වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.
වහාම සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වර්ජනයකට එළැඹීමට සිදුවන බව ද එහි වගකීම අයවැය නිර්මාතෘ මුදල් ඇමැති භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
මේ අතර අනුරාධපුර රෝහල ඉදිරිපිට දී ද අද(28) වෛද්‍යවරු පිරිසක් අයවැයට එරෙහිව උද්ඝෝෂණයක් කළහ.
දිවයින පුරා පැවැත්වූ මෙම විරෝධතා ව්‍යාපාරය සාර්ථක වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
දිවයින පුරා හෙට(29) අයවැය ගැන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වන බව ඔහු කීය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
ඡායාරූප - දයාරත්න ඇඹෝගම








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බැහැ. ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගියා. වෛද්‍යවරුන්ගේ සහ රෝහලේ ගාස්තු දෙකම වැඩි කරලා. එ්වට නම් කවුරුත් කතා නැහැ (නි)
අයවැයට සහ බදු බරට, තකතීරු දඩ වලට සමස්ත ජනතාවගේම අප්‍රසාදය! ජනතාවට දුන් පොරොන්දු තියා දැන් තිබුනදේත් නැහැ. ඡන්දෙකින් නම් බලයේ ඉන්න හිතන්නවත් ඉඩක් තියලා නැහැ මේ ආණ්ඩුව. (නි)
ඕව නොකර රෝගීන්ට ප්‍රතිකාර කරන්න .රට කරවන අයට එ්ක කරන්න දෙන්න (බ)
අනේ අපිට බිල් එපා ඔයාල කැමති ගණනක් අරගන්න ප්‍රයිවට් ඕන තරම් කරගන්න . මේ පොටෝ වල ඉන්න අයගෙන් බෙහෙත් නොගෙන මොවුන්ව ප්‍රතික්ෂේප කරන්න (බ).
කරුණාකර කියන්න ඔබලා පුද්ගලික චැනල් වලින් හම්බන්කරන මිලියන ගණන් අදායම් වලින් අවංකව රජයට බදු ගෙවනවද කියල ? බෙහෙත් මිල අඩු කරන්න කියල වගේ දෙයකට මේගොල්ල කවදාවත් පාරට බහීද ? (බ)
වෛද්‍යවරුන් සහ ජනතාව එකම මතයක...(බ)
අය වැයෙන් මේ ඉතා අසරණ චැනල් දොස්තර කාරයින්ට වැදිලා ඇති. දුප්පතෙකුට නිකන් බෙහෙතක් දෙන්න හිතක් පපුවක් නැති සමහර දොස්තරලා තමන්ගේ පඩි වැඩි කර ගන්න කර ලාබෙට ගන්න ළමයි අසාධාරණ ලෙස ලොකු ඉස්ල්කොලවලට දා ගන්න පාරට බහින හැටි අපුරුයි නේ. (බ)
මොනව ද මේ මහත්වරුන්ගේ ඉල්ලීම් (බ)
මේ රජය පරණ කැලැසිකල් මෙතඩ් එකේ මෙන්ම ෆිස්කල් මෙතඩ් එකේ සාධනිය දේවල් අතහැරලා නරක පැත්ත විතරයි අරගෙන තියෙන්නේ... ඒකට හොදම නිදසුන තමයි .. රජයේ වියදම් සීමා කර තිබෙන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ..නමුත් ආනයනික භාණ්ඩ සදහා දිරි ගැන්වීම් කර තිබෙනවා,,, එමගින් රටේ විදේශ විනිමය අනුපාතය ඉහල යන අතරම අය වැය පරතරය වැඩිවෙනවා... එමෙන්ම වැඩිවශයෙන් බදු ඉහල දැමීමෙන් රටේ මහජනයාට ජීවත් වෙන්න බැරි තරමට ජීවන වියදම වැඩිවෙනවා ..(බ)
මිනිසුන් වැරදි කෝණ වලින් බලන තාක් රටේ එකමුතුවක් හදන්න බෑ. (ම)
තමන්ට හිතු මතේ වැඩි කර ගන්න පුද්ගලික චැනල් ගාස්තුව අඩුකරන්න කියලා මහජනතාව පාරට බහින්න ඕනේ.(හේ)
ඔබ ඔබේ රාජකාරිය හරියට කරන්න අසරණ රෝගීන් තවත් නොපෙළා. හැබැයි පුද්ගලික වෙදකමට නම් වර්ජන නැහැ.(හේ)
වැඩක් වෙන්නේ නෑ(හේ)
ජනප්‍රිය තීරණ අරගෙන රට අමාරුවේ දාපු එක තම අද වෙනකල් ආණ්ඩු කළේ දැන්වත් සැලසුමකට ගියොත් හොදයි, දොස්තරලා නම් දැන් කාක්කෝ වෙලා ඉන්නේ (බ)
අපිට බදු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න කෝටී 79 මේ වාහන ගන්න යන්නේ දැනට කරත්ත වලින් යන අයට නෙමේ දැනටමත් ආදී සුකොපබෝගී වාහන වලින් යන අය. ඒවා පරනලු ඒවා පාවිච්චි කරලා ජනතාවට සේවය කරන්න බැහැලු මුන් හැමෝටට වහින වේලාවන් වලට එළියට බහින්න එපා කියන්න ඕනි (හේ)
හොදට මුහුණු බලාගන්න .මොවුන්ගෙන් බෙහෙත් ගන්න යන්න එපා . (හේ)
මේවා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් නෙමෙයි. දේශපාලන යටිකූට්ටු වැඩවල ඉත්තෝ වෙන්න එපා දොස්තර මහත්වරුනි. (නි)
මේ වෛද්‍යවරු කෑගහන්නේ පඩි වැඩිකර ගැනීමට නොව අසාධාරණ බදු වලට එරෙහිවයි (නි)
මේ අයට හැමදාම විශේෂ සැළකිලි ඕනෑද? මේ අයට පිස්සුද? බොරු එට්කා භීතිකාවක් හදලා දැන් මේ අයට බදු නැති කරන්නලු... (නි)
දොස්තර මාෆියාව අප ගණන් ගතයුතු නැහැ. (නි)