(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
බැඳුම්කර කොමිසම ඔහුගෙන් සාක්කි ලබාගැනීමට තීරණය කර ඇති නිසා සාක්කි දීමට ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චෝදනා ලබා සිටින පුද්ගලයාව උසාවි දමන්න. නැත්නම් පක්ෂයත්, පාක්ෂිකයනුත් ඉවරයි. හොරු අල්ලන්නනේ මේ අය ආවේ. ලෝකවාර්තාව මේ දෙකටම වඩා ලොකුනම් මෙයාව නලවාගෙනම 14 වැනි පරාජයත් බාර ගන්න.
ඔය හැම එකකටම කට දාන ඇමැත්තෝ ටික දැන් නිදිද?