‘‘ අයවැය මල්වෙඩි සංදර්ශනයක් වගේ. සද්දෙ දාගෙන පාට පාටින් පුපුරලා ගියා. ඒ වෙලාවේ හැමෝම හුරේ කියලා, අත්පුඩි ගහලා මේ ආශ්චර්යය දැකලා සන්තෝෂ වෙනවා. නමුත් අන්තිමේ දී ඉතුරුවෙන කිසිම දෙයක් නැහැ. සද්දෙයි පාටයි අර ඉරටු කෑල්ලයි විතරයි. අත්පුඩි ගහන අයටත් පස්සෙ තමයි තේරෙන්නේ තමන් දැකපු දේ අර්ථයක් නැහැ නේද කියලා ‘‘ යැයි අද ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේය.
ඔවුන් පවසන්නේ මෙවර අයවැයෙන් ධීවරයන් නොසළකා හැර ඇති බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයවැයේ දී ධීවරයන් වෙනුවෙන් එක් මල්වෙඩිල්ලක් හෝ පත්තුකැර නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඔහු මෙසේ ද කීවේය.
‘‘ අයවැය සෑදීමට පෙර අපි අගෝස්තු මාසේ හයවැනිදා ජනාධිපතිතුමාට අපේ ඉල්ලීම් පහක් ලබාදුන්නා. ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු කරුණු රැසක් එහි අඩංගු වුණා. නමුත් මේ ගැන කිසිම සැලකීමක් කරලා නැහැ. ධීවරයන් 250,000ක් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ලක්ෂ 15ක් ලංකාවේ ඉන්නවා. මේ නොසළකා හැරීම සුළුපටු දෙයක් නොවෙයි. “
මේ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති හා දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මෙසේ කීවේය.
“අයවැයෙන් ධීවරයන් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ දශම තුනක් වැනි සුළු මුදලක් පමණයි. එහිදී මිරිදිය ධීවර ගම්මාන 1000ක් සෑදීමට රුපියල් ලක්ෂ 2000ක් වෙන්කරලා. එක ගම්මානයක් රුපියල් ලක්ෂ දෙකකින් හදන්න පුළුවන ද ? විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 50යි. මේ මුදල්වලින් වැඩ කරන්න බැහැ. නමුත් අපේ ධීවරයන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සියයට හතක දායකත්වයක් ලබාදෙනවා. ඔවුන්ට අයවැයෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැළකිලි. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර මහා උජාරුවට අය වැය ගැන පාරම් බාපු උත්තමයෝ ටිකයි ඒ අයට කඩේ ගිය මෝඩයෝ ටිකයි ....(අ).
ජයවේවා ඔබතුමාට! (නි)
අර අපේ බන්දුල පෙරේරා කඩේ යන්නේ කාටද කියලා හිතනකොටත් දුකයි (නි)
මොනවා වුණත් මේක නම් නියම කතාව... (නි)
කටේ මසුරන් දාන්න වටිනා කියමනක්. එකම අඩුපාඩුව මේක මල් වෙඩිල්ලක් කියලා කියපු එක. නමුත් මේ තීරුවට ලියන "පුංචි වීරයෙක්" වරද නිවැරදි කර තිබෙනවා. අන්තිමට මේක පුස් වෙඩිල්ලක් තමා. (නි)
ජනතා විමුක්ති පෙරමුණට මේක මල් නෙවෙයි මරු වෙඩිල්ලක්.මෙයාලා ජනතාවට කිසිම සහනයක් දෙනවට කැමති අය නෙවෙයි.අද ලැම්බොගිනි ගැන කථා කරනවා.එදා අපිට යන්න තිබුන ලංගම බස් එකත් ගිනි තිබ්බා.මෙයාලට කඩේ යන අය හිතාගෙන ඉන්නෙ අපි තමයි බුද්ධිමත් අනිත් අය මෝඩයො කියලා.එකනේ නිතරම ජනතාව අන්දන්න බලන්නෙ. (ස)
අධ්‍යාපනේට,සෞඛ්‍යයට,සංවර්ධනයට, අරකට, මේකට දීලා දැන් ඔයාලටත් දුන්නාම අපේ ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු, පලාත්, ප්‍රාදේශීය සභා මැති, ඇමති ලාට මොනවද දෙන්නේ? එයාලටම 80% ක් වත ඕනෑ.ඔයාලත් ඔය කර්මාන්තේ අතඇරලා ලැම්බෝගිනියක් අරන් නයිට් රේස් පැදලා හම්බුකොර ගන්නවලකෝ. අගමැති තුමත් කීවෙ අර වඳුරොන්ට පුලුවන් කියලා. (අ)
අනේ අනේ මෙයාලට ඔක්කොම නිකන්ම ඕනේ කාලකන්නි මිනිසුන් නිසා තමා ඔක්කොම මෙයාල අත පය නැති අයවගේ. (අ)
මල් වෙඩිල්ලක් නොවෙයි පුස් වෙඩිල්ලක්. (අ)
මේ අයවැයෙන් අධයාපනයට මොවද දුන්නේ 6%ක් වෙන්කරන්න කියල රටම කියද්දී අහක බලාගත්ත ඒ බර දෙමුපියගේ කරේ තිබ්බ.(බ)