(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා රජයෙන් කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි එම මන්ත්‍රීවරු චෝදනා කරති.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී නිවාස ඉදිකරගැනීම සඳහා යම් ආධාරයක් කර ඇතත් වර්තමාන රජයෙන් ඒ සඳහා කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි ඔවුහු පෙන්වා දෙති.
මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම මේ හේතුව නිසා තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ
ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරන ලද මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොරොන්දුවක් ලබා දුන්නේය.
දේපළ හානි වූ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ලේ වියත් පුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස කුලී පදනම මත ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර එම නිවාස දැනට ලබාගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බව වාර්තා වේ.
විශාල මාසික වාරිකයක් පවතින හෙයින් එම නිවාස ලබා ගැනීම ඉතා දුෂ්කර බව මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
මේ අතර ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ පවුලේ උදවියටද මෙතෙක් කිසිදු ආධාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ අමරකීර්ති අතුකෝරල මහතාගේ පවුලේ උදවියට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නැති හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
අරගල කරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වැනිදා කරන ලද ප්‍රහාරවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සියයකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා නියෝජිතයෝ, ජනතාවට සේවය කරන්න කියලනේ බලය ගත්තේ? කරපු සේවයකුත් නැහැ. හොරකම්, වංචා, දූෂණ... කොමිස් වලින් ගසාකෑවා මිසක්... තව ගෙවලුත් හදලා දෙන්නද කියන්නේ? හම්බකරගත්තුවා ඕනෑතරම් ඇතිනේ..?
ඔය ගෙවල් ගිනිතියලා මංකොල්ල කාලා හොරකම් කරපු අය අල්ලන්න. බහුතරයක් ජවිපෙ පෙරටුගාමීන්. එයාලාගේ පක්ෂවල අය කියාවි අරගලේ මර්ධනය කරනවා කියලා... ලොක්කන් කියනවනේ පොදු සමාවක් දෙන්න කියලත්... ඒ ඔවුන්ට කොටස් තියෙන හින්දා. ඒකට කමක් නැහැ. ඒ අයගේ දේපළ රාජසන්තක කරලා ඒවායින් වන්දි ගෙවන්න...
ආණ්ඩුව කියන්නෙ කළකෛා්ලාහල වලට වන්දි දෙන රක්ෂණ සමාගමක් නොවේ.
කිසිම ආධාරයක් දෙන්න එපා. ගෙවල්වල වටිනාකමට සාපේක්ශව විගනනයක් කර බලන්න ගෙවල් හදාගන්න ලැබුන මුදල් නීත්‍යානුකූලද යන වග.
මේ හුඟක් ගෙවල් හදලා තියෙන්නෙ හොරකං කරපු මහජන මුදල් වලින්. තව දීපල්ලකො වන්දිත්.... අනික, මේ දේපල සහ එ්වායේ වටිනාකම්, මුංගෙ වත්කම්-බැරකම් ප්‍රකාශන වල තියනවද...???
ආ මේක ජනාධිපතිතුමා දීපු මැතිවරණ පොරොන්දුවක් නෙව, ඕව කවුද කවදද කොතැන ද ඉෂ්ට සිද්ධ කළේ?
තඹ සතයක් දෙන්න වටින්නේ නැහැ. හොරාකාපු, කොමිස් ගහපු සල්ලි. අදත් කිරි දරුවන් බඩගින්නේ. බොන්න පිරිසිදු වතුර පොදක් නැතිව මිනිස්සු දුක් විඳිනවා.
හම්බ කරපුවයින් සීයට 58ක් වත් විනාශ කරන්නේ නෑ..
රජකම කෙරුවත් කළකම් පලදේ. සත පහක් දෙන්න එපා. උඹලට අනුන්ගෙන් හොකරම් කරපුව නැති වුණාම ඔහොම දුක නම් අපෙන් උඹලා හොකරම් කරාම අපිට දැනෙන දුක උඔලට දැනෙන්නෙ නෑ නේද ?
මහින්ද මහත්තයාගෙන් ඉල්ලගන්න බලන්න... එතුමා තමයි මේ විනාසෙ මූලිකයා...
මේ හැම අරගලයකටම රාජපක්ෂලගේ බූදලය, දනස්කන්දය වග කිව යුතුයි.
කාලයකට පස්සේ හොද ආරංචියක්.
මෙහෙම කියලා ඇතුළෙන් වැඩේ කරගන්නවා කියලයි ආරංචි..!
පසුගිය ජාතිවාදී කලබල කාලේ අහිංසක දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ගෙවල් ප්‍රාදේශීය දේශපාලකයෝ සහ එයාලගේ ගෝලයෝ ගිණි තිබ්බා. එයාලට කවුද පිහිට වුණේ?
සාධාරණව හම්බ කරපු මිනිස්සුත් ඉන්නවා. එයලට සාධාරණයක් විය යුතුයි. අනික ගිනිතියන්න සම්බන්ද උන අයගෙන් අයකර ගන්න ඕනේ.
ඇයි අර ලොක්කා ජනාධිපති වෙන්න ජන්ද ගන්න අධි සුඛෝපභෝගී නිවාස 104ක් සුද්ද කරලා ගත්තේ. දුන්නේ නැද්ද තවම? ඒවයි මේවයි දෙකක් ඉල්ලන්නේ මෙතන හතර මහා නිධානේ පහාල වෙලා කියලා හිතාගෙනද? මුන්ට තවත් ජන්දේ දෙනවද?