IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘අයවැය සම්මත වුණත් සමහර යෝජනා ක්‍රියාත්මක වෙන්න දෙන්නෑ‘

රාජ්‍ය බැංකු කෙරෙහි අහිතකර ලෙස බලපාන අයවැය යෝජනා ක‍්‍රියාත්මක වීමට නොදී පරාජය කැරැවීමට ඉදිරියේ දී ක‍්‍රියා කරන බව සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මෙවර අයවැයෙහි ඇති යෝජනා මගින් රාජ්‍ය බැංකු කෙරෙහි ඇති ජනතා විශ්වාසය හා සම්බන්ධතාවය බිඳ දමා අනාගතයේ දී ඒවා පෞද්ගලීකරණය කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව සමරසිංහ මහතා සඳහන් කළේය.

එම යෝජනා සහිත අයවැය පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත්තද ඒවා ක‍්‍රියාවට නැංවීමට නම් නීති සම්පාදනය කළ යුතු බව ද කී සමරසිංහ මහතා අදාළ නීති සම්පාදනයට කිසිසේත් ඉඩදෙන්නේ නැතැයි කියා සිටියේය.

රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සහ ඒවායින් වන බලපෑම් පිළිබඳව බැංකු සේවකයින් සහ ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ජනවාරි 1 වැනිදා සිට ආරම්භ කරන බව ද සභාපතිවරයා කීවේය.



අදහස් (0)

‘අයවැය සම්මත වුණත් සමහර යෝජනා ක්‍රියාත්මක වෙන්න දෙන්නෑ‘

සචිත් Sunday, 20 December 2015 01:39 PM

ඒ දේට ජනතාව විදියට අපිත් එකඟයි.(හේ)

:       0       0

අසේල Monday, 21 December 2015 05:16 AM

අපිද ඔබලාගේ අදහසට එකඟයි. ජයවේවා!(හේ)

:       0       0

දහම් Sunday, 20 December 2015 03:32 PM

මේ ආණ්ඩුව නැති ලෙඩ දාගන්නේ ඇයි? (හේ)

:       0       0

විදානේ Sunday, 20 December 2015 08:18 PM

ලංකාවේ රාජ්‍ය බැංකු ලාබ ලබන ආයතනද? ලෝකෙටම ණයවෙලා ඉවරයි. තව මේගොල්ලන්ට ඉල්ලන දේවල් නිකම්ම දෙන්න පුලුවන්ද? කිසි රාජ්‍ය සේවකයෙක් හරියට වැඩ කරන්නේ නැහැ. වැඩක් කරගන්න ගියාම කාලය කාදමමින් ඉන්නවා. නමුත් වෙලාවට ඉල්ලන දේවල් දෙන්න ඕනෑ. මේවටයි වෙන නාස්තියටයි දුෂණයටයි වගකියන කෙනෙක් නැහැ. හැමදේටම දේශපාලකයන්ට ඇඟිලි දික්කරනවා. (නි)

:       0       0

හිමාල් Monday, 21 December 2015 03:12 AM

ඔය මොනවත් නෙවෙයි. මේ කෑ ගහන්නේ තරගයට මුහුන දෙන්න බැරිව.තමන් හරියට බැංකු සේවා දෙනවා නම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ.(ම)

:       0       0

බණ්ඩාර Monday, 21 December 2015 03:25 AM

මේ අයවැය අමානුෂික අයවැයක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site