IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින්   පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.

විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක්  පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා  සහ  සමගි ජන බලවේගය සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා   විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ  දෙමළ ජාතික සන්ධානය  යන පක්ෂ වල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරුද්ධවය.

අලි සබ්රි රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩීජේ  සෙනෙවිරත්න අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 14 වැනිදා ආරම්භ විය. එම විවාදය අවසන් කෙරුණේ ඊයේ දිනයේය.

ඒ අනුව දෙවැනි වර කියවීමේ විවාදය දින අටක් පැවැත්විණ.



අදහස් (2)

අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි

විපරමා Tuesday, 21 November 2023 10:00 PM

කොහොමටත් පොහොට්ටුවෙ ඉන්න දූෂිත රැළ අයවැයට පක්ෂව චන්දෙ දෙන බව අපි නම් දන්නවා.මුලුරටම දූෂිත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       1       2

Rata Perata Tuesday, 21 November 2023 10:20 PM

චන්ද දායකයෝ මේ විකාර වලට පක්ෂව චන්දෙ දෙන අය ගැන හොඳ අවධානයෙන් ඉන්න

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site