IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අර්ජුනගේ අදහස් සම්බන්ධයෙන් මට කියන්නට ඇති දෙයක් නෑ

ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ප‍්‍රකාශ කරන අදහස් ඔහුගේ ස්වාධීන අදහස් මිස ඒ සම්බන්ධයෙන් තමන්ට කිව හැකි කිසිවක් නැතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසූ බව යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි. ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහේල මේ බව පවසා තිබේ. මේ දිනවල පැවැත්වෙන අයි. පි. එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මහේල එහි උපනායකයා ලෙසද කටයුතු කරයි. අර්ජුන රණතුංග පවසා සිටියේ අයි. පී. එල් තරගාවලිය කි‍්‍රකට් කී‍්‍රඩාවට හානියක් බවත්, සැබෑ ටෙස්්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවට එයින් (අයි. පී. එල්. තරගාවලිියෙන්) බිහිවන්නේ මස්වැද්දන් වැනි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්ය. ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඉන්දීය පිල ලබා සිටින පසුබෑම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ට පවා දොස් පැවරීමට 1996 දී ලෝක කි‍්‍රකට් කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් නායකයා පසුබට නොවීය. "එය ඔහුගේ ස්වාධීන අදහසක්. මා හිතන්නේ නෑ ඔහු (අර්ජුන රණතුංග) අයි. පී. එල්. තරග ලෝලියෙක් කියා. ඒත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ ස්වරූපය (වි/20) සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් දක්වන ලෝකයේ තවත් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් සිටිනවා” "ඔවුන්ගේ අදහස මෙම කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා කී‍්‍රඩකයන් වඩාත් හොඳ තත්ත්වයකට පත්ව ඇති බවයි” යයිද මහේල ජයවර්ධන පැවසීය. මහේලගේ අදහස අනුව ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක රවීන්ද්‍ර ජදේජා සහ  ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් අයි. පී. එල්. තරගාවලියෙන් ඉස්මතු වූ කී‍්‍රඩකයෝ වෙති. "රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි” "ඬේවිඞ් වෝනර් ගන්න, අයි. පී. එල්. තරගාවලියේ ආරම්භයේ සිට ඔහු කොයිතරම් වෙනස් වෙලාද? දැන් ඔහු  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවා. ඔහු ඉතාමත් ආක‍්‍රමණශීලීව පන්දුවට පහර දෙනවා. ඔහු ලබාගත් පළමු ශතකය තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළා” යයිද මහේල පැවසීය. අයි. පී. එල්. තරගාවලිය නිසා තමන්ගේ කී‍්‍රඩාවද දියුණුවට පත්වූ බවත් මහේල පැවසීය. "මගේ එක්දින තරග දිවිය වඩාත් හොඳ තත්ත්වයකට ගෙන එන්න, මා කිසියම් දෙයක් නිර්මාණය කළ යුතුව තිබුණා. ඒ නිසා මා ඉනිම ආරම්භ කරන්නත් පෙළඹුනා” යයිද මහේල ජයවර්ධන ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබිණ.



අදහස් (0)

අර්ජුනගේ අදහස් සම්බන්ධයෙන් මට කියන්නට ඇති දෙයක් නෑ

කේ.ජනිත් Tuesday, 24 April 2012 10:16 PM

අර්ජුන හරි

:       0       0

පී.ජයවීර Thursday, 26 April 2012 11:47 AM

ඒක හරි යවන්න පුළුවන්. ඒත් අයි.පී.එල්. ලංකා ක්‍රිකටස්ලට ලොකු හානියක් කළා

:       0       0

සචින්ත Monday, 23 April 2012 12:02 PM

මම හිතන්නේ මහේල් හරි

:       0       0

ලක්ෂ්මන් Monday, 23 April 2012 12:04 PM

හොඳයි

:       0       0

නුවන් Monday, 23 April 2012 01:51 PM

මම හිතන්නෙ දෙන්නම හරි. ඒත් වඩා සාර්ථක අර්ජුන කියලත් හිතෙනවා.

:       0       0

ලක්මල් Tuesday, 24 April 2012 12:58 PM

මහේල හරි

:       0       0

සුජීව Tuesday, 24 April 2012 03:35 PM

මහේල වැරදි නෑ. නමුත් අයි.පී.එල්. නිසා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු හානියක් වෙනවා.

:       0       0

සදුනි Tuesday, 24 April 2012 03:42 PM

මමත් හිතන්ෙන් හරි මහේල තමයි

:       0       0

මධුරංග Tuesday, 24 April 2012 04:39 PM

අර්ජුන කියන දේ ඇත්ත.අයි.පී.එල් නිසා ඉන්දියන් ටීම් එක හැදුනා. අපි 2011 වර්ල්ඩ් කප් එක පැරදුනෙත් ඔය අයි.පී.එල් නිසා තමයි. ඒක මුරලිම කිව්වනේ. අද ටෙස්ට් ක්‍රිකට් නැති වීගෙන යනවා.

:       0       0

ඩී.ආර්. Tuesday, 24 April 2012 07:10 PM

මම හිතන්නේ මහේල හරි. මගේ පෞද්ගලික අදහස නම් අයි.පී.එල්. තරගාවලිය යනු නූතන කෙළිබිමේ සංධිස්ථානයක් කියලයි.

:       0       0

ප්‍රදීප් Tuesday, 24 April 2012 07:22 PM

මම මහේලත් එක්ක සම්ර්‍පූර්ණයෙන්ම විරුද්ධයි. නමුත් අයි.පී.එල්. වලින් හොද ක්‍රීඩකයො ගොඩක් දෙනෙක් ඔවුන්ගේ රටවල් වලට අහිමි වුණා.

:       0       0

ඩී.සිල්වා Tuesday, 24 April 2012 08:50 PM

අයි.පී.එල්. වලට තියෙන උනන්දුව තමන්ගේ රටේ ක්‍රිකට් වලටත් තිබුණා නම් නේද හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 408 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1897 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1763 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 190 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 393 1

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 413 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1181 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 298 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1333 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site