මහ බැංකුවේ තවමත් මහින්දලාගේ සහ කබ්රාල්ලාගේ හෙංචයියන් සිටින බවත් ඒ අය දත්ත විකෘති කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මහ බැංකුවේ වත්මන් අධිපති කියලා තියෙනවා රටේ ආර්ථිකය අසාධ්‍ය තත්ත්වයක තියෙන කතාවක්. ඔව්, මහින්ද රාජපක්ෂ අපට බාරදෙන කොට ආර්ථිකය අයිසීයූ එකේ තිබුණේ. ඒ කාලේ වත්මන් අධිපතිතුමාත් ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් කෙනෙක්. ඒ නිසා ඔහුත් වගකියන්න ඕනෑ. අපි අමාරුවෙන් අයිසීයූ එකේ හිටපු ලෙඩා වාට්ටුවට දාගත්තා. ඒ ලෙඩා ඕපීඩී එකට ගේන්න තමයි උත්සාහ කරන්නේ. පසුගිය ජනපතිවරණයට පෙර දින මහ බැංකුවෙන් මුදල් ගෙනගිය හැටි අපි දන්නවා. ජනපතිතුමාත් අගමැතිතුමාත් කියන වේලාවට අපි ඒවා එළියට දානවා‘ යැයි ද මුදල් ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරමක් හොඳවුණාම අයි සි යු එකෙන් වාට්ටුවට දානවා වගේම එ්කේ තවදුරටත් තියාගෙන වැඩක් වෙන්නේ නැතිවුණාමත් වාට්ටුවට දානවා. (නි)
මුදල් ඇමති කියන විදියට මහ බැංකුවේ වත්මන් අධිපති වැරදිකරුවෙක් නම් වහාම පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට කරුණු දක්වා එතුමාව ඉවත්කිරීමට කටයුතු කරනවා ඇරෙන්න මේ විදියේ රඟපෑම් කරන්න එපා. ඔබතුමන්ලාගේ නොහැකියාව වසර 2 පුරාවටම අපි දැක්කා. (නි)
එක කොම්පැනියක් නම් අයි.සී.යු එකෙන් ගෙදරටම ගෙනාවා! ගෙදර හිටිය අපි ටික එලොවම යැව්වා. (නි)
තමුන්නාන්සෙලා කරලා තියෙන්නේ ජනතාව අයිසීයූ එකට දාපු එකයි. කරන්න බැරිනම් දමලා ගහලා යන එකනේ තියෙන්නේ. හැමඑකටම මහින්ද! බොරු බයිලා ගහන්න එපා. ජනතාව මෝඩ නැහැ (නි)
සමහරුන්ට ඇත්ත කියනකොට හරියට රිදෙනවා. තිත්ත වුණත් ඇත්ත ඇත්තමයි (නි)
ලස්සන ලස්සන වචන දාලා කතා නම් කියනවා (නි)
අනේ ඉතින් මොානවට කියනවද ඔයාලගේ කතා ගැන? (නි)
රටේ ආර්ථිකයද, නැත්නම් තමුන්නාන්සේලාගේ තිබුන ආර්ථික තත්වයද ගොඩදාගත්තේ? (නි)
අනේ මුදල් ඇමතිතුමනි, කලින් සිටි මහා බැංකුවේ අධිපතිතුමා කරපු දේවලුත් ටිකක් කියන්නකෝ. (නි)
අනේ නුඹලා වගේ රජයක්! මහ බැංකුවම හොරාකෑවා (නි)
දහම්, මෝඩ කතා කියන්න එපා. හොරා කවුද කියලා අපි දන්නවා (නි)
අපොයි ඔව්! ලොතරැයි විකුණන අයවත් කළමනාකරණය කරගන්න බැරි කට්ටියනේ! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එදා රු 130 ට තිබුණු ඩොලරය අද 150ට පැනලා. ගෙවන්න තියන විදේශ ණය ප්‍රමාණය මේ නිසා දවසින් දවස ඉහළ යනවා. අපිට නම් පෙනෙන්නේ ආර්ථිකය අයි.සී.යු. එකෙන් මෝචරියට ගෙනිහින් විතරක් නොවේ එතනින් ආදාහනය කරන්න කනත්තටත් ගෙනිහින් ඉවරයි කියලයි (නි)
දැන් ඔයාලව දාන්න ඕනෑ අයිසීයූ එකට. (නි)
අම්මපා! මේ වගේ කතා කියන ඇමතිවරු හිටපු රජයක්. බැරි බව කිව්වා නම් ඉවරයිනේ. මේක හරි වදයක්නෙ අපිට. අඬනහිරියෝ වගේ අඬන එකම තමයි වැඩේ (නි)
මෝචරියටම දාලා ඉවරයි දැන් (නි)
නිසි කළමනාකරණයක් නැතිව අයි සී යූ එකෙන් වාට්ටුවට දැම්මම ලෙඩා ඊළඟට යන්නෙ වළපල්ලට බව මෙතුමාට නොතේරුණත් අපට නම් තේරෙනවා. මේවා සුන්දර කතා. අපේ රට පවු. (නි)
