ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර තුනක වැඩ තහනමකට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සිදුකළ දූෂණ පරීක්ෂණවලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇතැයි වාර්තාවේ.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල සකස් කිරීම භාරව සිටියදී තරග ආරම්භ කිරීමට පෙර තණතිල්ලේ ස්වභාවය පිළිබඳ වෙනත් කණ්ඩායම් කලින් දැනුවත් කිරීම, එම කණ්ඩායම්වලට වාසි සහගත ලෙස තණතිල්ල සකස් කිරීම යන චෝදනා වර්ණවීරට එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී පරීක්ෂකයන්ට සහයෝගය නොදීමත් එම නීති රීතිවලට අනුව සහාය නොදීමෙන් පෙනී යනුයේ වරද පිළිගත් බවත් අයිසීසීය ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ණයා හොරෙක්නේ (බ)
මෙයාගේ මෙම ක්‍රියා රිච්මන්ඩ් මහින්ද ආදර වන්තයන්ගේ සටනේදිත් සිදුවුණා . මෙයා මහින්දේ ආදි ශිෂ්‍යයෙක් මෙයා මහින්දේ අයට හරියන්න තණතිල්ල සකස් කරන්නේ . අංක එකේ දූෂිත කෙනෙක් (බ)
කොහොමත් ඉතින් දකුණේ නේ (බ)
අහ් එහෙමද.....මේ රටේ ජීවත් වෙන්නේ මහින්ද මහත්තය නිසා කියල මතක තියා ගනින්....(බ).