මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව 2017 සඳහා සම්මත කරගැනීමට කටයුතු කරන අය වැය ණය, දඩ, බදු හා ගාස්තුවලින් ඍජුවත් වක්රවත් ජනතාව පෙළන ජනතා දේපල විකුණන වැඩකරන ජනතා අයිතීන් අහෝසි කරන අයවැයක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද (30) කොළඹ කොටුවේ පැවති අත් පත්‍රිකා බෙදාදීමකට එක්වෙමින් පැවසීය.
‘විවිධ කප්පාදු නිසා රට පුරා වෘත්තීය සමිති මේවනවිට පාරට බැහැලා තියෙනවා. අද වෛද්‍යවරු පාරට බැහැලා තියෙනවා. හෙට පෞද්ගලික බස්, ත්‍රී රෝද, ලොරි, පාසල් වෑන් වැඩවර්ජනය කරනවා‘ යැයි ද ලාල්කාන්ත මහතා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එනවා ජයවේවා (බ)
මේකට සමස්ත ජනතාවම පාරට බහින්න ඕනෑ. බැරිදේවල් කරන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙකුට ආණ්ඩුව දුන්නා නම් ජනතාවට සෙතක්. ජනතාව සිංගපූරුවේ වැටුප් ලබනවා කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ? මේ වගේ දඩ පනවන්න නම් ඒකපුද්ගල අදායම තියෙන්න ඕනෑ රු.500000 ක්වත් මාසෙකට. (නි)
මහජන සේවාවන් සඳහා මුදල් අඩුකර මහජනතාවට පීඩාකාරි ලෙසට දඩ බදු වැඩිකර ජනතාවගේ ලේ උරාබොන මෙම දේශපාලකයයිට තවත් රැවටෙමුද? සීනි රු 2 කින් පරිප්පපු රු 5 කින් අඩුකර ඔවුන්ට කෝටි ගණන් වටිනා වාහන! (නි)
අමුතුවෙන් බහින්න දෙයක් නැහැ. දැනුත් ඉන්නේ පාරෙනේ..... (නි)
දැන් නුඹලා ඔය ආණ්ඩුවට සහයෝගය දුන්නෙම නැද්ද රට කන්න? උදවුකරලා දැන් බොරදියේ මාලු බානවා. වෙස් මුහුණු බැඳන් අාවට අපි නැහැ රැවටෙන්නේ (නි)
ලංකාවට සුදුසු පාලන ක්‍රමය! සියල්ලෝම (දොස්තරලා , ඇමතිවරු, පොලිස් රාළහාමිලා, බස් වැඩකාරයෝ, ටැක්සිකාරයෝ, පොල් කඩන්නෝ, කපුරාළලා) පාරට බැහැලා බුලත්විට කකා එකිනෙකාට සටන් පාඨ කියමින් කල්ගත කරන්න. එසේ නොකරන උදවිය උසාවියට ගෙනගොස් රිමාන්ඩ් කරන්න. තවත් ඉතුරු අය උලතියන්න. (නි)
නිකන් බොරු නොකර රටේ වියදම් බදු ගහන්නේ නැතුව හොයා ගන්න විකල්පයක් ඉදිරිපත් කරන්න. (නි)
පහන්, කමල්, ඔබ දෙපලගේ අදහස් සත්‍යයයි. (නි)
අපි කුඩාකල සිට අද දක්කවා,ජිවත් වන්නේ ආණ්ඩුවේ හෝ පෞද්ගලික පඩියෙන් නොව විදෙස් මුදලින් අපිත් අය වැයට විරුද්ධයි (බ)
තිස්ස, මිනිස්සු නොවෙයි උල තියන්න ඕනෑ, අර පාර්ලිමේන්තුවේ හැමඑකටම අත උස්සන අයවයි. (නි)
අැත්තටම මේ රාජ්‍ය දේපල හෙවත් මහජන දේපල විකුණන්නේ හෝ වසර 25ට වඩා බදු දෙන්නේ නැතුව ඉන්න බැරිද? මේ 225 දෙනාම කැමති වුණත් විකිණීම නීතිවිරෝධියි. මේක කරන්න ඡන්දෙ ඉල්ලන්න පත්වෙන්න ඕනෑද? (නි)
රටේ ගැටලුව තමයි මොළේ තියන අය දේශපාලනය නොකිරීම. ඉන්න උගත් අයත් පොළවේ පස්පාගපු අය නොවීම. රටක සංවර්ධනයේ ප්‍රධානම සාධකය නායකත්වයයි. අපි රනිල්ගෙන් ඒක අපේක්ෂා කළා. ඒත් ඉතා කණගාටුදායක විදියට අපි රැවටුණා. මහජනතාවට දරන්න බැරි බදු ගහලා රටේ මුදල් උපයන්න පුලුවන් සියලුම සංවර්ධන වැඩ අඩාල කරගෙන, දූෂිතයින් පාර්ලිමේන්තුවේ තියාගන, ඒ මදිවට විශාල වශයෙන් ඔවුන්ගේ දීමනාවන් වැඩිකිරීම වැනි දේ වලින් පෙනෙන්නේ කුමක්ද? මොනවා නැතිවුණත් මහින්දට රට බේරාගත් සේනාධිනායක හැටියට ලාංකිකයින්ගේ ගෞරවය තියනවා. (නි)
කමල්, ඇයි මිනිස්සු වැරදි කරන්නේ?මෙම දඩ මුදල නිසා ජීවිත කීයක් බේරෙනවද?ඔයාලා ඇයි මෙච්චර නූගත්. වෙන රටවල මෙහෙම නෙමෙයි දඩ ගහන්නේ. එ්කනේ ලංකාව එක තැන පල්වෙන්නේ (නි)
දැන් නිදහස තියෙනවා කියල හැම එකටම කෑගහන්න එපා. සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න මිනිසුන්ටත් පුරුදු කරන්න. (නි)