනෙකුවත් පසුගිය 17 වැනිදා නාය යාමෙන් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදා කළමනාකරණය සිදුවෙන්නේ නැහැ. මියගිය පසු අඩනවා විතරයි. මාතලේ දොඩම්දෙනිය අවට පදිංචිකරුවන් සහ පාසලේ දරුවන් අධික වැසි දිනවල ඉවත් කරනවා. ප්රධාන හේතුව කන්ද මුදුනේ ඇති දැවැන්ත ගල පෙරලෙන්නට ආසන්න නිසා. වැසි නැවතුන විට නැවත යනවා. මේ උදවිය හිතන්නේ මේ ගල පෙරලෙන්නට පුළුවන් වැස්සෙන් පමණක් නිසා කියලා.එහෙත් වියලි කාලගුණයක් සහිත දිනයක භූ චලනයක් සිදු වුනොත් මේ ගල පෙරලිලා සිය ගණනක් මිය යනවා. අඩුම තරමින් මේ ගල පුපුරුවා හරින්නට හෝ වෙනත් සුදුසු පියවරක් ගන්නට දැනුවත් උගත් අය අපේ රටේ නැතිද ? එහෙම නැත්නම් ඔහේ මැරිලා ගියාවයි ඉන්පසු ඉතිරි එවුන්ට කියක් හරි දෙමු කියල හිතනවද ? අපි අපි ගැන මිස අනුන්ගේ ජිවිත ගැන තැකීමක් නැතිද ? (රේ)
මියගිය සියල්ලන්ටම නිවන් සුව අත්වේවා! (නි)
සියලු දෙනාට නිවන් සුව ලැබේවා...! (බ)