අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ සෝදිසි මෙහෙයුම් අද හය වැනි දිනටත් ආරම්භ විය.
යුද හමුදා සාමාජිකයෝ කණ්ඩායම් කිහිපයක් ලෙස කන්දේ විවිධ ස්ථානවල සෝදිසි මෙහෙයුම්වල නිරත වෙති.
අද මෙහෙයුම්වලදී එක් දේහයක් හමු වූ අතර එහි හිස නොතිබිනි. තවත් කිහිප දෙනකුගේ සිරුරු කොටස් කිහිපයක් ද සොයා ගැනිණි.
පෙරවරු දහයට පමණ මද වැස්සක් ඇද හැළුණු අතර එය දහවල් 11 පමණ වන තුරු පැවැතිණි.
අරණායක නාය යෑමෙන් මිය ගිය 35කගේ පමණ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් සියයකට අධික පිරිසක් අතුරුදන් වී සිටිති.
මේ අතර පෙරදින සොයා ගැණුනු දේහය බාර ගැනීමට දෙදෙනකු ඉදිරිපත් වීම නිසා පොලිසිය දැඩි අපහසුතාවකට පත් විය.
මේ ගැන පරීක්ෂණයක් පවත්වා දේහය බාරදීමට පොලිසිය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ මේකද සංසාරේ පතාගෙන ආ හැටි! පස් යටට වැලලිගිය ඇත්තන්ගේ ඒ මොහොතේ මොනවගේ චේතනාවක් හිතේ තියෙන්න ඇත්ද? වනේ වන හතුරෙකුටවත් මෙවැනි අකරතැබ්බයන්ට ගොදුරු නොවෙන්න කියලයි අපි හැමෝගෙම පැතුම. (ර)