අරණායක සාමසර කන්දේ පණ පිටින් වැළලුණු ගැමියන්ගේ සිරුරු සොයා අද (19) දෙවැනි වරටත් සෝදිසි මෙහෙයුමකට ගිය යුද හමුදාව ඇතුළු සහන සේවකයනට වැස්සෙන් බාධා ඇති විය. කන්ද යළිත් නාය යාම නිසා එහි යුද හමුදාව ද පොලිස් විශේෂ කාර්ය බළකායද සහන සේවකයෝ ද ආරක්ෂක ස්ථාන කරා කැඳවනු ලැබුහ.
ටික වේලාවකට පසු වැස්ස නතර වුයෙන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය යළි මළවුන් සෙවීම ඇරැඹිය.
නාය යාමෙන් හානියකට පත් නොවු බුදු මැදුර අවට ප්‍රදේශයේ යකඩ කුරු ගසමින් පොලිස් විශේෂ කාර්ය බළකාය යට වු ගෙවල් සොයන්නට වුහ.
යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙසියකට වැඩි පිරිසක් සහන සේවා කටයුතු වල යෙදී සිටිති.
මාවනැල්ල අරණායක ප්‍රධාන මාර්ගය දෙපැත්තකින් වැසු පොලිසිය හමුදාවට පොලිසියට සහන සේවකයනට හැර සෙස්සන්ට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි බව දැනුම් දුන්නේය.
යුද හමුදාවේ සිය දෙනෙක් පමණ කන්ද මුදුනේ ද පොලිස් විශේෂ කාර්ය බලකායේ 150 දෙනෙක් පමණ කන්ද මැද හරියේ ද සොදිසි කිරීම් වල නිරතව සිටිති.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික විපත් .මියගියවුන්ට නිවන්සප පැතීම,විපතට පත්වූවන්ට හැකි පමණින් පිහිට වීම හැර වෙනත් කරන්නට දෙයක් නැත. (ර)
අපේ ආරක්ෂක අංශ විසින් කරන්නාවූ මෙහෙය නම් මිල කල නොහැකියි.(ම)
අකල් ව්‍යයසනයට හසුව ජීවිත අහිමි වූ සියලු දෙනාහට සසරේ මතු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී වාසනාවන්ත උත්පත්තියක් උරුම වේවා! මේ දුෂ්කර ගළවා ගැනීමේ කර්තව්‍යයේ නිමග්නව ඇති සියලු දෙනාහට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
පාලකයනි, මිනිසුනි, දැන්වත් පළිගැනීම් වෛරය ඉවත ලා දැහැමි වෙන්න (නි)