ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යාපනයේදී පැවසීය.
ගෙදරට ගොස් දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කරන රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පොලිසියට කැඳවීම අර්බුදකාරී තත්ත්වයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු මෙසේද කීය.
' වැරැද්දක් වෙලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න ඕනෑ බව මම හැම වෙලාවේම කියනවා.එහෙත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ එන අවස්ථාවක මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක්.ක්‍රීඩා අමාත්‍යවරයාත් , ක්‍රිකට් ආයතනයත් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රශ්නයක්.'
'අද ක්‍රිකට් පරිපාලනයට සූදු ව්‍යාපාරිකයින් ඇවිල්ලා.ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මීට වගකිව යුතුයි.රටේ ක්‍රීඩා මුදලට යටනොවන තත්ත්වයකට පත් කළ යුතුයි.එහෙම නොවුණොත් අපි හදපු ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාත්,ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් සහය දුන්නා වගේ වෙනවා.'
'මැතිව්ස් පරීක්ෂණ වලට සහාය දෙනවා කියලා තියෙනවා මම දැක්කා.එහෙම අවස්ථාවක මේ සියල්ල දැක්මක් සහිතව කළ යුතුයි.එහෙම නොකළොත් ලංකාවේ ක්‍රීඩකයින් පමණක් නොවෙයි.කණ්ඩායමත් අපකීර්තියට පත්වෙනවා'. අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන හරි. එෆ්සීඅයිඩී ගෙනියන්න ඕනා නිශාන්ත රණතුංග කියන පල් හොරා මිස මැතිව්ස් නොවේ (බ)
චන්න කියන්නේ සහතික ඇත්ත (බ)
අර්ජුන ඔබ මොකවත් නොදන්නවා වගේනේ කතා කරන්නේ.(බ)
මෙයා ඉස්සෙල්ල කී පොලක ගාගත්තද? දැන් හත් පොලේම ගාගන්නද කොහෙද සුදානම. (බ)
හැමෝම වැරදිය, මා පමණක් හරිය... (නි)
අර්ජුන, ඉදිරියේදී ජනතාව නියම පිළිතුර දෙයි (නි)
සිද්ධියට සම්බන්ධ බුකිකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම කළයුතුයි නේද?? (නි)
අර්ජුන, ඔබට දිගාසිරි! ඔබ රටට ආදරය කරන බව අපි දනිමු. (නි)
චන්න, ඔයා ළඟ සාක්කි තියෙනවා නම් ඉතින් ගෙනියන්න. මොනවද නිශාන්ත රණතුංග හොරකම් කරලා තියෙන්නේ. අපිටත් දැනගන්න කියන්නකෝ. අපි නම් අහලා තිබුනේ ඔහු හොඳ මහත්මයෙක් කියලා. (නි)
මට නම් පෙන්නේ අර්ජුන මහා මණ්ඩලයක් , කොහෙන් හෝ ලකුණු දාගන්න හොයනවා,... තම දේශපාලනේ කළාම ලංකාවේ ඉන්නට වෙන්නේ .(බ)
ඒ දෙන්න හැමදාමත් රන්ඩු වෙනවා නේද ?(හේ)
ඒ කතාව නම් ඇත්ත තමයි.(හේ)
උඹලා අමාරුවෙන් හදපුවා වැඩක් නෑ. පරණ ලොක්කගේ අය ආයෙත් වැඩ පටන් අරන් (බ)
මෙයා කොයි රටේද ? (බ)