(ඩයනා උදයංගනී)

ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට එම අරගලකරුවෝ ඊයේ (9) රාත්‍රියේ ඒකාබද්ධව තීරණය කළහ.

ඒ අනුව ඔවුන් මේ වන විට අරගලභූමියෙන් ඉවත්ව ඇත.

 අරගල භූමියෙන් ඉවත් වූ නමුත් අරගලය අවසන් වී නොමැති බවත් ඉදිරියේදී නව ජවයකින් යුතුව සමස්ත ලාංකීය ජනතාව සමඟ නව මුහුණුවරකින් පෙරට එන බවත් අරගලකරුවෝ පවසති.

 මේ අතර අරගලයේ දී දිවි දුන් පිරිස් සැමරීමේ වැඩසටහනක් ද ගාලු මුවදොර අරගල භූමියේදී ඊයේ (9) රාත්‍රියේ පැවැත්විණි. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)