ලංකා ධිවර සංස්ථාවට අයත් හම්බන්තොට විධායකය හා අයිස් යන්ත්‍රාගාරයේ සේවකයන්ගේ ජුනි වැටුප මෙතෙක් ගෙවා නැතැයි එහි සේවකයෝ පවසති.
තමන්ට ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු වැටුප් ලැබෙන්නේ වැටුප් දිනය වු 25 වැනිදා පසුවී දින දහයක් පමණ ගත වු පසුව බවත් මේ මාසයේ වැටුප තවමත් නැති බවත් එහි සේවකයෝ පවසති.
හම්බන්තොට අයිස් යන්ත්‍රාගාරයේ හා විධායකයේ සේවක සේවිකාවෝ 28 දෙනෙකු සේවය කරති.
වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කොට තිබියදි නොගෙවා සිටීමෙන් සේවක පිරිස් හා ඔවුන්ගේ පවුල් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිතියි ද ඔවුහු කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd