(රංජන් කස්තුරි)
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ (19) සිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
කැස්ස සහ පපුවේ අබාධ තත්ත්වයක් හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
මේ අතර ඇලෝසියස් මහතා අද (20) ගිලන් රථයකින් අධිකරණය වෙත රැගෙන ගොස් තිබිණි.
අර්ජුන ඇලෝසියස් මහතා පරීක්ෂණයක් සඳහා හෙට (21) කොළඹ වෛද්‍ය පර්යේෂණ ඒකකයට රැගෙන ඒමට නියමිත බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා තමයි පෙරකදොරුවන්ගේ ගැට කියන්නේ. කහින්න ඕනෑම කෙනෙකුට පුළුවනි. පපුව අල්ලාගෙන කෑගහන්නත් පුළුවනි. කියක් හරි වියදම් කලාම දොස්තර කෙනෙකුගේ සහතිකයක් ගන්නත් අමාරු නැහැ.මිට කලින් මේ දෙන්නටම " කසානා "යනුවෙන් හැඳින්වෙන කුෂ්ට රෝගය හැදුනාලු. ලෙඩක් නම් බෙහෙත් දෙන්න. නමුත් ගරු විනිශ්චයකාරතුමනි මොහුගේ " මාමා " අල්ලලා දෙනතෙක් මොහුව කුඩුවෙම තබන්න.
මේවා හොර ලෙඩ. මාමා කරපු වැඩේ පේනවනේ.
දිවුරුම්දීම වැඩ කරලා තියෙන්නේ!
පැනඩෝල් පෙති දෙකකින් සුවකරගන්න පුළුවන් අබාධයක් නේ
අසනීපයක් නේ? බෙහෙත් අරගෙන දුන්නාට කිසිම වරදක් නැහැ. හැබැයි බොරු ලෙඩනම් බෙහෙත් බොන එකක් නැහැ. නාගනියි.
ඔය ලස්සනට වැඩේ හැරෙන්නේ. ලෙඩේ අසාද්‍ය උනොත් සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න පුළුවනි.
ඔන්න මේ හොරු දෙන්න නිදහස් කරන්න හේතු හදන්න පටන් ගෙන. හොරකම් කරන කොට නම් කැස්ස අමාරුවක් නොවෙයි මේ අයට...
අැප ලබා ගෙදර යාමට ඉතාම අාසන්නයි වගෙ
මේ ටයි කෝට් හොරා ඇතුළු වටේ ඉන්න හොරු ටික ජිවිතාන්තය දක්වා හිරේ දාලා, මොවුන්ගේ දේපොළ රාජසන්තක කරලා අපේ සල්ලි නැවත අයකරගත යුතුයි.
මේ රජයත් ආපු ගමන් හොරුන්ට රැකවල් දීමට පටන්ගත්ත.
කැස්ස කාටද නැත්තේ ණයට කහින්න ගියා නේද?
ලොක්කා සිංගප්පූරු ඉස්පිරිතාලෙකට උනත් යන්න හදලා දෙවි. එජාපයට බැංකුව නොවෙයි මුළු රටම මංකොල්ල කෑවත් කමක් නැහැ.....
මාමන්ඩිලා බැණ පොජ්ජලා ඒත්තු උනාම එහෙ ඉඳන් තව එකක් ප්ලෑන් කොරන්න පුළුවනි. වැඩේ හරියාවි එජාපයින්ගේත් කිසිම අකමැත්තක් නැහැ.
ඕවා මොනාද? අනික් ලොක්කා ආපු ගමන් හොරු කීදෙනෙක් එළියට ආවද? ජොන්ස්ටන් එහෙම ජනාධිපති තුමා ඇමති පදවිත් දුන්නේ විමල්ටත් එක්කම...