අරණායක සාමසර කන්ද නාය යාමෙන් අඩු ගණනේ ගෙවල් 66 ක් යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ලෙනාඩ් මාර්ක් තක්සේරු කරයි.
අරණායක සිට බුලත්කොහුපිටියට පැමිණි ඔහු ලංකාදීප එසැණ සමඟ පැවසුවේ ගෙවල් 66 ක් යට වී ඇති බවට තොරුතුරු ඇති බවයි. එක් ගෙයක තිදෙනෙකු සිටියේ යැයි අනුමාන කරතොත් යටවු මුළු ගණන සොයා ගැනීමට 66 තුනෙන් වැඩි කර බලන්නැයි ඔහු කීවේය.
අරණායක නායයාමෙන් 1401 දෙනෙකුට මධ්‍යස්ථාන පහක මුලික පහසුකම් සලසා ඇති බව ඔහු පවසයි.
ජායාරූප- තරිදු ජයවර්ධන
ජායාරූප - සමන් විජය බණ්ඩාර
ජායාරූප - ළහිරු හර්ෂණ
![07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/071.png)
![08[1]_156978](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/081_156978.png)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/091.png)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/101.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ජනතවට සැවොම එක්වී පිහිට වෙමු. (ර)
අසරණ ජනතවට සැවොම එක්වී පිහිට වෙමු (බ)
අපේ රටේ විපතක්වුනොත් ජාති, ආගම්, පළාත් බේදයෙන් තොරව අපේ රණවිරුවරුන්ගේ සේවය ඉතා විශිෂ්ටයි. අගයකලයුතුමයි. එකට හොඳම උදාරණයක් තමයි 2009 අවසන් සටනේදී උතුරෙන් ආපු දෙමල ජනතාවට තමන්ගේ කෑම පාර්සල් සහ වතුර පවා ඔවුන්ගේ කුසගින්න නිවන්නට තරම් පරිත්‍යාග කල එක අපිට මතකයි. මෙවැනි ආදර්ශමත් රණවිරුවන්ට තමයි අද උතුරේ සමහර දේශපාලන්දයින්ගෙන් බොරු චෝදනාව එල්ල කරන්නේ. (ර)
හැමදේටමත් ඉන්නේ අපේ හමුදාවේ කොල්ලෝ ටික තමයි ...!!! (නි)
ජනතාව විපතටපත් සෑම අවස්ථාවකම ස්වාමින් වහන්සේලා පෙරමුණ ගත්තා. මේ වෙලාවෙදිත් ඡායාරූප වලින් ඒ බව පෙනෙනවා (නි)