මතුගම අලුත්ගම පාරේ මල් ශාලාවක පුද්ගලයකු අරක්කු සමග වැරදීමකින් ෆෝමලින් කලවම් කර බී අද (13) උදේ මිය ගිය බව පොලිසිය කියයි.

මත්පැන්වල සැර අඩු කිරීම සඳහා යොදන ‘සැන්ඩි‘ වෙනුවට මෙම ෆෝමලීන් මුසු කර ඇත්තේ වැරදීමකින් බව පෙනේ යැයිද පොලිසිය පවසයි.