අපේ රටේ බඩු මිල අඩු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බැහැ කියපු මුදල් ඇමතිවරයෙකුත් හිටිය බව බොහොම දෙනෙකුට අමතක වෙලා වගේ. රොනී ද මෙල් මහත්මො වගේ මුදල් ඇමතිවරුන්ගෙන් මිසක් අපේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ. (නි)
ඇත්තටම හරිම සුන්දර කතාවක්. 'පසුගිය ජනපතිවරණයට පෙර දින මහ බැංකුවෙන් මුදල් ගෙනගිය හැටි අපි දන්නවා. ජනපතිතුමාත් අගමැතිතුමාත් කියන වේලාවට අපි ඒවා එළියට දානවා‘. ඉතින් අපි හැමෝම දන්නවනේ මහ බැංකුවෙන් මුදල් ගෙනියන්නේ දවාලට බවත් එය ජනපතිවරණයට පෙර දින හෝ එදින හෝ ඊට පසු දින හෝ බැංකු නිවාඩුවක් නොවන ඕනෑම දිනක සිදුවන බවත්. මොකද අනෙකුත් මුල්‍ය ආයතනයකට වීශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් ඒවා ලබාගත යුත්තේ මුදල් නිකුත් කරන සහ සංචිත මුදල් තියෙන ස්ථානය වන මහ බැංකුවෙන් නිසා. (නි)
ඔබතුමා ළඟ තිබෙන දන්න දේවල් වහාම හෙළිකළ යුතුයි. ඒවා ජනපති හෝ අගමැතිතුමාගේ සල්ලි නෙමෙයි. රටේ ජනතාටගේ සල්ලි. (නි)
එතකොට අයිසීයූ එකේ ඉන්නකොට ලෙඩාගේ ලේ ටික උරාබිව්වේ ලෙඩාව වාට්ටුවට දාන්න ඕනෑ නිසා වෙන්න ඇති. (නි)
පසුගිය ජනපතිවරණයට පෙර නෙමෙයි මුදල් අරන් ගියේ, ඊටපස්සේයි අපි දන්නා විදිහට නම් (නි)
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා අපි කියන්නේ ඕවට තමයි. (නි)
අයිසීයූ හිටිය කාලේ සැපයි අපිට නම් (නි)
හිතාගෙන ඉන්නවා ඇත්තේ එහෙම තමයි (නි)
ලක්ෂ 62ට වෙනස සැපයිද දැන්? (නි)
වාට්ටුවට නෙමෙයි, මෝචරියට දාලා (නි)
අයි සී යු හිටපු ලෙඩා වාට්ටුවට දැමීම කොහොම වෙතත් එයාගේ වකුගඩු දෙකයි හෘදය වස්තුවයි ගලවාගත්ත කියලා නම් දන්නවා. (නි)
අයිසීයූ එක හොදයි වාට්ටුවට වඩා.........(හේ)
අයි සී යූ එකේ තිබුන ආර්ථිකය වාට්ටුවට නෙමේ දලා තියෙන්නේ මෝචරියට. (හේ)
කමල්,හොරාව දන්නව කිය කිය ඉන්නෙ නැතිව පුරුෂ ධෙෙර්ය හිතට අරගෙන කෙලින් ඉදිරිපත්වෙලා හොරාව අල්ලල දෙන්නකො.මොකද දැන් අවුරුදු දෙකක් තිස්සේ මුළු රටම ඔය කියන හොරාව හොයනව. (බ)
අයි සි යු දාන්න ලෙඩක් තිබුනෙම නැහැ. හොදට බලා කියාගෙන ඉන්නකොට තමයි අර මගඩිය කරලා එයාව ලෙඩ කෙරුවේ.ඉහෙන් බහින අමාරුවක් නැතිව උන්න කෙනා ලෙඩ කරලා දැන් එනවා පච ගහන්නත්. ඒ මදිවට සල්ලි එලියට ඇද්ද කියලත් කියනවා. ඇයි ඕක ඔච්චර හංගන්නේ. දානවකෝ එලියට මහජනතාවට දැනගන්නත් එක්ක. (බ)
අම්මපා.. එතකොට මහා බැංකුවේ තිබ්බ ඒවා කොහෙටද දැම්මේ? (බ)
හොරකම් කළ එක සතයක් නැවත ගන්න බැරි වුන . ඔබලගේ හොරකම් එසේමයි. අන්තිමේදී ජනතාවගේ ජීවන තත්වය එකතැන (බ)
අනේ අපේ රටට ගිය කලක්. මෙහෙම අය කොහොමද ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ. හොරා කන එකයි, බොරු කෙලින එකයි විතරයි දන්නේ. (බ)
ආර්ථිකය අයි.සී.යු එකෙන් වාට්ටුවට අරන්, ජනතාවව වාට්ටුවෙන් අයි.සී.යු. එකට දැම්මා. සමහරුන්ව අයි.සී.යු එකෙන් මෝචරියටත් මාරුකරලා යවලා ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයිනම් මොකෝ... නේද මුදල් ඇමතිතුමෝ..(බ)
රටට ආදරයක් තිබෙන දේශපාලකයෙක් නම්, ගෙනගිය මුදල් ගැන දන්නවා නම් මුදල් ඇමතිට වගකීමක් තිබෙනවා වහාම ඒවා පිළිබඳ පරීක්ෂණ කර වැරදිකරුවන්ට විරුද්ධව නඩු පවරන්න. නැතුව තම දේශපාලන කාලසටහනකට අනුව වැඩ කරනවා නම් ඉතා නරකයි (නි)
අනේද කියන්නේ.....? (නි)