රාජ්‍ය බැංකු කෙරෙහි අහිතකර ලෙස බලපාන අයවැය යෝජනා ක‍්‍රියාත්මක වීමට නොදී පරාජය කැරැවීමට ඉදිරියේ දී ක‍්‍රියා කරන බව සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙවර අයවැයෙහි ඇති යෝජනා මගින් රාජ්‍ය බැංකු කෙරෙහි ඇති ජනතා විශ්වාසය හා සම්බන්ධතාවය බිඳ දමා අනාගතයේ දී ඒවා පෞද්ගලීකරණය කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව සමරසිංහ මහතා සඳහන් කළේය.
එම යෝජනා සහිත අයවැය පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත්තද ඒවා ක‍්‍රියාවට නැංවීමට නම් නීති සම්පාදනය කළ යුතු බව ද කී සමරසිංහ මහතා අදාළ නීති සම්පාදනයට කිසිසේත් ඉඩදෙන්නේ නැතැයි කියා සිටියේය.
රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සහ ඒවායින් වන බලපෑම් පිළිබඳව බැංකු සේවකයින් සහ ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ජනවාරි 1 වැනිදා සිට ආරම්භ කරන බව ද සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දේට ජනතාව විදියට අපිත් එකඟයි.(හේ)
අපිද ඔබලාගේ අදහසට එකඟයි. ජයවේවා!(හේ)
මේ ආණ්ඩුව නැති ලෙඩ දාගන්නේ ඇයි? (හේ)
ලංකාවේ රාජ්‍ය බැංකු ලාබ ලබන ආයතනද? ලෝකෙටම ණයවෙලා ඉවරයි. තව මේගොල්ලන්ට ඉල්ලන දේවල් නිකම්ම දෙන්න පුලුවන්ද? කිසි රාජ්‍ය සේවකයෙක් හරියට වැඩ කරන්නේ නැහැ. වැඩක් කරගන්න ගියාම කාලය කාදමමින් ඉන්නවා. නමුත් වෙලාවට ඉල්ලන දේවල් දෙන්න ඕනෑ. මේවටයි වෙන නාස්තියටයි දුෂණයටයි වගකියන කෙනෙක් නැහැ. හැමදේටම දේශපාලකයන්ට ඇඟිලි දික්කරනවා. (නි)
ඔය මොනවත් නෙවෙයි. මේ කෑ ගහන්නේ තරගයට මුහුන දෙන්න බැරිව.තමන් හරියට බැංකු සේවා දෙනවා නම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ.(ම)
මේ අයවැය අමානුෂික අයවැයක්.(ම)