සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක තනතුර තමාට පිරි නැමිමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එකඟ වු බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුනගේ අලුත්ම ඩීල් එක චීනා එක්ක වරාය නගරය හොර පාරෙන් හදන්න ගහපු එක. මේ වගේ මිනිස්සු නිදහස් පක්ෂයට ගත්ත කියන්නෙ ලැබෙන ඡන්දත් නැතිවෙන එක. ඒජාපේ දිනවන්න නිදහස් පක්ෂයට ආපු පිල්ලියක් මෙයා (නදී)
විලිලැජ්ජාවක් කියලා දෙයක් තිබෙනවද? (නි)
රට සහ ජාතිය අනතුරේ. අපේ අය පිල්මාරු කරන්නයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නයි දඟලනවා. සියල්ලටම පෙර උතුරේ ප්‍රශ්න විසඳාගත යුතුයි. (නි)
රටට ආදරේ , වැඩකරන මැති ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? (නි)
මම හිතුවා අර්ජුන ප්‍රතිපත්ති තිබෙන කෙනෙක් කියලා. (නි)
දැන් මේ පැනිලි මිනිසුන්ට සාමාන්‍ය දේවල් වෙලා (නි)
ලෝක කුසලානය දිනාදුන් නායකයට එදා තිබුණ ගරුසරුවත් නැතිවෙන පොටක් මේ පිල් මාරුකිරීමෙන් සිදුවෙන්නේ (නි)
වැඩිකල් යන්න පෙර බොහෝ දේ දැකගත හැකිවේවි (නි)
ඔහොම යමු . (නි)
යනවා නම් අර දයාසිරි ජයසේකර ගියා වගේ මන්ත්‍රී තනතුරු ඇතුළු සියලු දේ පක්ෂයට බාරදීලා යන්න (නදී)
ටිරාන් මොකද කරන්නේ (නදී)
ඔබමයි ආවේ, ඔබමයි යන්නේ, මා එතනම එහෙමයි... (නි)
නැග්ග ඉනිමඟට පයින් ගහන්න නම් එපා (නි)
ලංකාවේ දේහපාලනය අද දාං ඇදිමක් වාගේ (ම)
දිනේෂ්, ඔය ජෝතිපාලගේ සින්දුවක් නේද? දැන් මේ කතාවේදී සින්දුව කියන්නේ කවුද? (ර)
ඔබමයි ආවේ ඔබමයි යන්නේ ගීතය රජීව විජේසිංහටත් ගැලපෙනවා. (බ)
ආපහු පාරක් අතට පැන්නේ චන්ද්‍රිකා මැඩම් ප්‍රසන්න මල්ලිට බය නිසාද (බ)
ඔහොම පැන පැන ඉදපල්ලා..අරහේ ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දීල...අනේ අපේ සිංහල උන්ට යන කල. (බ)
චන්ද්‍රිකා මහත්මිය මේ තනතුරු තනි කැමැත්තට දෙන්නේ කොහොමද?(හේ)
ආයෙමත් පනින සෙල්ලම් පටන් අරන් වගේ.(හේ)
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව මේහිදී කොහොමද තීන්දු තීරණ ගන්නේ. (හේ)
අර්ජුන අතින් අතට යයි කියලා දැම්මා නම් හරියටම හරි .(හේ)
අන්න හරි.(හේ)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තමයි නසින්නේ.(හේ)
චන්ද්‍රිකා කොහොමද ආසන සංවිධායක කම් දෙන්නේ. මෛත්‍රි නොවේද ශ්‍රිලංකා එකේ සභාපති. මෛත්‍රි මහත්තයා සභාපතිකම වික්කාද ? (නදී)
මේ අවංක දේශපාලකයෝ නෙමෙයි තමන්ගේ වාසි තකා වැඩ කරන අවස්ථා වාදියෝ (නදී)