තරිඳු ජයවර්ධන
ජාතක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළ පර්යේෂණ වල දී නායයෑමේ අධි අවධානමක් ඇති ස්ථාන 515ක් හඳුනාගෙන තිබේ.
විශාල පිරිසකට මරු කැඳවමින් පසුගිය වසරේ මැයි මාසයේ අරණායක රාමසාර කන්ද නායයෑමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම පර්යේෂණ ආරම්භ කළේය. එම නායයෑමෙන් 200කට ආසන්න පිරිසක් මිය යන්නට ඇතැයි ඒ දිනවල ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ප්‍රකාශ කර තිබිණි.
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මධ්‍ය අවදානම් ස්ථාන 1031ක් ද එම ආයතනයේ පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එම ආයතනයේ වාර්තා අනුව වැඩිම අධි අවධානම් ස්ථාන ගණනක් හඳුනාගෙන ඇත්තේ එළඟිපිටිය ග්‍රාම නිලධාරී වසමේ අවන අතර දෙබත්ගම උඩබාගේ ප්‍රදේශයේ හඳුනාගෙන ඇති අධි අවධානම් ස්ථාන ගණන 92කි. ගංතුන මැදගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ හඳුනාගෙන ඇති අධි අවධානම් ස්ථාන ගණන 73කි.
මේ කරුණු අනාවරණය වූයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලබා ගත් ලේඛණ පිරික්සද්දීය.
(අරණායක රාමසර කන්ද 2016 මැයි මාසයේ දී නාය ගොස් තිබූ අයුරු. ඡායාරූප තරිඳු ජයවර්ධන)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවතැන්වූවන් බොහොමයක් තවම ජීවත්වන්නේ කූඩාරම්වල නේද. එයට ඉක්මන් විසඳුමක් දෙන්න.
අවතැන්වූවන්ට ස්ථිර වාසස්ථාන දෙන්න කාලය යන්නේ මේ වගේ හොයලා බලලා නිර්දේශ දෙන්න කාලය අවශ්‍ය නිසා. ඒකට කරන්න දෙයක් නෑ. එකම දේ ඉදිකිරීම් කරන්න කලින් කාලය අරගෙන හරි ආරක්ෂිත ස්ථාන වල ඉදිකිරීම් කරන එක. මිනිස්සු නීති පැත්තකට දාලා අවිධිමත් ඉදිකිරීම් කරනවා. ඒවා ආරක්ෂා කරන්න දේශපාලුවොත් එනවා. ඒත් අන්තිමට වැඩ වැරදුනාම කවුරුත් නෑ.