(මනෝප්රිය ගුණසේකර)
ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් දින කිහිපයක සිට උත්සහ ගත් බවත් ඔහුගේ කාර්යාලයට සහ නිවසට ගියත් ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (06) දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසමට හමුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට කොමිසම දැනුම් දුන්නේය.
අතිරේක සොලිස්ටර් ජනාරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එසේ දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාපෝර්ට් වහලානේද හොරු අල්ලනවා කිව්වේ.
මේ වගේ අය කිසිම කරදරයකින් තොරව නිදැල්ලේ හැසිරෙන හැටි පෙනෙන කොට නීතිය කවුරු හරි, කොහෙන් හරි තදින් නවන බව නම් පැහැදිලියි.
හොරා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන්න හදනවද මන්ද
රනිල්ගෙන් හරි, මලික්ගෙන් හරි එහෙමත් නැත්නම් අර ෆුට් නෝට් කාරයන්ගෙන් ඇහුවා නම් දැන ගන්න පුළුවන්නේ.
අගමැතිගේ මිත්‍රයා පැන්නද?
අර එක පාරක් අර්ජුන සිංගප්පූරුවේ ගිහිල්ලා ඉන්නකොට රනිල් පාර්ලිමේන්තුවේ කිව්වේ අර්ජුන මගුල් ගෙදරක ගිහිල්ලා කියලා. ඒවගේ එතුමාගෙන් ඇහුවා නම් කියාවි කොහෙද ඉන්නේ කියලා. සමහරවිට ගෙදර සඟවා ගෙන ඉන්නවත් ඇති...
දැන් අනිත් කට්ටියට, ඒ කිව්වේ අර්ජුනට බිලියන එක දහය කරන්න කියපු කෙනා, එතකොට අර පාද සටහන් කට්ටියට, එහෙම බය වෙන්න පටන් අරගෙන ඇති නේද?
තාක්ෂණය උපයෝගී කරමින් උසස් පෙළ විභාග ලියපු අර සිසුවාව අත් අඩංගුවට අරන්, අධිකරණයට ඉදිරිපත් කරලා, හිරෙත් ඉඳලා, ජීවිත කාලෙම තවත් විභාග ලියන්නත් බැරි තරමට දඬුවම් දීලත් ඉවරයි. නමුත් මෙයා වගේ මහා පරිමාණයේ දුෂිතයන්ට තවමත් සීතල කාමරවල තමයි පරීක්ෂණ.... අනුර දිසානයක කිව්වා වගේ පන්තියේ නීතිය ලිහිල් වෙලා....
අස්සයට පැනල යන්න, හිතාමතාම ඉස්තාලේ දොර ඇරලා වගේ...! වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසම් ද ඒ අමාරුව ..? මෙවැනි ඉහලින්ම දුෂණය දැක දැක ඇස කන් පියාගෙන සිටිනා ,නීතියේ සිට ඔඩු දුවපු විපරීත පරිපාලනයක් ඇති රටක...!
අනේ ඇත්තමයි, මොකට අදහස් ලියනවද මන්දා. වැරදි කාරයෝ හරි අගේට ඉන්නවා. ඒ ඒ අයම හංගගෙන හෝ පන්නලා... කොහේද නැහැල්ලු දැන්?
බය වෙන්න එපා. එයා ඇමරිකාවේ කොටහළු මගුලකට ගිහින්. ඉවරවෙච්ච ගමන් අපහු එනවා කිව්වා.