(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 97 ක් පමණ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.
රුපියල් කෝටි 50 ක් අරක්කුවලටත් රුපියල් කෝටි 9 ක් බියර්වලටත් රුපියල් කෝටි 38 ක් දුම්වැටි සඳහාත් වශයෙන් මෙම මුදල් වැය කෙරෙන බව එම මධ්‍යස්ථානයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ලංකා දුම්කොල සමාගමේ දත්ත වාර්තා ඇසුරින් මෙම ගණනය කර ඇත.
මෙරට කාන්තාවන්ගෙන් දුම්වැටි භාවිත කරන්නේ 0.1% කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද මධ්‍යසාර භාවිත කරන කාන්තාවන් සංඛ්‍යාව 0.5%ට අඩු යැයි ද එහි සඳහන් වේ.
මෙරට පිරිමින්ගෙන් 34.8% ක් මධ්‍යසාර භාවිත කරද්දී 29.4% ක් දුම් පානය කරන බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලබන කම්කරුවන්. ඔවුන්ගේ දෛනික ආදායමෙන් 60% ක් පමණ වියදම් කරන්නේ මත්පැන් හා දුම්වැටි වලට. ඉතිරි 40% න තමයි මුළු පවුලම නඩත්තු වෙන්නේ. ඉතින් කොහොමද දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ. ඒ දරුවනුත් යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම මේ වසංගත වලට ඇබ්බැහි වෙනවා. දුප්පත්කම නුගත්කම පරම්පරාවෙන් පරමපරාවට උරුම වෙනවා. මිනිස්සු මේ උගුලෙන් ගලවා ගන්න අපේ පාලකයින්ට උවමනාවකුත් නැහැ.
ඉතින් මොකක්ද කරන්න කියන්නේ? ඔයගනනින් 75% පමණ ආණ්ඩුවට ගෙවන බදු නේද? ඉතින් මොන කෙන්ගෙඩියකටද කතා කරලා කනබොන මිනිහගේ ප්‍රෙෂර් නගන්නේ. කඩා ගන්න ගානක් කඩාගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව.
අපේ අය කොහේ ගියත් බේබදු කමට හරි ප්‍රසිද්ධයි. මේ රටවල්වල කොච්චර ඉන්දියන්, පිලිපීන්, පකිස්තාන්, බංග්ලාදේශ් මිනිස්සු හිටියත් ලෝකෙන් උතුම් රටෙන් පැමිණි අපේ අය තමා බේබදු කමට ප්‍රසිද්ධ. අනිත් රටවල මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේ තමන්ගේ දරු පවුල් නඩත්තු කරන්න වියදම් කරද්දී අපේ ගොයියෝ මෙහෙත් කාල බීලා පිස්සු නටන එක තමා කරන්නේ. මම අහලා තියෙන විදිහට කොරියාවෙත් ඒක තමා තත්වය.
ඒ මිනිස්සු එකෙන් මුදා ගන්ඩ වැඩ පිළිවලක් හදන්න ඕනේ !
කවුද ඕකෙන් හම්බ කරන්නේ . සුදු ඇඳගෙන මල්වට්ටි අරන් පන්සල් / පල්ලි යන මන්ත්‍රීලා ටිකයි. අරක්කු කොම්පැනි එකේ අයිති කාරයයි . ඉස්සර නම් ගමේ රා /අරක්කු විකුණන එකා උදේට දැක්කත් මග හැරලා යනවා. දැන් මැති ඇමතිලා ඔක්කොටම බාර් ලයිසොන් ..??? විලි ලැජ්ජයි රටේ අනාගතය විනාශ කරලා කෝටිපතියෝ වෙනවට වඩා හොඳයි වහ කනවා.