(ඩයනා උදයංගනී)
පර්පචුවල් ටෙසරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය දී තිබූ බලපත්‍රය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව එය අවලංගු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දීමට පියවර ගෙන ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු රජයට ගෙවීමට තිබූ හිඟ බදු ගෙවීමට එකඟවීමෙන් පසු නිෂ්පාදන යළි ඇරඹීමට මුදල් අමාත්‍යාංශය අවසරය දී තිබූ බව ද ඇමතිවරයා පැවසීය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘අර්ජුන් ඇලෝෂියස්ට නිෂ්පාදන අරඹන්නට අවසර දී යළි ඉවත් කරගත්තේ ඇයි?’ යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එසේ වුවත්ඔවුන් සම්බන්ධ වී බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබියදී යළිත් නිෂ්පාදන ආරම්භ කිරීමට ඉඩදීම සාධාරණීකරණය කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර එය අහෝසි කිරීමට තීරණය කළ බව ද ඇමති රමේෂ් පතිරණ මහතා කීවේය.
ඔවුන්ට යළි නිෂ්පාදන ආරම්භ කිරීමට අවසරදීම කැබිනට් මණ්ඩලය ගත්තීරණයක් නොව හිඟ බදු ගෙවීමට එකඟවීමෙන් පසු මුදල් අමාත්‍යාංශය ගත් තීරණයක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 24 මොකක්දෝ මගඩියක් කරලා කියලයි මම හිතන්නේ..
දකුණු අත කරන දේ ... වම් අත දන්නේ නැහැ .. පවු !!!
කබ්රාල්ගේ නංගිට බැංකු හොරකමට කේස් තිබුණා නේද?
ආණ්ඩුවේ ඉන්නේ කුඩු ගහපු අයද? රට පාලනය කරන්නේ රුවිතයට...
මේ බලපත්‍රය දුන් වෙලාවේ මෙන්ඩිස් එංගලන්තයේදී විකාර කළා. ඒක නිසා වැඩේ අවුල් වුණා. කොම්පැණියේ නම මෙන්ඩිස්...
අර කුරුණෑගල එක්කෙනාගෙනුත් අහලද ඔය තීන්දුව ගත්තේ? එයා දැන් ලොකු වැඩකාරයෙක් වගෙයි මාධ්‍යවලින් නම් පෙනෙන්නේ...